Pages

Wednesday, December 12, 2018

...::: එනු මැන තනියි පෝරුවෙ දෝණිට බොහොම :::...

Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.
❤️
ගිය දා අතැර මං තනිකර මේ දියතේ
මොහොතකටවත් දුක නොවුණිද නුඹේ හිතේ
උණුහුම හොයන් මං එද්දී කොණක නෙතේ
නිසලව උන්නු හැටි දැක සවි නොවුණි ගතේ
.
මං ලොව ඇදහු එකමෙක ඒ පිරිමි හිත
සෙනෙහෙන් මා හදා රැකගත් එකම ගත
හැරගියෙ තනිව හැදියන් යැයි දා ඉවත
අප්පච්චී නුඹත් ගියෙ නම් අන් කෙවත
.
දවසක් හොඳට මතකයි අසනීප වුණ
සෙම්, හිස රුදා මට කියමින් නුඹ තැවුණ
ඇල්ලුවෙ නැතිද දුම් ඩිංගක් ඇසු පමණ
නැති බව පවසලා ඇඳටම යලි වැටුණ
.
සැනෙකින් වතුර ඩිංගිත්තක් උණු කරවා
ගෙනැවිත් තියා දුම් අල්ලන්නට කියවා
බිම ඉන්ඳවා රෙදි කඩ හිස මත පොරවා
මතකද කිරිදෝණි නුඹටත් අණ කෙරුවා
.
සහසක් සෙබලු එක අණකින් සලිත වන
තරමට තද වුණත් නුඹෙ සවි නෑ එදින
නුඹෙ දැඩි ගතේ සැඟවී උන් බිළිඳු මන
දැක සුසුමක් හෙලිමි අනුකම්පා පිරුණ
.
ඉහලට හුස්ම පහලට එය මගෙ අණය
මදි මදි තව ඉන්න ඒකත් මගෙ අණය
සහසක් අණින් සල්ලම් කල නුඹේ ඔය
හිත සල්ලං කලේ කිරි දෝණිගෙ බස් ය
.
අද ඇයි මුරණ්ඩුව ඉන්නේ ගිය තැනම
ආවොත් කියන්නම් රහසුත් පෙර සේම
කරනෙමි අණ නුඹට ගිය තැනකින් වහම
එනු මැන තනියි පෝරුවෙ දෝණිට බොහොම
.
© විලෝචනා
 — feeling meh

...::: මෝටර්සයිකලේ :::...



'❤️❤️❤️ මෝටර්සයිකලේ 🏍️ ❤️❤️❤️
.
තෙමෙන කරවෙන ගැහෙන වෙව්ලන,
දූවිලිත් කන ආදරෙන්... 🤭
හරිම කැමතියි ජැකට් නොව,
මොන බැම්ම හැදුවත් නුඹ ළඟින්... 🤗
බදා දෙඋරම ඉඳිමි හයියට,
ගැම්මෙ තනියම එලවපං... 💪
උඹේ තනියට දීලා මොර මගෙ,
උගුරෙ පොට යයි රත්තරං... 😂
.
© විලෝචනා'

❤️❤️❤️ මෝටර්සයිකලේ 🏍️ ❤️❤️❤️
.
තෙමෙන කරවෙන ගැහෙන වෙව්ලන,
දූවිලිත් කන ආදරෙන්... 🤭
හරිම කැමතියි ජැකට් නොව,
මොන බැම්ම හැදුවත් නුඹ ළඟින්... 🤗
බදා දෙඋරම ඉඳිමි හයියට,
ගැම්මෙ තනියම එලවපං... 💪
උඹේ තනියට දීලා මොර මගෙ,
උගුරෙ පොට යයි රත්තරං... 😂
.
© විලෝචනා