❤
තේරු දවසට දෙවොල ඇද්දා,
සීනිගම් දෙවි ළඟදි යැද්දා,
හමු වුණේ නෑ පැතූ කිසිවක්,
ලැබුනේ නෑ නොව දෙව් වරම්... ! 😥
.
දන්ත ධාතුව මලින් පිදුවා,
සිරි පතුල ළඟ නළල ගැසුවා,
රුවන්වැලි, සිරි මහා බෝධිය,
ඉවත දැමු සැටි මගෙ පැතුම්... ! 😒
.
ගැටඹෙ බෝ, වැල් බෝධි පෙන්නා,
දිය කපද්දී සාදු දුන්නා,
දෙවොල් දළදා දෙ පෙරහැර දැක,
පුරෝගත්තත් පින් හැඟුම්... ! 🤨
.
හිතේ සැකයක් මටම දැණුනා,
කලෙව් පින් කඳ ගඟෙයි සිතුණා,
අනේ නෑ කිසි සරණකට දොස්,
වැරදුණේ මට මගෙ යැදුම්... ! 🤔
.
පින්න විද හිරු කිරණ ඇදුණා,
දේව දුන්නක 🌈 ඔහුව මැවුණා 😍
තුන් හිතින් වත් පතා නැති රුව,
හිමිවුණේ නොසිතූ සැණින්... ! 🤗
.
ඔහුව නෙත් අභියසේ පෙන්නා,
කල පිනෙන් මට ඔහු ම දුන්නා,
පැතුම වැරදියි යැදුව කිසිවක්,
හිටීවිද හොඳකට ඉතිං... ! 😂
.
මටත් නොදැනී මටම ගලපා,
ඔහුව දුන්නේ නුඹේ තෙද පා,
දෙවියනේ මට අවැසි දේ,
මට වඩා නුඹ දැනගෙන ඉටිම්... ! 🤭
.
...::: © විලෝචනා :::...
.
( ඔයා නිවැරදි ඇති... ඔයා පව් නොකරනවා ඇති...ඔයා ගොඩක් පින් කරනවා ඇති... ඒත් හැමදාම වරදිනවා... කිසි දෙයක් හරි යන්නෙ නෑ... ලැබෙන්නෙ නෑ... අන්තිමේ ඔයා දෙවියෝ වඳිනවා... බෝධි වඳිනවා... ඒ ඔය හිත සැහැල්ලු කරගන්න... ඒත් කිසි දෙයක් ලැබෙන්නෙ නෑ... කමක් නෑ... ඔය පාරෙ වරදක් නොකර ඔය විදිහට දිගටම යන්න... පින් කරන්න. දවසක පෙර අකුසල් පල දීලා ඉවර වෙයි. අන්න එදාට... සමහර අය අපෙ ජීවිත වලින් ගැලවිලා යයි. මහ දුකක් දීගෙන සමහර දේවල් අපිට නැති වෙයි...
.
හැබැයි ඒවා නැති වුණාට දුක් වෙන්නෙ නැතිව පොඩ්ඩක් සොබාදහමට ඉඩ දීලා සද්ද නැතුව බලං ඉන්න... කෙනෙක් නැති වෙන්නෙ ඊට වඩා හොඳ කෙනෙක්... අපිට උරුම, අපිව උරුම කෙනෙක් ලැබෙන්න වෙන්න පුළුවං... අපි ඉල්ලන සමහර දේවල් අපිට ගැලපෙන්නෙ නෑ... සොබාදහමෙන් එතකොට අපෙ කර්මය අනුව සුදුසුම දේ අපිට දෙනවා... එදාට ඔයාට තේරෙයි... ඔයා ඉල්ලන කිසි දෙයක් ලැබුණෙ නෑ නෙවෙයි... 🤨ඔයා හරි දේ ඉල්ලුවෙ නෑ කියලා 🤭)