විහිලුවට වත් බොරුවක් නොකියන මනුස්සයා හොඳ ප්රතිපත්තියක ඉන්නවා කියලා දැනෙන්න ගද්දි එයා අවට වංචාකාරයින්ට ඉඩක් නෑ. වංචනිකයින්ව සොභාදහමෙන්ම ඔබෙන් දුරස් කරනවා. අවංක අය ගැන ඔබට සංඥා දැනෙන්න ගන්නවා.
කවදා හෝ ඔබ ඇත්ත බලාපොරොත්තු වන තැනකින් ඔබට වංචාවක් සිදු නොවී තියෙන්න නම් ඔබත් පෙර ඒ පරීක්ෂණය සමත් වී තිබිය යුතුයි 


ඉතිං මෝඩයගෙ දවස කියල මෝහයෙන්ම හදාගත් අප්‍රේල් 1 දා... ඒ කියන්නෙ මේ අදත් බොරුවෙන් වැලකුන ඔබට තෙරුවන් සරණයි... 
මෙතෙක් සත්‍යයටම පමණක් ඉඩ දෙන්න බැරි වුණ අය අද ඉඳන් හරි පටන් ගන්න... කලින් මොන අඩුව තිබුණත් වරද හදාගන්න මනුස්සයා ඊට ප්‍රමාද නෑ. 



~ විලෝචනා ~