😍 වසවර්තියෙන් හල බිඳක්... 🌿 #Home_Garden 🏞️ #His_World 💑
.
මාර දිව්‍යරාජයාණෙනි,
පරනිම්මිත වූ,
මේ කුඩා වසවර්තිය,
නුඹේ ලොවින්,
නුඹ ඇඟිලි තුඩකින්,
ගෙනහෙලූ පස් පිඩකි...
.
යොදුන් දෙලක්ශ පනස් දෙදහසක්,
බිමට හලා...
මා මුලා කරන ලද්දේ,
නවසිය විසි එක් කෝටි හැට ලක්ශයක්,
ආයු වළඳන්න නොදී...
මාර බන්ධනයටම හසු කරන්නේ...
නුඹේ සැලසුම් එදා සිටම
යසට හැඳින්නෙමි...😁
එහි අධිපති,
නුඹේ සුන්දර පින්වත් මාර පුත්...
අතට පයට සුව සැප සියල්ල මට දී,
මා සසරටම බැඳ ගනිත්...
මාරය,
නුඹ මේ වසවර්තියත්,
නුඹේ මාර පුත්‍රයාත්,
යලි මගෙන් උදුරාගන්නා බව,
මම දනිමි...
ඒ දශබලධාරී ආඥා ක්ශේත්‍රයේ,
තවමත් හීන්වට...
ඒ සද් දහම පවතින හෙයින්,
නුඹට මා මුලා කල නොහැක 😍
මා මුලා වූ වගට,
නුඹ මුලා වූවා පමණකි 😁
.
~ විලෝචනා~
.
මාර දිව්‍යරාජයාණෙනි,
පරනිම්මිත වූ,
මේ කුඩා වසවර්තිය,
නුඹේ ලොවින්,
නුඹ ඇඟිලි තුඩකින්,
ගෙනහෙලූ පස් පිඩකි...
.
යොදුන් දෙලක්ශ පනස් දෙදහසක්,
බිමට හලා...
මා මුලා කරන ලද්දේ,
නවසිය විසි එක් කෝටි හැට ලක්ශයක්,
ආයු වළඳන්න නොදී...
මාර බන්ධනයටම හසු කරන්නේ...
නුඹේ සැලසුම් එදා සිටම
යසට හැඳින්නෙමි...😁
එහි අධිපති,
නුඹේ සුන්දර පින්වත් මාර පුත්...
අතට පයට සුව සැප සියල්ල මට දී,
මා සසරටම බැඳ ගනිත්...
මාරය,
නුඹ මේ වසවර්තියත්,
නුඹේ මාර පුත්‍රයාත්,
යලි මගෙන් උදුරාගන්නා බව,
මම දනිමි...
ඒ දශබලධාරී ආඥා ක්ශේත්‍රයේ,
තවමත් හීන්වට...
ඒ සද් දහම පවතින හෙයින්,
නුඹට මා මුලා කල නොහැක 😍
මා මුලා වූ වගට,
නුඹ මුලා වූවා පමණකි 😁
.
~ විලෝචනා~