
උඹ මාව අරන් යන්න හදන දිව්‍ය ලෝකේ මට දිව්‍ය ලෝකයක් නෙවේ ...
උඹ හදන්න යන මාළිගාව මට නම් හිර ගෙයක් වෙයි...
පැල්පත් දකින්න ඕන ...
නැත්තන් කොහොමද ඒ දුක දකින්නේ ...එයාලට උදව් කරන්නේ ...
දිව්‍ය ලෝකේ ඉඳලා පැල්පතට ගොඩක් දුරයි ...
ආයේ එන්න යන්න ගොඩක් වියදම් යයි ...
ඒ මිනිස්සුන්ටත් අතීතයක් තියෙනවා ...
ඒ නිසා මාව එයාලට ඉතිරි කරන්න ...
උඹත් එක්ක දිව්‍යෙලා්කෙ යන්න මට එන්න වෙන්නේ නෑ ...
උඹ කෝටි ගාණක් වටින පෝරමයක උරුමක්කායෙක් ...
ඒත් මම පුංචි පෝස්ට් කාඩ් එකකින් සතුටු වෙන කෙල්ලෙක් ...
උඹ අහන්නේ උත්තරේ නම් ...
මට කියන්න තියෙන්නේ මට බෑ කියලා ...
