
නැන්දම්මා හරි වසයි කියලා මං,
කිව්වා නේද බොල මුල ඉඳලා 😄
තනිකඩ වෙනවා සැපයි හිතෙයි නෙවැ,
මෙහෙම කතා අහනවට වඩා 🙄
.
කියන්න සතුටුයි හෙව්වට බෑනෙක්,
සැකයි එහෙම උන් ඇති කියලා 😂
උඹ මත්තෙම මං ඉන්නව දැක්කම,
කිව්වේ ලුණු ඇඹුල් මදි නොකියා 😩
.
සැරෙන් සැරේ විත් නහකුණු ගෑවම,
ගේ දොර වතුපිටි එපා වුණා 😩
කියල කියල මට බැරි වුණ තැනදිම,
ඕන එකක් කරගං කිව්වා 😠
.
ඔන්න ඔහොම දින සති ගත වෙනකොට,
හයි හත්තිය යහ ගුණ දැකලා 😜
නැන්දම්මා හරි සෙනේවන්ත වී,
බෑනගෙ වග තුග විමසනවා 🤣
.
කයිවාරුවෙ ප්රතිඵල සටහන ගෙන,
නිවේදනය අද නිකුත් කලා 😨
නිදි මර ගාතේ නැගිට්ට හැටියෙම,
මගුල් කිකිණි කන් දෙපලු කලා 😱
.
මාර්තු මාසේ මගුල ඉස්ථිරයි,
නැකතක් බලවමු කල්තියලා 😍
කල් යවලා බෑ හනිකට බැඳහන්,
දැන් ඇති ගෙදරට නාකි වුණා 😜
.
නැන්දම්මගේ සුදු බෑනෝ මොහොතක්,
මේ අහපන් කරුණා කරලා 😉
උඩරට මැණිකෙට ඕන මගුල් නෑ,
ගන් කරකාරෙට හනිකරලා 🤔
.
වෙනස් වෙන්න කලියෙන් අර පින් හිත,
දැන්ම තීන්දුව තිර කොරලා 😘
අමර නයනා මෙන් හොඳ ළමයින් වෙමු,
අපි හඳපානට අත වනලා 😂
.
...::: ලෝචි :::...