Pages

Tuesday, November 10, 2020

Social Media නිදහසට බාධාවක්ද?

 🤦 ගැහැනු ළමයෙක් වුණත්... පිරිමි ළමයෙක් වුණත්... ඕනම කෙනෙක් දාන ... හැම message එකටම හැම comment එකටම reply කරන්න ඕනද 🤷 හැම call එකම නිදහසට බාධාවක්ද? මොකද කරන්නෙ එතකොට? 🤔

.
කොච්චර තාක්ෂණය දියුණු වුනත් අපි දන්නෙ නැත්තං ඒ තාක්ශණය භාවිතා කරන ගමන් ආරක්ෂාකාරී වෙන්න... ඒ තාක්ෂණය භාවිතා නොකර සිටීමමයි යහපත... භාවිතා කරනවා නම් අපි කොහොමද මේ දේවල් වලදි කටයුතු කරන්නෙ කියලා දැනගෙන ඉන්න ඕන 😊
.
Friendlist එකක් දිහා බැලුවම අඳුරන අය පමණක් ඉන්නෙ සීමිත කීප දෙනෙක්ට විතරයි. බහුතරයක් අයගෙ friendlist වල ජීවිතේට දැකලා නැති අය දාස් ගණන් ඉන්නවා... ඒකෙ වරදක් නෑ. නමුත් අපි දැනගන්න ඕන මේ අය හැමෝම අපේ පවුලෙ අය වගේ නෑ කියලා. ඒ නිසා මම ගොඩක් වෙලාවට කොහොමද fb use කරන්නෙ කියලා කියන්නම්...
.
Adding Friends - ඕන කෙනෙක් නොදන්නවා වුණත් add කරගන්නවා... ඒත් ටික කාලයක් යනකල් අපිට හොඳ අය නරක අය හඳුන ගන්න බෑ... ඒ නිසා add කලාට මුල කාලෙ කිසිම ප්රතිචාරයක් දක්වන්නෙ නෑ... අනික් අය අපිව වගේම, අපි අනික් අයව කොයි විදිහෙ අයද කියලා හඳුන ගන්න අපිට ටික කාලයක් ඕන නිසා.

Virtual Friends ලා කියලා ඔහේ ඕන කෙනෙක් hi කිව්ව පළියට කතා කරන්න ඕන නෑ. ගැහැණු පිරිමි දෙගොල්ලොම පරිස්සම් වෙන්න ඕන. අද fake profiles වැඩියි... පිරිමි ළමයින්ට වුණත් කොච්චර ඇණයක් වෙනවද කියන එක අත් විඳලා ඇති සමහර අය. ඒ නිසා එක පාරම hi කියන ඒවට comment වලට පොඩි කාලෙ ඉඳන් අඳුරනවා වගේ reply කරන්න යන්න නරකයි.
.
Reply නෑ කියලා බනින message - ඒ ගැන වැඩිය හිතන්නම එපා. සීමාව පනිනවා නම් කෙලින්ම block කරන්න. Add කල ගමන් අනික් පැත්තෙන් පැටියො බබෝ සුදූ කියාගෙන එනවා නම් කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් ඉස්සෙල්ලම කරන්න ඕන block කරන එක 😁 අත්දැකීමෙන් කියන්නෙ.

සමහර හොඳ අයත් ඉන්නවා. යාලුකමට message කරන. But still its too early to judge 😊 හොඳ කෙනා ඇත්තටම හොඳ නම්... එයා දන්නවා එයාට නංගි, අක්කා, අම්මා, දුව වගේ මෙයත් කාගෙ හරි ගෞරනීය කෙනෙක් කියලා. කවදාවත් හොඳ කෙනෙක් ඔබ reply නොකලට අමනාප වෙන්නෙ නෑ. පිරිමි ළමයෙක් වුණත් message කරන හැම #කොල්ලම මේ එන්නෙ අනික් අතට කියලා හිතන්න එපා. කෙල්ලෙක් message කලොත් fake එකක් වෙන්න පුලුවන්. මම හොඳටම දන්න අය ඉන්නවා අනික් පැත්තෙ ඉන්නෙ කෙල්ලෙක් කියලා හිතලා ආදරේ කරලා අන්තිමට බලද්දි කොල්ලෙක්ට රැවටුණ 🤨 ඒ නිසා දෙපාර්ශවයම පරිස්සම් වෙන්න.
.
Messenger Calls කරදරේ - මෙහෙම කරදර කරන අය නම් බින්ඳුවක් වත් සමාජයක හැසිරෙන්න නොදන්න අය. Option එකක් දුන්න පලියට ඉවක් බවක් නැතුව ඔහේ අනික් පාර්ශවයට එක දිගට කරදර කරනවා. මොකක්ද කරන්නෙ එතකොට??? මම නම් add කල ගමන් අනවශ්ය ආමන්ත්රණ දාපු අය සහ calls ගත්ත අය කෙලින්ම list එකෙන් අයින් කරනවා, සෙට් වෙන්නෙ නැති නම් කෙලින්ම fb එකෙන් block කරනවා... හරියටම කිව්වොත්....

1. Messenger එකෙන් නෙවෙයි, Fb එකෙන්ම block කරන්න.
2. Messenger එකේ සහ fb එකේ settings වලින් Active/ Online status අනික් අයට පේන එක off කරන්න.
3. Messenger Notifications වගේම Chat heads අයින් කරන්න.
4. Answer කරලා බනින්න එපා, tag කරලා post දාන්න එපා, Public screen shot දදා බනින්න එපා... අවුරුදු විසි තිස් ගාණක් අම්මලා තාත්තලාට හදන්න බැරි වුණ අය අපිට හදන්න බෑනෙ. Just forget it and block 😊
5. මෙච්චර පරිස්සම් වෙන්න ක්රම තියාගෙන මේක use කරන ගමන්, එයාලටත් බැන බැන තමන් මේ දීලා තියෙන ආරක්ෂාකාරී පියවර අනුගමනය නොකර නිකරුනේ ප්රශ්න වැඩි කරගන්න එපා. 😊
.
Comments සහ Reactions - සමහරු හිනාවෙන්න කිසි හේතුවක් නැති ඒවට හිනා වෙනවා, Ha ha react කරනවා... අනවශ්ය comment දානවා... 😊

Message කරලා reply නොකල හෝ friendlist එකට add නොකරගත් අය ගොඩක් වෙලාවට අපිව අපහසුතාවයට පත් කරන්නෙ නරක comment වලින් හෝ අදාලම නැති reactions වලින්. අදාලම නැති එකකට Ha Ha react කරලා තිබ්බොත් හෝ comments රුස්සන්නෙ නැත්තං ඒ කෙනාව මම කෙලින්ම block කරනවා... 😊 ප්රශ්නෙ පහසුවෙන්ම විසඳන්න එහමයි පුලුවන්.
.
දන්න කෙනෙක්ගෙම replies public තිබ්බම අවුල් වගේ නම් - අපි හිතමු අපිට reply එකක් දාන්න හිතේන්නෙ නැති comment එකක් දාලා කියලා block කරන්නත් බැරි කෙනෙක්. එහෙනම් Argue කර කර යන්නෙ නෑ කෙලින්ම ඒ comment එක delete කරලා ඉන්නවා 😊 . අනික තමා මම කොහොමත් දේශපාලන සංස්කෘතික ආගමික ආදි කිසිම විවේචනාත්මක දේවල් පල කරන්නෙ නෑ අනික් අයගෙ ලේ කුපිත වෙන්න. 😁 මම fb ගොඩක් වෙලාවට use කරන්නෙ මොනවා හරි දැනුමක් ගන්න හෝ දෙන්න ... Entertaining දෙයක් පල කරන්න හෝ රසවිඳින්න ඊට අමතරව charity වැඩ වලට. 😊 ඉතිං messenger නම් භාවිතා වෙන්නෙ බොහොම අඩුවෙන්...
.
Messenger messages - Inbox පිරෙනවා දවසට 200-300 ක් විතර. දවස් දෙක තුනක් messages check කරලා අනවශ්ය ඒවා delete නොකලොත් ඒ අතරෙ අපිට අත්යාවශ්ය message එකක් ආවත් හොයාගන්න බෑනෙ. මම නම් add on එකකින් සේරම නොදන්න අයගෙ messages බලන්නෙවත් නැතුව delete කරනවා ඕන ඒවා archive/hide කරගෙන.

මට නම් reply කරන්න වෙන්නෙම නෑ. ඉතිං කිසිම නොදන්න කෙනෙක්ගෙ message එකකට reply කරන්නෙ නෑ. මොකද 200ක් Hi කිව්වොත් අපි 200 දෙනාටම Hi කියලා විතරක් බේරෙන්න බෑනෙ... 😂 අර profile එකේ ඉස්සරහම තියෙන ටිකවත් නොබලා නම ගම මේ ඉන්නෙ ඔයාමද, ඔයාට කොහොමද ගගා 200 දෙනෙක් එක්ක දාස් වතාවක් reply කරන්න බෑනෙ. කෙලින්ම delete කරන්නෙ තරහට නෙවේ. නිදහසට බාධාවක් නිසා 😊
.
අඬුව තියාගෙන අත පුච්චගන්න ඕන නෑනෙ. 🤦 හොඳට බලන්න ගිහින් fb එකේ settings වල privacy, timeline වගේ අපේ ආර්ක්ශාවට ගන්න පුලුවන් options සේරම තියෙනවා... ආව ගමන් දන්න කෙනයි නොදන්න කෙනයි ආත්ම ගාණක ඉඳන් දන්නවා වගේ භජනෙට නොයා... ටික වෙලාවක් අරන් අපිට ඕන විදිහට ඒ security options හදාගන්න ඕන 😊 නොදන්න කෙනෙක් ඉන්නවා නම් දන්න කෙනෙක්ට දීලා මේ දේවල් හදාගන්න...
.
ඉතිං අනේ වීරයෝ වගේ fb account හදාගත්ත ගමන් Status, photos videos update කර කර Message, comment,likes shares කරන්න කලින් අනේ විනාඩියක් අර settings වලට ගිහින් ඒ ටික හදාගෙන ඉන්න 😊
.
© විලෝචනා