Pages

Thursday, April 23, 2015

...::: කව්රුන් හෝ මටම ලියූ පද පෙලකට තනුව දෙන්න :::...

    
නොකරන් ඇවටිලි ඔය හැටි,
කරන්න යැයි මගේ යමක් ...
මට මාවත් නැති මොහොතක,
කොයින්ද මට මගේ යමක් ...
.
ගී කියන්නෙ ඉඳල හිටල හිතේ කාන්සිය නිවෙන්න...
ඩිංගක් හරි සන්සුන් වී දිනක් දෙකක් ගෙවාගන්න ...
මට නැතුවට මගෙම යමක් වේදිකාවෙ දිග අරින්න ...
ඉන්නව නොවැ අතලොස්සක් මගේ නොවන ගී අහන්න ...
.
දාස් ගණන් හඹා එද්දි මට බෑ නොවැ මග අරින්න ...
ඒත් ඉතින් හිත කියන්නෙ දැන් කල් හරි නිහඬ වෙන්න ...
කවදා හරි මම ගියාම සදහට මගෙ නෙතු පියන්න ...
කව්රුන් හෝ මටම ලියූ පද පෙලකට තනුව දෙන්න ...
.
 ලෝචි  ෴