<3රුහුණු කුමාරියෙ සරසවි යනෙන විට,
උණු උණු ඉඳි ආප්ප වඩිනවා දුම්රියට,
නොවනුය නිගාවක් බඩ පිරවූ පිනට,
ඒවා පරාදයි ගෙයි ඉඳි ආප්පෙට
^_^.
අම්මිගෙ අතින් හැදුනම සුදු පිරිසුදට,
දෙක තුන ගිලෙද්දිම බඩ කට පිරෙන කොට,
රස හින්ඳාම තව තව මම ගිලිනවට,
නැත කිසි ලොබක් තව ලැබෙනවා පිඟානට 