රිදුනෙ නෑ මට මෙවන් රිදුමක්,
අනේ මෙතුවක් කිසිමදා... 😖
ඇස් පියන් ඇරි දිනේ සිට,
මව් කිරියි බීවේ ඈ බදා... 😌
සුරඟනාවියො මගේ සිහිනෙට,
ඇවිත් මං සිටි විට නිදා... 😋
කවුද ඇන්නා කටුවකින් කන්,
කඳුළු පැන්නා මට රිදා... 😓
.
පුංචියේ මං උපන් සැටියේ,
තෑග්ගට නුඹ ගෙනාවේ... 😍
රතුම රතු පෙට්ටිය කුමක්දැයි,
නිච්ච්යක් මට නම් නොවේ... 😕
අද උදේ කඩි මුඩියෙ අම්මලා,
කොහේටද මං ගෙනාවේ... 😱
ආදරෙයි කී පුංචියේ ඇයි,
අනේ මේ හැටි රිද්දුවේ... 😥
.
කනත් රතු වී උණත් වාගෙයි,
හුඟක් රිදුණා පුංචියේ... 😞
ලස්සනයි ලස්සනයි කිය කිය,
සැවොම හිනැහෙයි පුංචියේ... 😒
නුඹ ගෙනත් දුන් කරඹුව,
හරි හැඩයි කිව්වත් පුංචියේ... 😫
ආයෙ ආවොත් හරිම තරහයි,
දෙනවා ගුටි මමපුංචියේ... 😠
.
දැන් තමයි භීෂනේ පටන් ගත්තේ 😖😂
අනේ මෙතුවක් කිසිමදා... 😖
ඇස් පියන් ඇරි දිනේ සිට,
මව් කිරියි බීවේ ඈ බදා... 😌
සුරඟනාවියො මගේ සිහිනෙට,
ඇවිත් මං සිටි විට නිදා... 😋
කවුද ඇන්නා කටුවකින් කන්,
කඳුළු පැන්නා මට රිදා... 😓
.
පුංචියේ මං උපන් සැටියේ,
තෑග්ගට නුඹ ගෙනාවේ... 😍
රතුම රතු පෙට්ටිය කුමක්දැයි,
නිච්ච්යක් මට නම් නොවේ... 😕
අද උදේ කඩි මුඩියෙ අම්මලා,
කොහේටද මං ගෙනාවේ... 😱
ආදරෙයි කී පුංචියේ ඇයි,
අනේ මේ හැටි රිද්දුවේ... 😥
.
කනත් රතු වී උණත් වාගෙයි,
හුඟක් රිදුණා පුංචියේ... 😞
ලස්සනයි ලස්සනයි කිය කිය,
සැවොම හිනැහෙයි පුංචියේ... 😒
නුඹ ගෙනත් දුන් කරඹුව,
හරි හැඩයි කිව්වත් පුංචියේ... 😫
ආයෙ ආවොත් හරිම තරහයි,
දෙනවා ගුටි මමපුංචියේ... 😠
.
දැන් තමයි භීෂනේ පටන් ගත්තේ 😖😂
No comments:
Post a Comment
leave your comment here...