Pages

Friday, August 9, 2019

...::: දේව ධූතය :::...

💛
දේව ධූතය...
ආපෝ තේජෝ වායෝ පඨවි ආකාස අතැර,
විඤ්ඤාණයට පෙම් බඳින,
සාංසාරික පෙම්වත...
නුඹ ලෝචන කර්ණ ලවන් කේෂ ඡවි,
මා මසැස චුම්බක සේ අදින...
කුසලාකුසල ශක්තීන් සමව වැඩූ,
සම ධාතුව...
මා අකුශලයකින් පසු බැස,

නුඹ කුශලයම වඩා,
මා මනු ලොව දමා යන්නට වූ නියා,
ළඟ ළඟ බැව් අතලොස්සක වූ,
පිය විප්පයෝගයෙන්ම වීර්යය වඩන...
බ්රහ්මචාරී පෙම්වත...
මා අකුසල් අහෝසි කරවන්නට,
නුඹටම දොස් පවරාගන්න,
ධාතු ඇසුරේ සිසිලසින් වෙසෙන,
දුටත් සිත් පහන් කරවන සුලු,
මනු ලොවට නොඋරුම,
සොලොසාසංඛ්ය කල්ප ලක්ශයකින්,
පංච මහා බූතයෙන් විඤ්ඤාණයට,
සදාතනිකව සමුදෙන්නට,
පාරමී පුරන...
නුඹේ ආර්ය මග ගන්නට,
නීවරණයන් දුරලන්නට,
සසංකාරික චෛතසික,
අසංකාරිකව,
ස්වයං අනුභූතියෙන් අවබෝධ කර,
සීලයේ පිහිටුවන්නටම වෙර අදින,
අර්ථඛ්යායි පෙම්වත...
.
© විලෝචනා අබේකෝන්