🙈😁🤣💛 උඹේ වැදිලා අපෙ දිහාවට හමන හුළඟත් සැරවෙලා
අඳුරු වී මන්දාරමේ වැහි පොදට අහසත් බරවෙලා
සුමනා අත පණිවිඩේ එව්වා හවස ඉන්නා වග බලා
තවම නෑ නොවැ වරෙන් දැන් වැහි පොදට පෙර ඉක්මන් වෙලා 🙏
.
නැවුමෙ පීදුණු පිල් විදන නිල් මොණරගෙත් ආඩම්බරේ... 🦚
ඉලක්කෙට එන උකුසු ඇස් වල ගොදුර කවදත් අනතුරේ🦅
පිම්මෙ පැන උඳු පියලි උලනා හාවුන්ගෙ පෙම් අන්දරේ🐰🐇
එකෙක් බය කර ලුහුබඳින දඬුලේන් පවුලේ ජරමරේ 🐿️ 🙄
.
එහෙව් වදුලේ සතා සිව්පා සොඳුරු දසුනක් දෙස විනා 🙄
අහල කුණු මලු කටේ එල්ලන් දුවන බල්ලන් දෙස විනා 🐕 🤣
කිතුලෙ බේරෙන පැණි කඳක් සේ දසන් විදහා පා සිනා 😜
ඉඳලා හිටලා මගෙ දිහත් බලපන්කො ආදර මස්සිනා 😁🙏
.
දුර ඉඳන් මං බලන් ඉන්නේ පුංචි නිලමෙගෙ හැඩ මනා
රතට දිලිහෙන අඩි හයේ කඳ දුරින් දැක්කත් ඉපිලෙනා
හතර වරිගෙම එකම පුත් කඳ මගේ කරගන්නට වෙනා
යම් පිනක් වෙද අනේ දෙවියනි සිහිනෙ හෝ පෙන්වනු මැනා 🙏
.
උන්නෙ මං බහ දෙන්න දැන් කී දොහකටද පෙර කල් බලා
වසංගතයට වඩා ප්රේමෙට හඳුන්පත අඩපණ වෙලා
වලව් මොකටද පැල්පතයි සැප මගේ ප්රේමෙට සැරසිලා
මැණිකෙ දැක්කොත් වසලා ඉවරයි වරෙන් විගහට හැංඟිලා... 🙉😁
.
© විලෝචනා