Pages

Thursday, December 26, 2019

සූර්‍ය ග්‍රහණය සහ විදුලි විසන්ධිය 😂

😫 මේවා මහ අපරාධ වැඩ 😭
.
සූර්‍ය ග්‍රහණෙ අස්සේ විත් ගෙට,
නොකියාම කිසි වගක් උන්නු අපට,
විදුලි මනු තියෙන තැන අසමින් බට,
මණ්ඩලෙන් මුල පුරපි විසන්ධියට... 🤷
.
මහ විසාලයි නිවසෙ බිල් තුනකට,
බෙදිල එයි විදුලි බිල යස අගේට,
එක මසක් එක දහක් නොගෙවූවට,
කපලාම විත් කියපි කැපුව වගට... 😫
.
කලින් මස දාස් ගණනින් ගෙවලම,
සී ආර්, සී ආර් බිල් තුනටම,
ඔප්පු කර පෙන්වද්දි මේ විගඩම,
ප්‍රමාදයි කපලා ගියෙ උන් යන්නම... 😭
.
ගෙදර උන් මල පැනලා ගජ රාමෙට,
ආයේ නම් ගෙවන්නෑ කියපි සැරට,
උන් ඉන්නෙ ඒ පැත්තෙ කලුවර මට,
අහක යන සන්නියකි වැහුණේ මට... 🤦
.
බැටරි මල පරිඝණකේ ගියා නිවිලා,
බල බැංකුවෙන් ජංගමේ බේරලා,
ඒ කෙරුම් නරි මගුල් අස්සෙ ඇඬිලා,
ඉන්න මට ඔච්චමට ඉර හැංඟිලා... 😂
.
ප.ලි - Connection 3ක්ම තියෙන විසාල ගෙදර මං වාසය කරන කොටසේම විදුලිය විසන්ධි කිරීම තරයේ හෙළා දකිමි 🤷  සූර්‍යා වුණත් ග්‍රහණය වෙන්න වැඩක්ද? ඒකත් මේ අදම? 😂
.
© විලෝචනා අබේකෝන්