ලස්සන බස් ත්‍රීවිල් බයික් ගැණ ගැණ 1.30 ට ඉස්කෝලෙ ඇරිලත් 3-4 වෙනකල් ලකඩං කාර් එකක් එනකල් ගේට්ටුව ළඟ මුකලන් බස්සො වගේ බලන් හිටිය මිනිස්සු බං අපි.
අදටත් අප්පිරියයි... ජීවිතේම කාර් ලොකු ගෙවල් හොයන මිනිස්සු අස්සෙ කාර් එපා කියන කෙල්ලෙක් වුණේ ඒක වෙන්නෝනෙ. සමහර විට එයා අසරණ වෙනවා ඇති දෙමව්පියො Car එකේ යන්න කියන ගමන් බිමන් මග හැරලා මම ගෙදර ඉන්න බලද්දි. දූවිලි කන්නා වගේ හුළඟ විඳගෙන බයික් එකේ යන්න තමා ආසම... ඒකත් හෙල්මට් එකේ වයිසර් එකත් ඇරගෙන
සින්දුවක් කියාගෙන 


වාහන වලට ඉතිං ආසම නෑනෙ. ඔන්න ඉතිං ඒ කාලෙ ආදරේ කියන් ආව එක පිරිමි ළමයෙක්ගෙන් මං ඇහුවා ඔයා රස්සාවක් කරලා ජීවිතේ ඉස්සෙල්ලම කරන්න බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියලා...
"මං ඉස්සෙල්ලම ගන්නෙ කාර් එකක් "
එයාගෙ ආසාව මට ගැලපුණේ නෑ. එයා පළවෙනි Car එකත් දෙවනි Car එකත් අරන් ආවා මාව බලන්න. ඔව් ඔහු හරිම උත්සහවන්තයි... පසු කලක ඔහු හොඳ උගත් යහපත් යුවතියක් සමග විවාහ වී මට කතා කලා...
"Wedding එකට ලක්ශ 30ක් විතර ගියා ඉතිං. හොඳ සරළ කෙල්ලෙක්. වැඩි විච්චූර්ණ නෑ... අපි ගෙයක් කුලියට අරන් වෙනම ඉන්නවා
...

.
ඔව් ඉතිං ගැලපුණේ නෑ...
කවදාවත් ගැලපෙන්නෙත් නෑ... මං නම් අලි ටොක්කක් ඇනලා මගුලයි වාහනයි පැත්තක තියලා ගේ හදාගෙන ඉන්න කියනවා
මං කැමති අනික් මුලු ලයිස්තුවම ඒ කෙනාට තිබ්බත් සිතුම් පැතුම් ගැලපුණේ නැති නිසා වැඩේ හරි ගියේ නෑ...



.
කැම්පස් එකේ රැග් කරන්න ආව අක්කා කෙනෙක් මගෙ එහා පැත්තෙ හිටිය පිරිමි ළමයා පෙන්නලා ඇහුවා... උඹ මේ කොල්ලව බඳින්න කැමතිද? මම කිව්වා නෑ කියලා... හේතුව මොකක්ද ඇහුවා... 

"එහෙම දකින දකින කෙනෙක්ට කැමති වෙන්න බෑනෙ අක්කා...
ඒකට ඉතිං හිත යන්න ඕන, හැඟීමක් තියෙන්න ඕන ඒ මනුස්සයා ගැන. අනික මං කැමති වෙන්නෙ මට අවශ්‍ය සුදුසුකම් තියෙන කොල්ලෙක්ට" කියලා...


.
මං කැමති AL වලට Science කරලා මොනාම හරි උපාධියක් තියෙන පිරිමි ළමයෙක්ට. ඒ වගේම වැඩිය කතා බහ නැති අහිංසක, කරුණාවන්ත ඉවසීම උපරිම තියෙන කෙනෙක්ට... මිනිස්සුන්ට උදව් කරන්න කැමති බොහොම සරළ කෙනෙක්ට. තැනට සුදුසු විදිහට ඉන්න දන්න කෙනෙක්ව. සාමාන්‍ය ප්‍රසන්න පෙනුමක් තිබ්බම ඇති.






.
එතකොට උඹට රස්සාව ගෙවල් දොරවල් යාන වාහන අවුලක් නැද්ද?
.
නෑ... ඒවා අපිට හදාගන්න පුලුවන්. අනික මං ආස පොඩිම පොඩි ගෙයකට. මං ආස නෑ ලොකු wedding ගන්න. මම කාර් වලට ආස නෑ
ඉතිං අපිට ලොකු දේවල් අවශ්‍ය නැති නිසා ඒ කාලෙට ඕන කියලා හිතෙන භෞතික දේවල් අපි දෙන්නටම එකතු වෙලා ready කරගන්න පුලුවන්නෙ.

.
හ්ම්... උඹට ටිකක් මොලේ තියෙන පාටයි. හරි පලයන්... හැබැයි උඹට ඔය ඔක්කොම තියෙන එකෙක් හම්බ වුණොත් තමා පුදුමෙ 

.
සමහර මතක එක්ක කෙනෙක්ට මහා වටින දේවල් තව කෙනෙක්ට තඹ දොයිතුවකට වටින්නෙ නැති වෙන්න පුලුවන්. Car එකක් ගන්නවා කියන්නෙ සමහරු මාර ආස දෙයක් වුණාට.... අනේ මටත් බස් එකේ යාලුවො වගේ ඉක්මණට ගෙදර යන්න තිබ්බා නම් හොඳයි... ජනෙල් වහගෙන හුළඟක් විඳින්න නැතුව ඔහේ තනියම පිටිපස්සෙ ඉඳගෙන... Driver ඔහේ එක්කන් යනවා එනවා... පවුලෙ පිරිස වැඩි නිසා අනික් වැඩ ඉවර කරන් අපේ ඉස්කෝලෙ පැත්තට එන එකයි පහසු. නැත්තං block එකට අහුවෙනවා... ඒ නිසා ගොඩක් වෙලාවට මාව ගන්න ආවෙ අන්තිමටම... එනකල් තනියම අඬාගන්න බැරුව හිටගෙන හිටිය එක සහ නිදහසක් නැති ගතිය මට Car කියන දේ වේදනා භරිත මතකයක් වුණා...
.
ඔව් මට කොච්චර පරක්කු වුණත් ලස්සන බස් වල යන්න බැරි වුණා... 

.
ප. ලි - බබාලව ගොඩක් වෙලා ඉස්කෝල ඇරිලා ඉස්කෝල ළඟ තියල තියන්න එපා. ඔෆිස් ඇරිලා යන ටයිම් එක වෙනකල් වෙන තියන්න තැනක් නැති නිසා දවස් 5 ම ළමයි after school extra activities වලට දාන්න එපා. ළමයි කනපිට හැරෙනවා. ඒ රැඳෙන පීඩාකාරී පැය කීපය සමහර විට ඒ දරුවගෙ අනාගත හීන සේරම සුනු විසුණු වෙන පැය කීපය වෙන්න පුලුවන්.