Pages

Thursday, April 2, 2020

💛 කටුක ආරම්භය 💛

💛
කාස්ටකේ,
දැවි දැවි,
ඉඩෝරෙට ඔරොත්තු දීගෙන,
හටගන්නා යම් ඵලයක් වෙද,
එය...
රසයෙන්,
ගුණයෙන්,
අනූනයි 🍍
.
අවලස්සන,
බිය උපදවන,
බොහෝ අය අනාදරයෙන්,
පිළිකුල් කරන,
දළඹුවා,
කෝෂයෙන් මිදී...
සුන්දර,
වර්ණවත්,
සමණළයෙකු වී...
කාගෙත් නෙත් සිත්,
පිනවයි 🦋
.
දුක් ගැහැට විඳිමින්,
තැලී පෙලී,
පන්නරය ලබමින්...
දුක සැප,
නින්දා ප්රශංසා,
මැදිහත්ව ඉවසා,
අරමුණ දිනූ,
දැහැමි නුඹ...
ඒසේම ගුණයෙන් අනූනයි...
සුන්දරයි...
දුටුවන් පිනවයි 😍
.
© විලෝචනා අබේකෝන්