ඔව් හරිම අහිංසක,ඇල් වතුරත් නිවලා බොන :v විහිළුවට නෙවේ ඉතිං ඇත්තටම හොඳ යාළුවො ටිකක් ගැන ලියපු කවි ටිකක්... ^_^ Love you all guys and hope your friendship will last forever !!! . සිරි වරනි සරනි මුදු වදන් බරිනි පෑ Rivini....... මගේ නෑ නෙත ගැටිලා මා වණන වැනුම් උඩ යවන යැවුම් මහ පොළොවෙන් ඉහලට පා කරලා බෝ මිහිරි වදන් කෙලි ලෝල හඬින් අැසුමට තරමෙන් මගෙ පින පිරිලා ඒ නුදුටු නුවන් දුක සැපට සමෙන් ළඟ උන්නෙන් ....සෝ සංකා මැකිලා ^_^ . මගෙ ගීත අසා... බෝ පැසසුම් කල.. සිත්තරුවෙක් අහඹුව මුණ ගැසුනා සිත මවිත කරන... සිත්තමට ඔබින ඔහු යනෙන මගෙත් සිතුවම් මැවුණා ලෝ සකල කලාවට හපන් ඔහුට.....දෙව් ගතිගුණ නොමදව උරුම වුණා අවවාද බොහෝ සේ අවැසි වෙලාවට Janmika ......කවදත් ළඟ උන්නා O:) . බර හඬැති සිතැති හැඩි දැඩැති හැඩැති හොඳ මිතුරෙක් ලෙස මට මුණ ගැසිලා Rock අසැති ගයැති රළු බවැති මොහුගෙ මුදු හිත තුළ...... රළු ගති නෑ රැඳිලා බෝ විනීත වදනින්..... ගරු සරු මුල් කොට..... මා අමතන ...යහමින් රැඳිලා හොඳ මිතුරු කමට නම් කියාපු මේ අපෙ Vibhatha...කවදත් හොඳ කොල්ලා (y) . හිත රිදෙන පිනන... නෙක වදන් කියන... ඔය Gihan .....ආඩම්බර කොලුවා පොඩි දේට වුවත් හරි ඔරොප්පු වෙන... නුඹෙ හිත මම හොඳ හැටි හඳුනනවා ඔය මොනව වුණත් පොඩි කොලුවා අගෙයි ඒ හොඳ ගති වදනින් වැටහෙනවා බෝ මිහිරි හඬින් මේ සවන් කලක්..... නුඹෙ ගීත අසා........ දින සති ගෙව්වා :v . ඉහ උස්සල වත් මා දෙස නොබැලූ.... වදනක් නොකියූ කොලුවෙක් උන්නා ඒ ඔක්කෝටම හරි ........මූණු පොතේ මොහු කාගෙ කාගෙ වුව හිත් දින්නා සිය ගණන් Comments,මරු මරු Status දිග හරහට එළි වෙනකල් දමනා මගෙ Dilàñඔයාට ගොඩක් ආදරෙයි............. කවදත් අක්කියා ළඟ ඉන්නා :) . රෑ එළිවෙනකල් කයිවාරු ගසන්........ නිදි වැරු කාලේ.... අමතක් වෙන්නෑ මහ බද වැස්සේ ...තනි ගිණි අවුවේ....... අපි නුවර නොගිය බිම් අඟලක් නෑ අපේ Yasodaraවත..... නුඹ ගැන කියන්න එක කවියක් නම් ඇති වෙන්නෑ පොඩි දොස්තර නෝනෝ ,කොහේ ගියත් ලෝචිට නුඹ ඇති නම් අවුලක් නෑ ;) . බෝ නිසල නිහඬ ගති හසල නුඹේ හඬ....... සසල කලේ....... දහසක් පරයා කිසි වරදක් නෑ ..... හරි පාඩුවෙ උන්නට....... මුණු පොතේ මොහු හරි ජසයා කන් පිනන නදක් හිමි කුසලෙ බලෙන් කොයි කාගෙත් හිත් ගත් Dinushaයා සරිගම....... කිව්වත් ඇති මට නම් කවදත් ....... නුඹ මගෙ ප්‍රියතම ගායකයා :v . හිත කලාවටත් ........බර විනෝදෙටත් බර........ ඉගැනුමටත් දස්කම් පෙන්වා කයිවාරු ගසන්නට........ විහිළු කරන්නට ........ඇය පරදන කිසිවෙක් නැතුවා මේ මටම ඔබින.... කෙලි වදන් ගොතන.... ඇය රුව ගුණ සිප් යහමින් වැඩුවා ඔය මැරෙන්න දඟලන ලෙඩ්ඩු Nishadiගෙ..... කතා ඇහුවා නම් ගොඩ යනවා :D . මිතුදමින් වෙලී...... ලද උතුම් සුවෙන්.... සිත සුවපත් වී..... දිවි රැකුණ නිසා හුරතලෙයි.... හඬයි වැයු ගිටාරෙනුයි .....නුඹ තැනුවෙ මගේ හිත දෝස නසා Rock උණයි බණයි මගෙ හැඩයි වැඩයි තුන් වේල කන්න හුරු කෙරුව නිසා ණය ගැතියි Soad නුඹ නොවුනා නම් ...කව්රුත් නැති වෙයි මගෙ ගීත අසා :* . එක එක ගානේ ඔය කව්රු ගැනත්... කවි පද ලියලා Mention කෙරුවා හිත රිදුණා නම් ......මේ ලියපු ඒවා ගැන හෆොයි .....සමාවත් අයදිනවා මෙකී නොකී... තව තවත් ඈයෝ ඇත...... ලියන්න කාලය මද වෙනවා එ් කෙසේ වෙතත්...... අමනාප නොවී දිගුකලක් රැඳෙන්නැයි ඉල්ලනවා :/ . මුළු හිතින් පතමි සැමටම කිරි ඉතිරෙන සිරි සුභ නව වසරක් වේවා !!! ^_^ |
Tuesday, December 30, 2014
...::: ♥ ... මේ කවි දහය මගේ අහිංසක යාළුවෝ ටිකක් ගැන .... ♥ :::...
Subscribe to:
Posts (Atom)