අයෙක්,
ප්රේම රාජ්යය දිනා ගනු වස්...
රහසේම දුන් ඉනාවක බල බිඳ,
සිරුරේ තැන්පත් වී,
වසර ගණනක්,
වේදනා දුන් වස කුට්ටියක්...
දලු දැමූ මස් අතරින් කඩා දමා...
පිළිකාවක යුක්තානුවම...
ගබ්සා කරවන්නට...
අවිහිංසක නුඹ,
දෑවසක් පුරා...
නිරායුධව...
වෛර අංශු මාත්රයක් නොමැතිව...
මෛත්රීයෙන්ම...
සටන් වැදුණු අරුමය...
මරාගෙන හෝ ලබාගැනීමද ප්රේමය?
මැරීගෙන හෝ ජීවත් කරවීමද ප්රේමය?
මිනීමරුවා නමින්ම,
ජීවකයාද පහළ වීමට තරම්,
අහඹුවක් ද,
මේ ජීවිතය... ?
.
~ ලෝචි ~