Pages

Tuesday, October 30, 2018

...::: ආයෙත් ඒවිද, ඒ අප්පච්චි:::...

❤️
ආයෙත් ඒවිද,
ඒ අප්පච්චි,
කිරිදෝණි කියලා,
මට අඬගහන්න...
රැව්ල හරියට කැපිලද බලන්න,
සුවඳට නාලා ඇවිත්,
මට කියලා පිටේ පව්ඩර් ගා ගන්න,
ගමනක් යන්න කලිං දවසෙ,
මාව බඩියා කරගන්න,
සපත්තු පොලිෂ් කරලා,
මට කියලා හොඳ කලිසමක් තෝරගෙන,
ඒකට ගැලපෙන කමිසෙ තෝරන්න,
ඒවා මට කියලා අයන් කරගන්න...
ඇයි?
ටයි පින් එක, ටයි එක, කෆ්ලින්ක්ස්
ඇඳුමට හරියන්න තෝරගන්න...
මම ෂොපින්ග් යද්දි,
පුතේ මටත් ෂර්ට් එකක් ගේන්න කියන්න,
අනේ පුතේ කමිසයක් පෙඟෙන්න දැම්මා,
හෝදලා දෙන්න කියන්න...
හෝදන්න යද්දි කමිසයක් කිව්වට,
කමිස කලිසම් බේසම් දෙකක් විතර... 🤭
රෑට නිදියන්න කලිං...
පුතේ අතපයේ සිද්ධාලේප ටිකක් ගාන්න කියන්න,
ඇත්තමයි ආඩම්බරෙන් අප්පච්චි කියලා හැමෝටම පෙන්නන්න...
ආයේම එනවද?
😘
මං දැක්කෙ නෑ ඒ වගේ අප්පච්චියෙක්...
හැම දරුවටම එක වගේ ආදරේ කරන,
තුන් වරුවෙම හොයලා බලලා,
වෙඩි සද්දෙ අස්සෙත්,
අපෙ කටහඬ අහලා නිවුණ,
අනේ ජීවිතේට අපිට අපි එක්ක,
දවස් 100 කවත් මතක නැතුවට,
යුද්ධෙන් පස්සෙ හිටපු ටික කාලෙට,
ඒ දුන්න ආදරය,
බෝම්බ හතර පහකට අහුවෙලත්,
ගෙනියන්න බැරිවෙච්ච ඔය පණ ඩිංග,
පන්සල් විහාර කරවපු,
ඔය පින් හිත,
අපිට රස රස කෑම බීම හදලා දීපු,
ඒ ආදරේ...
විහිලු කතා රඟ පපා කියන ලස්සන,
රට වටේම එක්ක ගිහින්,
ලස්සන තැන් පෙන්නුව හැටි,
කොල්ලො දස දහස් ගණනින් පුහුණු කරපු මෙල්ල කරපු ඒ දරදඬු කම,
අපිට පුංචි අසනීපයක් වුණ ගමන්,
ලෝකෙ පෙරලං අඬපු හැටි...
බෑනට මුද්දටත් රත්තරං හදවලා,
බෑනගෙ සුදු මූණ වත් දකින්න
අනේ අප්ප්ච්චිට බැරි වුණ හැටි 😣
අප්පච්චිට කිරිදෝණිව පෝරුවේ දකින්න කලිං
කිරිදුව අප්පච්චිව,
ඇත්දල අස්සෙන්
සුදු වියන යට,
ලී පෙට්ටියක,
නිදාගෙන ඉන්නවා දැක්ක හැටි... 😞
ඒ කල පින් ආකරේ හැටියට,
අප්පච්චි නුඹ කොහෙ උන්නත්,
ඒ නම් සුර ලොවමය ...
උඹ අපායත් සුර ලොවක් කරන්නට සමත්,
යම රජුවත් ගෙන්නලා,
පිරිත් නූල් ගැටගහන පින් කඳක්...
ඒ...
මගෙ අප්පච්චි ❤️
.
...:::: විලෝචනා :::...