💛 ගෞරවනීය අපරැක්කෙ ප්‍රඥ්ඥාසාර හිමි හෙවත් සුබෝධ හිමි සහ ගිහාන් පවර මහතාගේ Comment වලින් උපුටා ගත්තකි 🙏
.
අනුභවයට පිලියෙල කරන ලද මාංශ වල ජිවයක් නොපවති. එය සංස්කාරයක්ම ය. එබැවින් එහි අකුසලයක් වන්නෙ නැත. නමුත් ප්‍රාණගාථය සිදු කරන තැනත්තා නිසැකවම එහි විපාක භූක්ති විදි ! යම් කෙනෙක් එළවළු තෘෂ්ණාවෙන් අනුභව කරන්නෙද, එතන කෙලෙස් හට ගනි. එම නිසා අදාල වන්නේ ලබාගන්නා ආහාරය කුමක්ද යන්න නොවෙයි, ගන්නා ආහාරය මත ඇති කරගන්නා සිතුවිල්ල මතයි. - (ගිහාන් පවර මහතා)
.
මස් මාංශ අනුභවය පවක් කියා,
මස් මාංශ අනුභවයෙන් ප්‍රාණඝාතයට සම්බන්ධ වීමක් වනවා කියා,
ඒවා අනුභව කරන සියල්ලන් දුස්සීලයන් කියා,
නිර්මාංශ වන්නන් ම පමණක් සිල්වතුන් කියා,
බුද්ධ පූජාවට මස් මාංශ පූජා නොකළ යුතුයි කියා,
නිර්මාංශ වීමෙන්ම පිරිසිදු වෙයි කියා...
... ආදී වරදවා ගත් කරුණු හේතුවෙන් නිර්මාංශ වෙනවනම් ඒකෙන් කුසලයක් රැස්වීමක් කෙසේ වෙතත් අකුසල් නම් රැස් වෙනවා. මොකද, මස් මාංශ අනුභව කරන සියලු දෙනා දුසිල්වතුන් හැටියට සැලකීම, නිඝන්ඨනාතපුත්ත වගේ නිර්මාංශවාදී අන්‍ය ශාස්තෲන් කෙරෙහි පැහැදීම ආදී නොයෙක් දේවල් වෙන්න පුලුවන්...
💛 එහෙම නැතුව....
🙏 තමන් මස් මාංශ අනුභව නොකර සිටීමෙන් අනාගතයේ යම් කෙනෙක් අතින් මැරීමට සිටින සතෙකුගේ ජීවිතයක් බේරාගැනීමේ චේතනාවෙන්...
🙏 තමන්ගේ රස තෘෂ්ණාවෙන් මිදීමේ චේතනාවෙන්...
නිර්මාංශ වෙනව නම් ඒක කුසලයක් 🙏🙏🙏 - (සුබෝධ හිමි)