Pages

Saturday, April 27, 2019

තවම නුඹෙන් ඇමතුමක් නැතේ..


අශ්ව කුලප්පුව හැදිලා වගේ නුඹ,
දැක්ක දිනේ හිඳ කඩි මුඩියේ...
එහෙට දුවනවා මෙහෙට දුවනවා,
හුස්ම ගන්ට වත් කලක් නැතේ... 
.
මහරගමදි රෙදි සේල් කඳන් මැද,
පළමු දිනේ නුඹ නිසොල්මනේ...
පිනට දනක් දෙන ඇටියෙ ගියත්,
මගෙ පිනට යමක් නොවැ හම්බ වුණේ... 
.
මම දුන්නෙත් කටු නුඹ කන්නෙත් කටු,
ලපටි නුඹට වෙහෙසකුත් නොවේ...
තෙහෙට්ටුවට අද නින්ද ගියාවද,
තවම නුඹෙන් ඇමතුමක් නැතේ...