
මට දුකයි උඹෙ අර්ථයක් නැති ජීවිතේ ගැන...
මට දුකයි උඹ අතීතය කියන වගුරෙම එරෙන එක ගැන...
උඹෙ සිගරට් කැස්ස උඹට වඩා මට වේදනාවක් ...
උඹ එකින් එක ඉවර කරන බෝතල් වල වීදුරු කෑලි මගෙ පපුවෙ හිර වෙනවා ...
උඹත් O+ නිසා ... මට මගේ ඕන දෙයක් උඹට දෙන්න පුළුවන් ...
ඒත් උඹට B+ කිව්වම උඹ නොතේරුම් කමට දොඩවන්නෙ මල විකාර ...
උඹ හිතන්නෙ ඔය හන්තාන කන්දෙන් එහාට ජීවිතේ සරළයි කියලා ...
උඹ හිතන්නේ අම්මා වගේ ගෑණුන්ගෙන්,
තාත්තලා වගේ පිරිමින්ගෙන්,
මේ ලෝකෙ පිරිලා කියලා ...
උඹ හිතන්නෙ උඹ තමයි මේ ලෝකෙ අවාසනාවන්තයා කියලා ...
ඒත් උඹෙ සුදු මූණ ටික ටික මැලවෙනකොට ...
උඹෙ පිරිච්ච කම්මුල් වැහැරිලා හකු බහින කොට ...
උඹෙ ලස්සන රතුපාට තොල් ටික ටික කලු වෙනකොට ...
උඹෙ දිග ඇස් පිහාටු අස්සෙන් ...
ලේ කැලැත්තුනු ඇස් දකිනකොට ...
අද මට මේ දැනෙන හැඟීම ...
උඹට දැනෙන්නෙ කවදද ?
අන්න එදාට ...
උඹට අද හැදුණොත් ඉතිරි වෙන අවුරුදු 10ක පුලුටක් වත් නැතිවෙයි ...
උඹට අද හැදුණොත් ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් සැතපුම් සහසින් ...
යාර 10ක් ඇවිද්දත් හති වැටෙයි ...
සමහර විට ...
උඹ ළඟ මමත් නැතිවෙයි ...
නමුත් ...
එදාට ...
උඹෙ ඇඟ ඇතුලෙන් ...
උඹට මගේ ලේ සුවඳ දැනෙයි ...
.
෴. විලෝචනා .෴