Pages

Thursday, October 23, 2014

...::: වදකාර මූසිකයා:::...

සිරි සිරි ගා කඩිමුඩියේ ...
හිමිදිරියේ රෑ දෙගොඩහරියේ ...
ඉව අල්ලා ඇදෙයි ...ඇදෙයි ... ඇදෙයි ...
පිටි ද සීනි ද තේ කොල බෝතල් ...
සහල් බාල්දි ...
එළවලු කූඩ ...
පොල් තෙල් බෝතල් ද ඩිංග ඩිංග ඉව කර ...
කුස්සිය පහු කර ඇදුණා ...
නාන කාමරයට ...
මහ රින්සෝ ඩප්පියෙන් ඩිංග ඩිංග යොදා රෙදි අපුල්ලා ...
මහ ෂැම්පු බෝතලයෙන් අඩුක්කරගත් ඒවාගෙන් නා කියා ගෙන ...
හොඳින් ඇඳ පැළඳ මහ ක්‍රීම් බෝතලයෙන් අඩුක්කරගත් ඒවාගෙන් සුවඳවත් වී ...
දත්ත සරනුවල 20GB ක රැස් කරගත් පින් ටික ගබඩා කර ගෙන ...
උජාරුවෙන් යයි ...
කැණි මඩල දිගේ අපේ ඉහටත් උඩින් ...
එහෙට - මෙහෙට
එහෙට - මෙහෙට
එහෙට - මෙහෙට
උඹව අල්ලගන්න මී කතුරක් මම ගෙන්නේ නෑ ...
එහෙත් ...
එම්බල මූසිකය ...
නුඹ ගැන දැන දැනත් සියල්ල රකින මුණිවත ...
අභිමානයෙන් අද නුඹ වින්දත් ...
හෙට උඹට මහ සමාජෙදි ඩිංග ඩිංග මහ උන්දැලා අටවන උගුලේ පැටලී
හුස්ම සිරවී කොටුවී සුසුම් හෙලන දාට ...
එක එක හාල් ඇටේ ගානේ මතක් වේවි ...
20 GB ක පව් කල බව දැන දැන
උන් මාව හදාගත්තේ නැත්තේ මෙන්න මේකට තමයි කියලා ...

------------------------------------------------------------------
නුඹේ අභිමානයත් නුඹ කෙරේ තැබූ
විශ්වාසයත් ප්‍රසාදයත් ගෞරවයත් හැරෙන්නට
අනික් සියළුම දෑ තව දුරටත් ඔබට සොරකම් කල හැකිය ...

2014-10-10 9.23 PM