Pages

Friday, May 14, 2021

පාඩම් කරනවාද? සාකච්ඡා කරනවද?

මට තිබුණ නරකම පුරුද්ද පොත පත කියවන්න තිබුණ කම්මැලිකම. ඉගෙන ගන්න කෙනෙක්ට ඒක ලොකු දුර්වල කමක්. පාඩම් පොත් කෙසේ වෙතත් කතා පොතක් වුණත් තෑග්ගකට හම්බුණත් මං කරන්නෙ වෙන කෙනෙක්ට දෙන එක. පොඩි කාලෙ මාමට කතා පොත දීලා එයා කියෙව්වට පස්සෙ කතාව අහගන්නවා

🤣
.
Campus ජීවිතේ Library එක අඩුවෙන්ම භාවිතා කරන්න ඇත්තෙ මම වෙන්න ඇති.😁 විභාගයක් කිට්ටු වුණාම අත්යාවශ්යම දෙයක් බලාගන්නවා ඇරෙන්න ලොකුවට පාඩම් කරන්න හැකියාවක් මට තිබ්බෙ නෑ මේ දුර්වලකම නිසාම.
.
හැබැයි මගෙ එක පුරුද්දක් තිබ්බා. මම හොඳට දන්න Subject එක විභාගෙ කිට්ටු වෙලා අනික් අයට explain කරන එක. ඉස්කෝලෙදි, Campus එකේදි වගේම Higher Diploma වර්ග කරද්දි කොතනත් මම හොඳට දන්න දේ නොදන්න කෙනෙක්ට කියලා දුන්නා. සමහර විට මට අලුත් දෙයක් බලාගන්න තියෙන අන්තිම පැය ඒක වෙන්න පුලුවන්. ඒත් මට තව කෙනෙක් ගොඩ යනවා බලන්න ඕන වුණා. ඒකෙන් මටත් හොඳට ඒ දේවල් මතකයේ රැඳුණා.
.
මේකෙ හොඳම හරිය එතකොට මම නොදන්න ඒවා කොහොමද ගොඩ ගියේ කියන එක 😁 ඉස්කෝලෙදි නම් මගෙ යාලුවො දෙන්නත් එක්ක Interval එකක්, Empty period එකක් ආවත් පාඩම් discuss කලා. හැබැයි ඒ Cadeting කරන්න පටන් ගන්න කලින්. 🤣 මොකද ඊට පස්සෙ පන්තියෙ නෑනෙ. 😁
AL වලදි සමහර පාඩම් ලොකු අයියා explain කරපු හැටි අදටත් ඒ විදිහටම මට මතකයි. කියවන්න දඟලපු පාඩම් 100 කට වඩා ඒ විනාඩි 15 ගලේ කෙටුවා වගේ ඔලුවෙ තියෙනවා.
Campus එකේ දි හිටියා හොඳට දෙයක් කියලා දෙන්න පුලුවන් යාලුවෙක්. කුප්පියක් එකම දාගන්න ඕන වුණාම ආය ඉතිං දෙයියෙක් වගේ. 😁 විභාගයක් දවසට කලින් දවසක හෝ අන්තිම පැය දෙක තුන කලින්ම ගිහිං මං එයත් එක්ක පොඩි සකච්ඡාවක් දානවා අදාල Subject එක ගැන. අපි දෙන්නට දෙන්න දන්න දේවල් discuss කරනවා. එයා දන්න දේවල් කියන්න කියලා මං අහන් ඉන්නවා.
මට තිබුණෙ Reading වල දුර්වල කමක්. ඒ කියන්නෙ ඇස් වලින් අකුරු කියවන්න අපහසුවක්. Trypophobia වගේ ඒකත් පොඩි අකුරු බලන් ඉන්න තිබුණ අවුලක්. ඉතිං පාඩම් දශමයක් ඔලුවෙ නැති වුණාට එයා කියන දේ එයාගෙ හඬ තමා මට රුකුලක් වුණේ විභාගයට අවශ්ය කරුණු ගොනු කරගන්න.
.
එක එක අයට දේවල් මතක හිටින විදිහ අවධාරණය වෙන විදිහ වෙනස්. මට මතකයො පොඩි කාලෙ අපෙ චූටි අයියා පොඩි test එකක් කලා ඒකෙ හරි වැරැද්ද මම දන්නෙ නෑ නමුත් එදා ඒ ආව පිළිතුර මට නම් හැමදාටම හරි ගියා. ඒ කියන්නෙ පාඩම් කරන්න සුදුසු විදිහ හොයාගන්න ක්රමයක්. මේක කොටස් 2කින් යුක්ත වෙනවා.
1. ඇස් දෙක වහගෙන කෝච්චියක් ගමන් කරන එක Visualize කරන්න කියනවා එයා කියන එක අහගෙන. " ඔන්න දැන් කෝච්චියක් එනවා, දුම් දාගෙන එනවා. ඔන්න පීලි උඩ රෝද කැරකෙනවා " මෙතන ඇඳෙනවා චිත්ත රූප පෙලක්.
2. වැස්ස වෙලාවක ඇතිවෙන හඬවල් වලට අවධානය දෙන්න කියනවා. " ඔන්න ගොරවනවා. විදුලි කොටන සද්දෙ ඇහෙනවා. දැන් වැස්ස වහින්න පටන් ගන්නවා. ටික ටික වතුර බින්ඳු වැටෙන්න පටන් ගන්නවා. වහලෙට වැටිලා වහලෙ දිගේ පහලට ගලන් වැටෙන සද්දෙ ඇහෙනවා" මෙතන හිතේ ඇතිවන අනාහත ශබ්දයට තමා අවධානය යොමු වෙන්නෙ.
මේකෙන් පළවෙනි story එකට වැඩියෙන්ම හිත යන කෙනාට පාඩම් කියවලා දැකලා දෙයක් අවබෝධ කරගන්න පහසුයි. දෙවනි ක්රමයට හිත යන අයට දෙයක් ශ්රවණය කරලා කෙනෙක් කියවන දේ අහන් ඉඳලා හෝ තමන්ගෙම හඬ තමන්ට ඇහෙන විදිහට ශබ්ද නගා කියවලා අවබෝධ කරගන්න පහසුයි කියලා.
මේ test එක කරද්දි අයියට අවුරුදු 15ක් වගේ ඇති 🤣 ඕකෙ හරි වැරැද්ද මොකද්ද කියන්න ඒ කාලෙ තේරුමක් නොතිබුණත් එදත් අදත් හැමදාමත් මගෙ පිළිතුර වුණේ දෙවනි ක්රමය.
ඉතිං discuss කරන එක, අහන එක තමා මට වැදගත් වුණේ දෙයක් පහසුවෙන් තේරුම් ගන්න නම්...
.
පස්සෙ කාලෙක බණ අහන්න පටන් ගත්තම මේ ක්රමය ටිකක් වෙනස් වුණා. ඉස්සෙල්ලම දන්න යාලුවොන්ගෙන් මූලික දේවල් අහගත්තා. ඒ වගේම බණ ඇහුවා. මේ දේවල් වල නොතේරෙන තැන් ආවම... Campus එකේදි ලකුණක් වැඩි කරගන්න වත් පොතක් කියවන්න ඕන වුණේ නැති මට මේ ධර්ම කරුණු වැඩි දුර දැනගන්න ඕන නිසාම අමාරුවෙන් අමාරුවෙන් බණ පොත් කියවන්න පටන් ගත්තා. ජීවිතේට හරි හමන් නවකතා පොතක් වත් කියවලා නැති මං ඒ විදිහට දිගට දිගේ බණ කතා පොත් කියවන්න පටන් ගත්තා. දැන් නම් මට කියවන්න අපහසු නෑ. හැබැයි ඒකත් බණ පොත් විතරයි 😁 අනික් ඒවා කියවන්න කම්මැලියි.
.
ධර්මය ගැන දෙයක් දැනගන්න ඕන වුණාමත් ඒ ගැන තේරුමක් තියෙන කෙනෙක් එක්ක කරන දීර්ඝ සාකච්ඡාව අර කියවන එකට වඩා ඔලුවට යනවා. විශ්වගෙ අම්මා, විශ්වගෙ චූටි මාමා, ගීසර අයියා, Shean අයියා මෙකී නොකී ගොඩක් අය හිටියා ධර්ම සාකච්ඡාවක් බරටම කරන්න interest එකක් එන.
හැබැයි මොන subject එකේදිත් ප්රවේසම් වෙන්න ඕන අපි මේ සාකච්ඡාව කරන්න තෝරගන්නෙ නිවැරදි පුද්ගලයෙක්ද කියන එක 😁
ඉතිං... හොඳට දැනුම් තේරුම් තියෙන කෙනෙක් එක්ක අපි ආස subject එකක් දීර්ඝ වෙලාවක් discuss කරනවා කියන්නෙ ඒක වෙනම භාවනාවක් තමා !!! 😍💛🙏
.
~ විලෝචනා ~