Pages

Tuesday, December 30, 2014

...::: ♥ ... මේ කවි දහය මගේ අහිංසක යාළුවෝ ටිකක් ගැන .... ♥ :::...


ඔව් හරිම අහිංසක,ඇල් වතුරත් නිවලා බොන :v
විහිළුවට නෙවේ ඉතිං ඇත්තටම හොඳ යාළුවො ටිකක් ගැන ලියපු කවි ටිකක්... ^_^
Love you all guys and hope your friendship will last forever !!!
.
සිරි වරනි සරනි මුදු වදන් බරිනි පෑ Rivini....... මගේ නෑ නෙත ගැටිලා
මා වණන වැනුම් උඩ යවන යැවුම් මහ පොළොවෙන් ඉහලට පා කරලා
බෝ මිහිරි වදන් කෙලි ලෝල හඬින් අැසුමට තරමෙන් මගෙ පින පිරිලා
ඒ නුදුටු නුවන් දුක සැපට සමෙන් ළඟ උන්නෙන් ....සෝ සංකා මැකිලා ^_^
.
මගෙ ගීත අසා... බෝ පැසසුම් කල.. සිත්තරුවෙක් අහඹුව මුණ ගැසුනා
සිත මවිත කරන... සිත්තමට ඔබින ඔහු යනෙන මගෙත් සිතුවම් මැවුණා
ලෝ සකල කලාවට හපන් ඔහුට.....දෙව් ගතිගුණ නොමදව උරුම වුණා
අවවාද බොහෝ සේ අවැසි වෙලාවට Janmika ......කවදත් ළඟ උන්නා O:)
.
බර හඬැති සිතැති හැඩි දැඩැති හැඩැති හොඳ මිතුරෙක් ලෙස මට මුණ ගැසිලා
Rock අසැති ගයැති රළු බවැති මොහුගෙ මුදු හිත තුළ...... රළු ගති නෑ රැඳිලා
බෝ විනීත වදනින්..... ගරු සරු මුල් කොට..... මා අමතන ...යහමින් රැඳිලා
හොඳ මිතුරු කමට නම් කියාපු මේ අපෙ Vibhatha...කවදත් හොඳ කොල්ලා (y)
.
හිත රිදෙන පිනන... නෙක වදන් කියන... ඔය Gihan .....ආඩම්බර කොලුවා
පොඩි දේට වුවත් හරි ඔරොප්පු වෙන... නුඹෙ හිත මම හොඳ හැටි හඳුනනවා
ඔය මොනව වුණත් පොඩි කොලුවා අගෙයි ඒ හොඳ ගති වදනින් වැටහෙනවා
බෝ මිහිරි හඬින් මේ සවන් කලක්..... නුඹෙ ගීත අසා........ දින සති ගෙව්වා :v
.
ඉහ උස්සල වත් මා දෙස නොබැලූ.... වදනක් නොකියූ කොලුවෙක් උන්නා
ඒ ඔක්කෝටම හරි ........මූණු පොතේ මොහු කාගෙ කාගෙ වුව හිත් දින්නා
සිය ගණන් Comments,මරු මරු Status දිග හරහට එළි වෙනකල් දමනා
මගෙ Dilàñඔයාට ගොඩක් ආදරෙයි............. කවදත් අක්කියා ළඟ ඉන්නා :)
.
රෑ එළිවෙනකල් කයිවාරු ගසන්........ නිදි වැරු කාලේ.... අමතක් වෙන්නෑ
මහ බද වැස්සේ ...තනි ගිණි අවුවේ....... අපි නුවර නොගිය බිම් අඟලක් නෑ
අපේ Yasodaraවත..... නුඹ ගැන කියන්න එක කවියක් නම් ඇති වෙන්නෑ
පොඩි දොස්තර නෝනෝ ,කොහේ ගියත් ලෝචිට නුඹ ඇති නම් අවුලක් නෑ ;)
.
බෝ නිසල නිහඬ ගති හසල නුඹේ හඬ....... සසල කලේ....... දහසක් පරයා
කිසි වරදක් නෑ ..... හරි පාඩුවෙ උන්නට....... මුණු පොතේ මොහු හරි ජසයා
කන් පිනන නදක් හිමි කුසලෙ බලෙන් කොයි කාගෙත් හිත් ගත් Dinushaයා
සරිගම....... කිව්වත් ඇති මට නම් කවදත් ....... නුඹ මගෙ ප්‍රියතම ගායකයා :v
.
හිත කලාවටත් ........බර විනෝදෙටත් බර........ ඉගැනුමටත් දස්කම් පෙන්වා
කයිවාරු ගසන්නට........ විහිළු කරන්නට ........ඇය පරදන කිසිවෙක් නැතුවා
මේ මටම ඔබින.... කෙලි වදන් ගොතන.... ඇය රුව ගුණ සිප් යහමින් වැඩුවා
ඔය මැරෙන්න දඟලන ලෙඩ්ඩු Nishadiගෙ..... කතා ඇහුවා නම් ගොඩ යනවා :D
.
මිතුදමින් වෙලී...... ලද උතුම් සුවෙන්.... සිත සුවපත් වී..... දිවි රැකුණ නිසා
හුරතලෙයි.... හඬයි වැයු ගිටාරෙනුයි .....නුඹ තැනුවෙ මගේ හිත දෝස නසා
Rock උණයි බණයි මගෙ හැඩයි වැඩයි තුන් වේල කන්න හුරු කෙරුව නිසා
ණය ගැතියි Soad නුඹ නොවුනා නම් ...කව්රුත් නැති වෙයි මගෙ ගීත අසා :*
.
එක එක ගානේ ඔය කව්රු ගැනත්... කවි පද ලියලා Mention කෙරුවා
හිත රිදුණා නම් ......මේ ලියපු ඒවා ගැන හෆොයි .....සමාවත් අයදිනවා
මෙකී නොකී... තව තවත් ඈයෝ ඇත...... ලියන්න කාලය මද වෙනවා
එ් කෙසේ වෙතත්...... අමනාප නොවී දිගුකලක් රැඳෙන්නැයි ඉල්ලනවා :/
.
මුළු හිතින් පතමි සැමටම කිරි ඉතිරෙන සිරි සුභ නව වසරක් වේවා !!! ^_^

Monday, December 29, 2014

...::: කොලුවගෙ පැනය :::...


.
ඉලන්දාරි නුඹෙ දහංගලේ අද කොහේ ගිහින්වද..............මම දන්නෑ :/
නුඹෙ වදන් බරයි... හඬ මලානිකයි......පෙර වගේ සිනා කැන් පූදින්නෑ :(
මුළු දිනක් හමාරක් ගෙවී ගියා.............. හුරතලේ නැතුව හිත වාවන්නෑ o.O
මම මගේ වගක් ගැන බලා කියාගෙන තුටින් උන්නා මිස.... වෙනසක් නෑ :/
.
ආදරේ නෑලු..... මගෙ අගේ නෑලු..... නඩු කියලා අහලා බේරිල්ලක් නෑ :/
මං ඕනෙ නැද්ද...... සිහි වෙන්නේ නැද්ද ඇසු හරස් ප්‍රශ්න අහවරයක් නෑ >:(
දෙයියනේ කියලා... කැම්පසුත් ආවා ගිය සෙමෙස්ටරෙත් ගොඩ අවුලක් නෑ ;)
මොන විභාගයත් හරි.......... ඉලන්දාරි මේ කොලුවගෙ පැනයට විසඳුම් නෑ :v
.
එක එකා වගේ මේ මමත් ගණන් ටික තියන් හිටියා නම්..... මේ දුක නෑ ;)
මං ළඟින් උන්නා වැඩි නිසා අගේ අඩු වුණැයි...... නොකී එක දවසක් නෑ :v
මේ තරම්ම වද දෙන නිසා.......පුරස්නෙන් පැන යන්නත් මට හිත දෙන්නෑ :/
ඔය දෙකින් එකක් බේරලා මිසක............ මං එළිවෙනකල් ඇස් පියවන්නෑ >:(
.
හරි හොඳයි කොලුවො මේ ටිකත් නුඹේ හිත තියන් ගියොත් කිසි පරහක් නෑ :/
මගෙ නුවන් සරී........ ප්‍රාණයත් සරී .........මිතුරන්ගෙන් මට කිසි අඩුවක් නෑ ^_^
කොයි කවුරු වෙතත්......මා වටකර,මට..... 'නුඹ' පරයන කිසිවක් මිහි පිට නෑ :*
මේ හඬත් නුඹේ...... මුළු හිතත් නුඹේ ......වග දන්නව නම් නුඹ දුක් දෙන් නෑ :(

♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ 

Sunday, December 28, 2014

...::: උඹ ආදරෙයි නේද ඒ ඉලන්දාරියට :::...

වතුර බිඳුවක් පවා හිරිකිත :/
පුපුරු ගහන හීතලේ ...
චිරි චිරි වැස්සේ ... o.O
වෙව්ල වෙව්ල,
තනිපංගලමෙ,
හාමතේ ...
උඹ පාරට බැස්සම ...
හිත කිව්වේ මට මෙච්චරයි ...
"පලයන් අර අහිංසකයගෙ තනියට... ඒකා අසරණ නොකර" :(
කඩි මුඩියෙ ලැහැස්ති වෙලා,
කඩේකට ගිහින්,
උඹෙ බඩ පිරෙන තුරු කවලා,
Goods Shed එකේ මඩ වලවල් උඩින් පැන පැන :v
උඹව බස් එකට ඇරලලා ගෙදර ආවම,
හිත මට කිව්වේ මෙච්චරයි ...
"උඹ ආදරෙයි නේද ඒ ඉලන්දාරියට ??? " :*

Tuesday, December 23, 2014

...::: මං දන්නවා :::...


එක දශමයක් උඹට දැනෙන්නේ නැති වේදනාව ...
උඹෙ අඩු පාඩුවත් පුරවගෙනයි මට දැනෙන්නේ ...
මම උන්නත් මලත් උඹට වෙනසක් නැතුවට,
මට එය කොතරම් වේදනාවක්ද බව ...
උඹ දන්නේ කොහෙද???
මම දන්නෙත් අද ...
උඹ විතරක් සුනාමියට තනියම යවන්නේ කොහොමද???
ඔන්න මගෙ සන්තකේම එව්වා උඹත් එක්ක උඹෙ තනියට ...
මට කියලා කිසි කෙනෙක් ඉතිරි නොකර ගෙන ...

...::: පිපේවි හෙට මත් මලක් :::...

:O  ..................... කළු දහරෙන් නැසී පිළිකුල වැරූ  ...................  :O
................. කටු කිණිසි විස ඝෝර සර්ප විමාණේ ..................
>:(  ..........කළු කබා හැඳි රකුසන්ගේ මලානික ඇස් අස්සෙන්..........  >:(
.......... ලේ තැවරී ජරා ජීර්ණ වූ මල සිරුරු මතින් පැන ............
O.o  .............. අඳුරු බියකරු අමු සොහොන් බිම් පසු කර .............. O.o
......... මූසල කෑරලුන් උලමන් ගේ අමනුෂ්‍ය සේයාව මකා  .........
:* ...................  <3 පිපේවි හෙට මත් මලක් ! <3 ..................... :*

Thursday, December 18, 2014

...::: පව් කාර පෙම්වත :::...

ලාවා පිරුණු පපුවේ,
උණුහුම වරා ගත් ,
පීඩාකාරී කඳුළු ,
පැන් කෙණ්ඩියෙන් ගෙන,
දෑඟිලි දොවා,
පෝරු මස්තකේ ,
ඇගේ අත ගෙන,
අයෙකුට වෙස්සන්තරයද,
තවකෙකෙුට අෂ්ටකයද,
ඇස්සවූ...
පව් කාර පෙම්වත ,
මගෙන් ඔබට සුභ පැතුම් ...

...::: තුමණි :::...

සොඳුරු වූවන්... ^_^
සොඳුරු වූ තැන් ...
දෙස අඩක් දකුණට හැරී ආචාර කර ... :)
තද බල ලෙස කියා සිටියෙමි...
සියල්ල සම්පූර්ණයි නිවැරදියි කියා ... :/

මම දන්නවා ...
Drill discipline,Mess Etiquettes ,Billet inspection,
Kit inspection,PT මේවා සැරටම බලලා
තිතට Roll Call එකත් ගත්තේ මගේ යහපතට ... :)
මගේ හොඳ සේරම හැදුවෙ උඹ ...
Assault Course එකේ ,
හැම obstacle එකම clear කරන්න උදව් කලා ... :)
කාලයක් සීරුවෙන් තියලා ...
පස්සේ ඉඳලා හිටලා පහසුවෙන් තිබ්බට ...
දැන් උඹ බය නැතුව කියනවා "සිත් සේ සිටින්" කියලා ... (y)

උඹ පුහුණු කල ඇයට ...
උඹත් පසුකර යන්න වෙලා ...
තවත් උහුලනු නොහී ...
On your own time fire
යැයි අණ දුන්නේ සමුගන්න ළඟ හින්දා ... o.O
සීරුවට ඇවිත් ...
කඳුළු කඩා හැලෙන ඇස් පිස නොදමා ...
විනය රැකගෙන ... :(
මම ඇත්ත දන්න වග දැන දැනත් ...
"මා ළඟ හිස් කොපු හෝ ජීව උණ්ඩ කිසිවක් නැත "
කිව්වේ ... කර කියා ගන්න දෙයක් නැති තැන බැව් ...
මම දැන්නවා ... :(
අද හිස් අහස සැරසුණත් ...
උඹ නැතුව දිළිසෙන තරු වලට වඩා ...
Retreat bugle call එක සනීපයි ... o.O
තුමණි ...

Monday, December 15, 2014

...::: සැණකෙළිය :::...

සිරි යහන් ගැබ,
බිතු මත්තේ රජයන,
ගතරුව ... ♥

" නුඹ " ...
කෙමෙන් කෙමෙන් , o.O
හති දම දම ,
ලොවේ දොස් කනකට නොගෙන ,
තැනූ සැණකෙළියේ ... ^_^

රුසිරු අයිතිය ගෙන,
හෙට නුඹටත් එයට ,
මුදල් ගෙවා ඇතුල් වෙන්නැයි , :o
නීති දමන ,
දැන්වීම් එල්ලන උන්ට,
උඹ බය නැතුව කියාපන් ,
මේ ටික... :/

" ඔව් ! මම ,
සර්පයෝ අයින් කලා ...
බැමි ගැහුවා ...
උයන් කෙරුවා ...
මම නැත්තන් ,
උඹලට බෙදන්න වෙන්නේ ටිකට් නෙවේ ... :v
මාරි "

...::: ලෝචි :::...

Sunday, December 14, 2014

...::: Cetirizine :::...

සීතල උහුලන්න බැරි නුඹ ... o.O
කඩුගන්නාව කන්ද නගින්න පටන් ගත් තැන ඉඳන් ...
අම්බෝ බෑ කිය කිය ... :O
කිටි කිටි කිටි ගගා දත් පූට්ටු කර කර ...
Super Man ... හචින් යව යව " I'm Super bad ... " කිව්වා වගේ, :v
අඹ ' බ 'යන්න කියා ගන්න බැරුව දඟලන නිසා ...
ඔන්න මම Stand by තියාගත්තා,
Cetirizine ...

Wednesday, December 3, 2014

...::: නුඹ මගෙ හද ගත්තු නියා :::...

♥ ♥ ♥ ♥ ...................... ♥ ♥ ♥ ♥

ඉඟ සුඟ ......... නලව නලවා ඉඟි බිඟි කරනා ;)
රඟ රඟ ........නෙතු අගින් මට ඇවටිලි කරනා :v
නග නග ....... සිනා රැල් තනි කම් දුරු කරනා :D
ළඟ ළඟකදි ........ ඉඳන් කුමරෙකු නිදි වරනා :/

♥ ♥ ♥ ♥ ...................... ♥ ♥ ♥ ♥

සොඳ සොඳ .. හෙල සිරිත් යහමින් හඳුනන්නේ :O
මද මද ....... දම් කරුණු හෙම පහදා දෙන්නේ :)
නද නද .......... මගෙ අසා උමතුව පසසන්නේ O:)
සඳ සඳ ....... පෑයු සඳ නුබ සැණකෙලි ගන්නේ ^_^

♥ ♥ ♥ ♥ ...................... ♥ ♥ ♥ ♥

රස බස් ...... දෙතොළගින් නිතරම මිමිණු නියා :v
දස මස් ... දැරු ඇගේ පෙම සම කෙරුණු නියා ^_^
දස දස් .. ගණන් ගැන සිත නොම නැවුණු නියා :/
ලෙස තොස් .. කියමි නුඹ මගෙ හද ගත්තු නියා :*

Wednesday, November 26, 2014

...::: Accommodation & Concentration :::...

හොරෙන් හොරේ මගේ හදවතේ,
Accommodation ඉල්ලන නුඹ නිසා ... :O
වරෙන් වරේ මගේ හිතේ,
Concentration නැති වුණා... :/

Thursday, November 20, 2014

...::: වසන් කරන්න :::...

වසන් කරන්න බෑ නුඹෙන්,
ඔය කියන ළඳුන්ගෙ සංකර... :/
වසන් කරන්න බෑ ඒ ළඳුන්ගෙන්,
නුඹේ ඔය ඉලන්දාරී හුරතල් ... :(
ඒත් ඔව්වා මතක් වෙනකොට,
වසන් කර ගත හැකි සදහටම,
මගෙ ඇස් ... o.O

Wednesday, November 19, 2014

...::: හුරතල් කොච්චිය :::...

ඔයා සමන් පිච්ච මලක්ද ඔච්චර සුවඳ :/
නැත්තං :O හුරතල් කොච්චියක්ද ^_^ කච කචේ කෙලවරක් නැති ???
Slow Motion දාලා ආයෙ ආයෙ බැලුවත්
මට බෑනෙ ඔයාගෙ එක බැල්මක් ...
ඇස් කැරකවිල්ලක් තියා ,
කට උල් කර කර කියවද්දි කරන ,
එකම එක කෝලමක් වත් Copy කරන්න ...
පණ්ඩිතයා වගේ කිව්වා නේද ???
කෙල්ල රැජීණ වුණත් මට කැමති නං උස්සන් එනවා කියලා ... :D
ඔව් දැන් මටයි ඒක හිතිලා තියෙන්නේ ... :/ :/ :/

Monday, November 17, 2014

...::: ♥ "මම" නෙවේ ... "මට "... ලියන ලද්දක් :::...

අනපේක්ෂිත පරිද්දෙන් ,
මාගේ අසංඛ්‍ය වූත් කුළුඳුල් වූත් ප්‍රේමය ...
ඇගේ හිතට ගෙන ආ අප්‍රමේය සහනය,
ඉඳුරාම විය උත්තේජක බලය ...
රික්තකයක මෙන් අනන්තය කරා වූ ...
ඇගේ හිතේ අසීමාන්තික ප්‍රේමයේ ත්වරණය,
සමාජය නම් වාතලයේ ප්‍රතිරෝධයෙන් ,
නිහඬවම විය මන්දනය ...
බ'නූලි උඹ කිව්වා සේම ...
පසු බැස්ස ඒ ප්‍රවේගය ,
උත්සන්න කළේ,
ඇගේ හිතේ පීඩනය...
යා යුතු හෙයින් අවසානය තෙක්ම,
දිරිදෙනු තනන්නට මට ඒ රික්තකය ...
.
.
.

♥ "මම" නෙවේ ... "මට "... ලියන ලද්දක්... (y)
මට අයිතියක් නෑ ... ඒත් මගේ ..................
කියලා තමයි ....................................... හිතන් ඉන්නේ ^_^ (y)
.

Sunday, November 16, 2014

...::: තහංචියක් :::...

♥ ♥ ♥ ♥ ♥ ♥

ලා හරිත වෙස්ගත්, :)
ලා දල්ලක් අග්ගිස්සේ, :/
පිණි පිණි ඈදිලා හැදුණු පිණි බිඳුව උඩට... :O
පළමු හිරු කිරණ වැටෙද්දිම, ^_^
නික්මුන දිස්නේ , :O
මට දිස්වුණේ, ^_^
ඔය රෝස පැහැ දෙතොල් සොලවා , O:)
හා හා පුරා නුඹ මට සිනාසුන කණිසමේ ... ^_^
...

හෙමින් හෙමින් රාස්සිගේ අව්ව අස්සෙන් >:(
වැසි පොද එකාට එකා :/
මාව සිප ගන්න ඔට්ටු අල්ලද්දි >:(
ඒ ගැන හාංකවිසියක් වත් නොදැන :O
හදිසියේම :O
මේ තොල් පෙති මත පතිත වී o.O
තැතිගැන්වී මදෙස බැලූ :O
අවිහිංසක පිණි බින්ඳුවට ♥
පපුව මැදින් :O
සීතල දියර ඉරක් ගලා :O
හිරගඩු පිපුණු හැටි :O
මට අායෙ සිහි වුණා ^_^
ඔය සුළැඟිල්ල O:)
මගේ සුළැගඟිල්ලේ ^_^
පැටලුණු මොහොතේ ♥
...

තහංචියක් මට නෑ නුඹ ගැන කවි ලියන්න, ♥
එළිසමයට වඩා උඹෙ හුරතලේට මං ආදරේ නිසා ... :*
...

Saturday, November 15, 2014

...::: සමන්මල් පියල්ලේ :::...

ධාරාණිපාත වරුසාව අවසන් වුණා ...
නිදි මර ගාතේ ඇහැ ඇරුණා ... :/
නාද වෙන දුරකථනය නිහඬ කරවා...
පසෙක තබන්නට සිතු මුත් ...
යළිත් පිළිතුරු දෙන්න සිතා
තොල් මිමුණුවා ...
අසන්නට ලැබුණා සුපුරුදු වදන්
නුපුරුදු ස්වරෙන් ... :O

....................."නුඹේ තහංචි විරහිත ප්‍රේමය...
......................මා මෙතැනට රැගෙන ආවා මිස ...
......................නුඹ එපා කීවා නම් ...
......................මේ කිසිවක් අත්හැරීම මට කටුක නොවේ ... " :p

රුහුණු මොරටු විද්‍යාර්ථීන් ,
නුඹත් ඇතුළුව ...
මද්දහනේ රොක් වුණ ගමන ...
සංගීත රාවෙන් මත් වී ...
සමන්මල් පියල්ලේ... :D

පරෙවියන්ගේ අඩවිය ඉදිරියෙන් ...වෙරළ තීරේ ...
එහෙට මෙහෙට...එහෙට මෙහෙට...
දිව යන්නේ ...කොයි කවුරුත් සිහියෙන්
නිවෙස් බලා පිටත් කිරීමේ අදිටනින්ලු ... ;) :D :v
දුටු සිහින කියු කතා අමතක කර ...මහ මුහුදට පින් දිදී
අම්මාගේ උපාධි අපේක්ෂිත පුත් රුවන ... ^_^
නිවසට යාවි තව ස්වල්ප වේලාවකින් ... :)

...................නුඹේ ඔය කෙළිලොල් නිදහස ... :)
...................නුඹට සිත්සේ විඳින්නට දීම තුළ ... :)
...................කිසවක් හොඳයැයි අනුමත් කිරීමක් සිදු නොවන මුත්... :)
...................විඳින්න මිතුර නුඹ නුඹේ හිරිමල් යුගය ... :)
...................කොලු කමට ඉරිසියාවක් නැති නිසා :)
...................තාරුණ්‍යයේ පුනරාගමනයක් නොවන නිසා ... :)

මීට,
ලෝචි ...

Thursday, November 13, 2014

...:::ළඳුනේ :::...

ඔහු මගේ කිසිවෙකුත් නොවේ ...
මට වඩා ඔහු දන්නා දකිනා නුඹලා ...
පුන පුනා කුහුලෙන් විමසන දේ
අරුත් බර නොවේ ...
මූණු පොතේ,
දුරකතනේ ,
විටින් විට නද දිදී ...
අසන එකම පැනයට පිළිතුර මම නොවේ ...
මා කිසිවකුගේ නොවේ ...
මම ඔබේ පුරාණේ සිහින කුමරාගේ
වත්මන් සිහින කුමරිය නොවේ ...

Wednesday, November 12, 2014

...::: සිව් බඹ විහරණයෙන් යුත් මගේ අප්පච්චී :::...

"ළඟ ළඟ වත්තේ කෙහෙල් කැන් තුනක්ම වැටුණා ...
බේසමේ අහුරලා තිබුණා හරියට සිවුරක් එළලා වගේ ..."

තමන්ගේ අතින්ම හිටවපු කෙසෙල් පැළ වල ඵලදාව මතක් කර කර අප්පච්චි එහෙම කිව්වේ පුදුමාකාර සතුටකින් ... ඔන්න ඉතින් මමත් එද්දි කෙහෙල් ඇවරි දෙකක්ම අරන් ආවා ... :D
මේ දවස් වල අප්පච්චිගේ හිතේ තියෙන්නේම පොළවේ පය ගහලා ඉන්න බෑනා කෙනෙක්ට මාව දීග දෙන එක ගැන ... :/
එහෙම මාමණ්ඩියෙක් ලබන්න බෑනා පින් කරලා තියෙන්න ඕන ... :O

හේන් කොටලා දුක් මහන්සියෙන් ඉගෙන ගත්ත හැටි,
යුද්ධ කාලේ බෝම්බ වලට අහුවුණ හැටි,
දුක් මහන්සියෙන් හැමදේම සාර්ථක කරන්,
රැජිණගේ දේසේ වගේම තවත් දේස දේසයන් වල ලත් අත්දැකීම් අහන්න,
අප්පච්චි අතින් රස කර කර අපිට හදලා දෙන දේවල් රස විඳින්න
අපේ දරුවන්ටත් පින තියෙන්න ඕන ... :/

දැනට උනත් වැඩ ඇරිලා රෑ බෝ වෙලා ගෙදර ආවත් විවේකයක් වත් නොගෙන අපි වෙනුවෙන් රසවත් යමක් පිළියෙල කර එකට අසුන් ගෙන ඒවා භුක්ති විඳීම තරම් සැපතක් ඔහුට තවත් නම් නෑ ... ^_^

නමුත් අපි වෙනුවෙන් තට්ටු ගණන් ගෙවල් හදලා ...
දෑවැදි රන් අභරණ සියල්ල හදලා ...
අපිට උගන්නලා අපි වෙනුවෙන් මහන්සි වෙලා
සියල්ල අවසානයේ ඔහු ගෙදර එන විට අපි කවුරුත් එහි නෑ ... :(

ඔහු දෙස බලන බොහෝ විට මට මතකයට නැගෙනුයේ ...
ඉංග්‍රීසි සාහිත්‍යයේ එන ... Arthur Waley ගේ The old poem නම් කවි පෙළයි ... :/

I'll boil the grain and make porridge,
I'll pluck the mallows and make soup.
Soup and porridge are both cooked,
But there is no one to eat them with.
I went out and looked towards the east.
While tears fell and wetted my clothes...

නමුත් නුඹව තනි කරන්නේ නෑ ... කිසි දිනක ... ^_^

...::: සිව් බඹ විහරණයෙන් යුත් මගේ අප්පච්චී :::...

Monday, November 10, 2014

...::: මම නුඹේ :::...

..................... ♥ .. ♥ ................ ♥ .. ♥
............. ♥ ...................... ♥ .................... ♥
......... ♥ ............... ආදරේ වැහි වහින ................. ♥
.............................. කටකාර ඇස් ගාව ..................
..... ♥ ................ හැංඟි මුත්තන් සොයන ................. ♥
.............................. මම නුඹේ සුරතලිය .....................
...... ♥ ................................................................ ♥
.......................... සුවඳ සොය සොය ඇදෙන ...............
........... ♥ ........... තුන් යමේ මල් නෙලන .......... ♥
............................ නෙල නෙලා පෙම් කරන ........
.................. ♥ ...... මම නුඹේ වන රැජිණ ..... ♥
..........................................................
.......................... ♥ .... විලෝචනා .... ♥
..............................................
...........................................♥

Wednesday, November 5, 2014

...::: පරාජිත හාදුව :::...

♥ ♥ ♥

දේදුනු දෑල මැද්දේ... ^_^
දළ බෑවුමක රූටා ... :/
සැනින් හමුවූ සීඝ්‍ර බෑවුමෙන් ... :O
ඇද හැලුණා O:)
මම දුන්හිඳ වගේ... ^_^

රෝස පෙති දෑලේ ... ♥
රික්තකයක් හමුවුණා ... :/
චාලක ශත්තිය ශුන්‍ය වුණා ... o.O
අවස්ථිතිය වැඩි වුණා... :O

අඩසඳ කපාට ... :(
මට නෝක්කාඩු කීවා ... >:(
සීඝ්‍ර බෑවුම් දළ බෑවුම් පසු කර o.O
භූමරංග සිතුවිළි ... :/
යළි අහසට නැගී ... :/
දේදුණු දෑලේ ♥
රෝස සුවඳක් සනිටුහන් කලා ... :*

♥ ♥ ♥

Monday, November 3, 2014

...::: අවසන් සිහිනය :::....

කඳුලෙන් නැහැවී
බොර දිය ගල්වා
කැලතුවා සේ ...
සායම් ඇහිරී
බොඳවුණා,
අවසන් සිත්තම ... o.O

උන්මාද ස්වරේ
මුමුණ මුමූණා ...
පෙළගැසූ සප්තකේ ...
හැඟුමන් විසිරී
වියැකුනා,
අවසන් තනුව ... o.O

හිම කුණාටු අතරේ ...
හිරි වැටී... හිරි වැටී...
ගල් ගැසී මගේ සිත...
නිම වුණි,
අවසන් සිහිනය ... o.O

Sunday, November 2, 2014

...::: අවසන් සාදය :::...

♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥

සඳ නැති දහවලක් තිබුණද
හිරු නැගුණත් හරි මේ අරණට
මොහොතකට වැසුනත් මිහි දුමකට
සතුටින් නම් ඒ ඇති මසිතට ... ♥

මේ තොල් පෙති මත
තැවරුණු ඔය මුදු දෙතොලේ
මත් වෙයි අද මීවිත දෙවඟන
කම් නැත මගෙ සඳ
එක් කණිසමකට
හිත රැඳුනේ නම් මේ පහස... ♥

නෙත ගැටේවි රසඳුන
අඟනන් ගේ රැඟුමන් අතරේ
කෙලිලොල් නුඹෙ සිත සොරාගෙන
කම් නැත මගෙ සඳ
කරනුය සුවඳම
නුඹෙ සුවඳින් අවසන් සාදය... ♥

:* :* :* :* :* :* :* :*

...::: Vanish my fear :::...

It's still your password ...
Ending with your birthyear ...
It's still your photograph ...
Shining on my wallpaper ...
You're still the super star
Drumming through my inner ear ...
I watched a horror movie ...
Please come & vanish my fear ...

Saturday, November 1, 2014

...::: ♥ සුදු අම්මා ♥ :::...


හඬා වැලපී මගේ දුක ළඟ :/
හොවා තුරුලේ සනසා සිත ^_^
කියා දුන් ඒ ජීවිතය මරණය හැර :(
විඳින්නේ හුදෙක් නුඹ වෙනුවෙන්මය o.O
නුඹ නිසා නැවතුණ මට :(
නැත නුඹෙන් මතු කිසිවක් :/
අතැර හුරු පුරුදු දිවිපෙත :v
මා එනතුරු නැවතී සිට ... :)
වැටෙන වැටෙන වර o.O
අතදී නැගිටවන ... :)
නුඹයි මගේ ^_^
සුදු නොවන :O
අම්මා නොවන :O
සුදු අම්මා ... :*

Saturday, October 25, 2014

...::: _____ ♥ YOUR ♥ _____ :::...

_____ ♥ YOUR ♥ _____
..........Innocent smile ....... ^_^
..........Talkative eyes............ ;)
............Polite words .............. :)
...... Naughty nuisances .......... >:(
...............Sexy glance ............. :o
................Baby Touch ............. :*
............ Playful Kisses.............. :v
..........Parental Warmth ........... ^_^
..............Kind Concern........... :'(
......Immeasurable Love........ ♥
♥ ... Makes My Heart ... ♥
:* :* :* Beat Faster :* :* :*

Friday, October 24, 2014

...::: සිනාව :::...

♥ ♥ ♥
අද හෝලි උත්සවේ ... ♥
ඔයත් එක්ක පාට ගාගෙන නටන්න තිබුණා ... :*
ඔයත් හිටියා නම් ... :/
කෝ ඔයා නෑනේ ... :(
ඒත්, :/
ඔයා එක පාරක් හිනාවුණාම :O
මුළු හෝලි උත්සවේම පරදිනවා ... :D
ඔය හිනාවෙ වර්ණාවලියට ... ^_^
:* :* :*

...::: ආදර ඇවටිල්ල:::...

....... අඳුරු මුහුණේ ඇස් රතු කරන් ........ o.O
................. අදි මදි කරයි ....................... :(
... හැර යන්න නොහැකි බැව් සැලකරයි ... -_-
............... ළදරුවෙකු සේ ...................... :/
................ ඇවටිලි කරයි .................. :(
.................... අරුමයකි ! ...................... :o
.......................... නුඹ , .................. ^_^
.......... එක් ඇසිපිය හෙලීමකින් ................ ^_^
......................... මට , .................... ^_^
................... කියාපානුයේ ...................... :o
...... දුසිම් ගණන් මොණරුන්ගෙන්, ........ :/
........ මට කියා ගන්න බැරි වුණ ................. :*
.................... ආදරේ ....................... ♥

Thursday, October 23, 2014

...::: වදකාර මූසිකයා:::...

සිරි සිරි ගා කඩිමුඩියේ ...
හිමිදිරියේ රෑ දෙගොඩහරියේ ...
ඉව අල්ලා ඇදෙයි ...ඇදෙයි ... ඇදෙයි ...
පිටි ද සීනි ද තේ කොල බෝතල් ...
සහල් බාල්දි ...
එළවලු කූඩ ...
පොල් තෙල් බෝතල් ද ඩිංග ඩිංග ඉව කර ...
කුස්සිය පහු කර ඇදුණා ...
නාන කාමරයට ...
මහ රින්සෝ ඩප්පියෙන් ඩිංග ඩිංග යොදා රෙදි අපුල්ලා ...
මහ ෂැම්පු බෝතලයෙන් අඩුක්කරගත් ඒවාගෙන් නා කියා ගෙන ...
හොඳින් ඇඳ පැළඳ මහ ක්‍රීම් බෝතලයෙන් අඩුක්කරගත් ඒවාගෙන් සුවඳවත් වී ...
දත්ත සරනුවල 20GB ක රැස් කරගත් පින් ටික ගබඩා කර ගෙන ...
උජාරුවෙන් යයි ...
කැණි මඩල දිගේ අපේ ඉහටත් උඩින් ...
එහෙට - මෙහෙට
එහෙට - මෙහෙට
එහෙට - මෙහෙට
උඹව අල්ලගන්න මී කතුරක් මම ගෙන්නේ නෑ ...
එහෙත් ...
එම්බල මූසිකය ...
නුඹ ගැන දැන දැනත් සියල්ල රකින මුණිවත ...
අභිමානයෙන් අද නුඹ වින්දත් ...
හෙට උඹට මහ සමාජෙදි ඩිංග ඩිංග මහ උන්දැලා අටවන උගුලේ පැටලී
හුස්ම සිරවී කොටුවී සුසුම් හෙලන දාට ...
එක එක හාල් ඇටේ ගානේ මතක් වේවි ...
20 GB ක පව් කල බව දැන දැන
උන් මාව හදාගත්තේ නැත්තේ මෙන්න මේකට තමයි කියලා ...

------------------------------------------------------------------
නුඹේ අභිමානයත් නුඹ කෙරේ තැබූ
විශ්වාසයත් ප්‍රසාදයත් ගෞරවයත් හැරෙන්නට
අනික් සියළුම දෑ තව දුරටත් ඔබට සොරකම් කල හැකිය ...

2014-10-10 9.23 PM

Tuesday, October 21, 2014

...::: උපාධිධාරී රණවිරුව :::...

නුඹ වගේ දහසක් දෙනා දැක ඇති මේ ඇස් ...
නුඹ වගේ දහසක් දෙනාගේ ඇඟිලි අල්ලන් ...
සුරතලියක් සේ කුඩා කල සිට මා ඇවිද්දන්නට ඇති ...
ඔවුන් ඉදිරියේ නටමින් ගී ගයන්නට ඇති ...
ඔවුන්ගේ පපුවල සිර වී තිබුණ බෝම්බ කැබලි වලටත් වඩා...
නුඹේ පපුවේ ඇති හැගීම් දරුණුයි ...
ඔවුන් වෙන්ව ගියේ ආයෙ නොඑන්නම...
විටෙක ඔවුන්ගේ සිරුරේ දූලි වත් ...
යලි නොදැක්කෙමි ...
නුඹ අද අන්තර්ජාලයේ සැරි සරමින් කරන
සරදම් කරන්නට ඔවුන්ට තිබුණෙ නෑ
නුඹ අද නිදහසේ ගත කරන කාලය ...
ඇද ඇති මගේ පියා ...
ඔසවන් සිය දෑතින්
ලේ තැවරුණු හා පැටවුන් වැනි අහිංසක
මගේ සොහොයුරු රණවිරු සිරුරු ...
නුඹ මෙන් නැත ඔවුනට උපාධි ...
මිය ගිය පසු ලද උසස්වීම මිස ...
මට ලැජ්ජයි ...
තම නිලය වත් නොහඳුනන නුඹ ගැන ...

Thursday, October 16, 2014

....::: රතු පලස මතින් :::...

♥ ♥ ♥

ඔයයි මගේ සඳ ... ♥
ජීවිතේ එළිය කළ...
ඔයයි මගේ රෝස මල ... :*
ලෝකේ සුවඳ කළ...
දුක පෙන්නන්නේ නැතුව ... :/
හිනාවෙනවා තවමත් ... ^_^
පපුව සීතල වෙන බව කිය කිය ... :O
මගෙ හිත හද හද ... o.O
මගේ සතුට ගැන හිතලා ... ^_^
ඔහු මාව සතුටින් තියාවි කිය කිය ... (y)
පෝරුවෙන් බැස කඩු අස්සෙන් ... ♥
රතු පලස මතින් ... ♥
ඒ අත අල්ලන් යන්න කියනවා ... ♥
ඒ දවසට ඔන්න මමත් එනවා කිය කිය ... :D
නුඹ නොසිටින්න ... :O
මට ඒ වරම නොලැබේවි ... :/

Proud to be your Friend ... :* :* :*

Thursday, October 9, 2014

...::: මග බලන නෙතු :::...

:* :* :*

ඉඩ අල්ලන් ...
දෑස් විදා ...
මහ පාරේ ...
නොදත් ගොඩනැගිලි ගැන ගැන ... :O

පිපෙයි මලක් සේ ...
බලා සිටි සොඳුරු දසුන
දෑස් අද්දර සැබැවින් දිස්වෙන විට... ^_^

හිස බර වෙයි ...
නිදි දෙව්දුව ඇදෙයි ...
තිරිංග තද වෙයි ගැස්සෙයි ...
පපුවට තද වෙයි ...
යලිත් සන්සුන් ...
නැත වගක් තුගක් ...
ගැස්සුනත් ... හැප්පුනත් ... -_-

වටපිට බලයි ...
කල්පනා ලොව සැරිසරයි ...
කොණ්ඩය අල්ලෙන් අවුස්සා...
උඩට අදියි පැත්තට කරයි ...
හුළඟේ පාවී ඇහේ කනේ රිංගන,
තොලේ පැටලෙන ...
කෙස් ගස් ඉවත් කරමින් ... :D :p ;) :v
සකසයි ඒවත් පිළිවෙලට ...
වසන් කරයි ...
සීතල නොවදින්න ... ♥
අතින් අල්ලා
ඇඟිලි කරු අතරින් අතැඟිලි රිංගවා...
මොන මොනවදෝ හිතයි ...
හිස අතගා යලිත් සතපවයි ... :*

♥ ♥ ♥

Wednesday, October 1, 2014

...::: මත් මලට :::...

හීනෙන් සවනට කොඳුරන
දුටු විට ගත කීරි ගැහෙන
ඉලන්දාරියෙක් ඉන්නවා දන්න හඳුනනා

නෑ විමසිලි නෑ මැසිවිලි
කිව්වත් නාහෙට නොඇසිලි
සිය මතේට පමණක් වැඩ තිතට තියෙනවා

යන්තම් කඳුලක් දුටුවොත්
මට ඔහු ඕනැයි සිතුනොත්
මටවත් නොකියම ඇවිදින් පුදුම කරනවා

දුටු කාටත් ප්‍රිය උපදන
වචන දෙකෙන් හිත් නම්මන
කොයි කව්රුත් දැන් හොඳ හැටි නුඹ හඳුනනවා

දුරකතනය අතේ තියන්
උදෙත් රැයත් එහිම ගෙවන්
අතපසු වුණ එක් මොහොතට දොස් පවරනවා

ඇත්තට දකිනට නැති මින්
අන්තර්ජාලෙන් ඇවිදින්
සුළඟේ පා කර සුරතල් හාදු එවනවා

මෙය හරි නෑ මේක එපා
කියමින් මට සිනා පපා
ඇදුමෙ ඉදන් ඕන එපා දේ තෝරනවා

දුක් සේරම හොඳින් අසන්
දැන් ඉන් පල නෑනෙ කියන්
ඉව්වද කෑවද නෑවද කියලා අහනවා

උපන්දිනේ දුර එනකොට
ඕනෑ දේ නෑති වෙන කොට
බොරු කිය කිය රුහුණ ටවුම පුරා දුවනවා

ඇය අනිකුන් වාගේ නෑනේ
ඔන්නෝවට කැමති නෑනේ
කඩ ගානේ කෙල්ලන්ටත් වරුණෙ කියනවා

වෙනදා මෙන් නැති වෙනකොට
කොහිදැයි මට සැක වෙනකොට
නෑ නෑ  මං ඔයා නිසයි ආවෙ කියනවා

හීත උදේ සුව දැහැනේ
මර නින්දේ නිදි යහනේ
පොඩි කෙලීගෙ ගුටියට ගැස්සී ඇහැරෙනවා


කෙලීගේ සුරතල් මර වද
ගැන කියන්න කට හද හද
මරු වැඩක්නෙ උනේ බබා කියලා කියනවා

මගෙ ගීතෙට හරි ලෝබයි
කොච්චර ඇහුවත් ආසයි
මහ රෑටත් දුරකතනෙන් ගීත අහනවා

මගේ ගීත අසා බලා
අයියත් හරි ආස වෙලා
රසිකයො දැන් දැන් ටික ටික වැඩයි කියනවා

මම වැඩකට හිර වුණොතින්
කතා නොකර බැරි වුණොතින්
අද දවසම කතා කලේ නෑනෙ කියනවා

හැදු වැඩු අම්මට වැඩියෙන්
බැලුවොත් කෙල්ලට ලොකුවෙන්
එලෙසම කෙල්ලත් හලාවි නේද අහනවා

ගිටාරයට තට්ටු දමන්
කියු සින්දුව අහල හිටන්
රබන් ගැහුවෙ මොකද කියා  මං අඬවනවා

නැන්දම්මට ඇත්ත කියා
ලේලිගෙ හොද වරුණෙ කියා
දැන් ඉදලම නැන්දා ලේලි සාම කරනවා

දහසක් බාධක රන්දන්
ඕවත් මට කජුද කියන්
හිමි නොවුනත් නුඹට සින්න වෙන්න හිතෙනවා

නලලත නුඹෙ දෙතොල් තියා
මුල් හාදුවෙ අරුමෙ කියා
මං නුඹේම කරගන්නට හීන මවනවා

මත් මල නුඹෙ සෙනෙහෙ දරන්
ඔය නෙතු ගැන උරුමෙ කියන්
හනි හනිකට  නුඹෙ සෙවනට එන්න හිතෙනවා

ඉගෙන ගන්න ඕනැන්නෑලු
මං මෙන් එය වටින්නෑලු
මොනව නැතත් ආදරෙ නම් ලෙසට කරනවා

වැඩියෙම ආදරෙ කාටද
අම්මට මිස වෙන කාටද
අම්මට නෑති වුන් ගෑණිට නැතැයි කියනවා

ආදරෙ අඩු වෙලා වත්ද
ඉස්සර මෙන් දැනෙන් නැද්ද
ලෝකේ නැති ප්‍රශ්න අසා හිත රිද්දනවා

දන්නැති උන් සමග කතා
කෙරුවෝතින් නොමැත සිනා
මං  අකමැති දෙයක් කලා නේද අසනවා

ඔරොප්පුවෙන් කොච්චි වගේ
සැර ටික මට දාන අගේ
කඳුලෙන් හරි ළගට ගන්න මාන බලනවා
 
ඉස්සර මෙන් නෑ දැඟලිලි
ළඳුනගෙ ගැන නෑ කියවිලි
දවසේ විසි හතර පැයේ මාව සොයනවා

දුර හිටියත් සුවඳයි නොවැ
ඉඳලා ගියත් එමමයි නොවැ
දැන් නම් මෙහෙ කොයි කව්රුත් එය හඳුනනවා

නුඹෙ සුවඳින්  පිරි කමිසය
මතකෙට මට දුන් කමිසය
මගෙ බෝඩින් කාමරේම සුවඳ කරනවා

ඇස් නටවයි මං නැටෙවයි
තොල් සොලවයි මං මියැදෙයි
නුඹෙ කෝලම් බල බල මගෙ දවස ගෙවෙනවා

මොළකැටි නුඹෙ ටිකිරි සිනා
බල බල නුඹ විඳිනු විනා
මට ඇති වෙන වැඩක් නැතැයි කෙල්ලො කියනවා

දිලිසෙන නුඹෙ ගත රතුපුල්
පරදයි සොද රෝස සුපුල්
සිහිවෙනකොට ගත මගෙ හිරිගඩු පූදිනවා

රහසින් නුඹ දොඩන වදන්
කර්ණසංඛෙ දිග අරවන්
සැනෙකින් මට තව්තිසාවෙ දසුන් මවනවා

නළවා ඔය ඉග සුග ටික
හදවා උමතුව ටික ටික
සින්නක්කර අයිතිය මගෙ ගන්න හදනවා

දුටුවම නුඹෙ මයුර රැඟුම්
අවිහිංසක මාගෙ හැඟුම්
ආලෝකේ ප්‍රවේගයෙන් උඩ ඉගිලෙනවා

ගමනට පෙර නින්දට පෙර
නෑමට පෙර කෑමට පෙර
වෙදා ලිව්ව බෙහෙත වගේ මං අමතනවා

එකසිය අට පේලි පුරා
කෙරුවත් නුඹෙ වරුණෙ පෙරා
කොච්චර ලිව්වත් නුඹ ගැන මදිනෙ හිතෙනවා

උපන් දිනය සිහි කරවා
සිත නොසිතම කවි කෙරුවා
ආදරෙ  මං මගෙ මැණිකට පණ හරි දෙනවා


විලෝචනා ගෙන් ...
2014 - ඔක්තෝබර් - 07සුභ උපන් දිනක් වෙනුවෙන් ...



































               


Sunday, September 21, 2014

...::: අප්පච්චී ♥ :::...

උණයි ඔබේ ආදරෙයි
ආදරෙන් මා වැළඳගත්
සුන්දර උපන්දිනයට
නැති වුණත් රස කේක් කෑලි
හිටියා කව්රු නැතත් අප්පච්චී...

එද්දි කේක් එකක් අරන් එන්න පුතේ ...
එපා ...අප්පච්චි ... නිකං වියදම්...
එහෙනම් එළවළු ටිකක් ගේන්න එද්දි ...
කාලා එන්න එපා මම අද උයනවා ...
ෆෝන් එක කට් උනා...
හවස් උනා ...
මම ගෙදර ගියා ...
කිරි දුව ... කිරි දුව ...
එන්න කන්න ...
මම ගියා කුස්සියට
එළවළු මුසු පාට පාට බත් හට්ටියයි,
අල බැදුම්,මස් කරි,සැර සම්බලයයි,
පපඩම් එක්ක කෑවා කාලෙකින් ඒ පින්වත් බත් කට ...
රසයි ...
ඒත් රසට වඩා තිබුණේ ආදරේ ...
අවුරුදු ගාණක් දහස් ගණන් කොලු ගැටයින් මෙල්ල කල
කාලතුවක්කු උණ්ඩ අත ගෑ...
දැවෙන මිනී ඔසවන් ඒ දිහා බල බල කඳුලූ හෙලූ
අදටත් පපුවේ බෝම්බ කැබලි සිර කරගෙන සිටින
යකඩ සවි ඇති
මගේ සතර බඹ විහරණයෙන් යුතු...
අප්පච්චී ♥

Tuesday, September 16, 2014

...::: පුදුමයි නුඹේ ආදරේ :::...

අප්පච්චී ...
උදේ ගත්තා ...
අතේ සතයක් නෑ අප්පච්චි ...
ආ හරි මම හවසට බලලා කියන්නම් ...

අප්පච්චී...
හවස ගත්තා ...
ඔන්න මම සල්ලි දැම්මා ...
දැන් මම ඉන්නේ උදේ ඔයා හිටපු තැන ...
හිනා වෙලා කිව්වා ...
අප්පච්චිගේ යාළුවා අහනවා ...
ඔය ලොකු බබා ද සර් ???
අප්පච්චි ඔව් කිව්වා ...
බබා අප්පච්චිට ගෙදර යන්න වත් අද සල්ලි නෑ ...
දෙන්නම හිනා වුණා ...
කොල් එක කට් වුණා ...

අප්පච්චී ...
අප්පච්චී ...

Saturday, September 13, 2014

...::: මගේ පුංචි ♥ මත්මල ♥ :::...

♥ ♥ ♥ :* :* :* ♥ ♥ ♥

රෝස පෙත්තක් උඩ දිලිසෙන පිනි බින්ඳුවක් වගේ
ඔය හිනාවේ දිස්නෙට... ^_^
පැද්දි පැද්දි දිය මත යන ඔරුවක් වගේ ...
කියවන ඔය තොල් සඟලට ... :v
ගලා යන කඳුළු පිහින ඔය රෝස පැහැ
ඇඟිලි තුඩු වලට... ^_^
චුට්ටක් මං වෙනස් කියලා දැනුණොත්
රිදෙන ඔය අහිංසක හිතට ... o.O
දින එකසිය තිහක් පුරා ...
නුඹේ හැම සුන්දර මතකයටම ... :)
හිතෙන හිතෙන දේ ලියැවුණා
හිතේ කිළිටක් නැතුවම ... :(
දඟර පන්දුව නුඹ සිල් ගත්තම ,
මුළු සැනකෙලියම පරමාණු බෝම්බෙකට මූණ දුන්නා වගේ :O
සුන්නද්දූලි වෙලා ගිහින් ,
මුළු මූණු පොතම පාළු වෙලා ... :/
මාර්ගගත ජාල සියල්ල බිඳී ගිහින්,
කඩන් වැටෙනවා මගේ හිත ...
9/11 ප්‍රහාරයට ලක් වුණා වගේ ... :O
ගල් හිත දිය කරන්න බෑ නුඹට වත් ගල් කලවුන්ටවත් ... :(
ගල් කලේ නුඹ නෙවේ ...
කලවුන්ටවත් නෑ වගක්, >:(
ඉතින් මේ ඇයි නුඹ ???
මට නොපෙන්වන කඳුළු පිහගෙන... :/
යන්න මටත් හොයාගන්න බැරි දුරට...
දැන් ඇති ...ඇති හොඳටම ... : (
මං ගැන වද වුණා ...
නුඹටත් ඇති ජීවිතයක්...ලස්සන කෙලිලොල් ජීවිතයක්... ♥
නුඹ හොඳින් ඉනු දැකීම විනා ...
තවත් පැතුමක් තුන් හිතකවත් නෑ මට ...
මගේ පුංචි ♥ මත්මල ♥ .............. :*

♥ ♥ ♥ :* :* :* ♥ ♥ ♥

Thursday, September 11, 2014

...::: I Love You for Loving me :::...

♥ ♥ ♥ :* :* :* ♥ ♥ ♥


Cute Little one ... :)
Your question paper... :O
Every day I face ... :/
Are you upset with me??? Did you cook? :/ Did you eat ? >:(
Did you have a bath? :P
Why didn't you call me in the morning before you get down from the bed :O
I reply, I just want you to ring me and listen to the new ringing tone that I assigned to your contact Numbers ... :D :v
But you ... :/ no something has happened ... tell me what's your problem and bla bla bla ... :/ :( o.O
Hey baby ... Trust me I don't lie :(
When You say I love you... ^_^
I reply , I Love you more ... ♥
And finally you say I love you the most :*

♥ ♥ ♥ :* :* :* ♥ ♥ ♥

Saturday, August 30, 2014

...::: සුදු මැණික :::...

දඟකාරයි ඔයා ... O:)
හැඩකාරයි ... B|
කටකාරයි ... :v
ඉලන්දාරි ඔය දහංඟලේට නම් නෑ කෙලවරක් , >:o
රඟයි ... නැලවෙයි ඉඟ සුඟ නුඹේ ... :)
ඒ තාලෙට නටයි මගේ ඇස් ... :P
රතුපාටයි ඔයා ... ^_^
රෝස පාටයි නිය පොතු... ♥
දිලිසෙයි රත් පැහැ වත ... ^_^
බෝනික්කෙක්ගේ වගේ ලස්සනයි ඔයාගේ ඇස්, ^_^
හුරතලෙන් මට ඉඟි කරයි ♥
සිනාසෙයි... ^_^
කොහෙන්ද ඔච්චර හුරතල් කටහඬක්... :O
කොහෙන්ද ඔච්චර හුරතල් වචන ... ^_^

කෝලම් කරයි ... ^_^
ඔය කෝලම් බල බල ... :p
මගේ දින සති ගෙවෙයි ... ^_^
කොහෙන්ද උපමාවක් හොයන්නේ ඔයාට මම :/
ඔයා දිහා බල බල මම අනේ ....... ^_^ ........ ♥ ........ :* ... කිව්වම
අයියෝ !!! බෝඩිමේ උන් මට කරන විහිළු තහළු :v
අපිටත් පෙන්නපන්කෝ අගේ නොකර උඹෙ ඔය බබාව =D
කෝ බලන්න ! මාර ලස්සනයි නේද එයා ??? :O
හරි පිරිච්ච ඇඟිලි එයාට තියෙන්නේ :*
ලස්සන නියපොතු ... ♥
පෙන්නුව කාට කාටත් හැඩයි ඔයා , ^_^
හැඩයි කිව්වම මට ඉරිසියයි... :(
අනේ මම කව්ද ඔයා ළඟ ... :/
ඔයානෙ මගෙ සිකුරු තරුව ... ^_^
මගෙ සුදු මැණිකට ... ♥
ආදරෙයි මම ... :*

Sunday, August 24, 2014

...::: Missing :::...

Sorrowful mysteries started long time ago ...
Over the horizon , Beyond the universe ...
Memorizing your love ...
Escaping from my self ...
Tried to solve each quiz
Hurting my self
I myself am strange and unusual
Neither you ... Nor me have to stay together ...
Gear up yourself & escape ...

I forgot to set a restore point in my life ...
Soon before I fell in love with you ...

My whole world depended on you...
I felt " I'm recovering myself "
Simply without a doubt your anger was reasonable...
Sometimes I felt " I'm not doing everything wrong "
Is there anything left between us?
No I guess not ... But still can't delete you with shift ...
Gear up your self ...and start to live without me ...

Sunday, July 20, 2014

...::: උමතුව :::...

සුරතල් වදන් ඔබේ
පිනවා මගේ සවන්
සුසුමෙන් තෙමෙයි ඔබේ
වෙව්ලා මගේ ලවන්
මුල් හාදුවෙන් ඔබේ
හඬවා මගේ නුවන්
උන්නා ළඟින් ඔබේ
පපුවට තුරුල් කරන්

හැම තැන මැවෙයි ඔබේ
රුව සම වෙලා උවන්
සිහිනයෙ පවා ඔබේ
හඬ මා සින්න කරන්
උමතුව වෙලා ඔබේ
මාවත් උමතු කරන්
මට නොදැනීම ඔබේ
නෙතු එයි මාව සොයන්

අමතක කරන් ඔබේ
මත් බර තුසර නුවන්
කොයිබට යම්ද ඔබේ
සුවඳට වෛර බැඳන්
මතු භවයකදි ඔබේ
වන්නත් නොමැත වරම්
පිදු තැන මතුත් ඔබේ
සිත පිරිසිදුව තියන්

Tuesday, July 8, 2014

...::: විඳින්නට පහස :::...

♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
පිනි පිනි දිලෙන නෙතු නුඹේ , ^_^
විදා බලන බැල්මෙන්,
කීතු කීතු යයි මගේ පපුතුර , :o
අකුණක් කෙටුවා සේ ...

රූරා යයි මත්තෙන් ගලා රුහිරය , o.O
දිලෙයි ඒ රුහිරෙනුත් රත් පැහැ සේයා වැරූ ,
නෙතු නුඹේ... :)

සිප ගත්තෙන්ද ඒ රුහිරය ? :o
දෙතොල් පෙති දිලෙන්නේ ඔය හැටි රතට ? :/
මල් පෙති සේ සිනිදුද ? ^_^
පහස වත් නොදනිමි ... o.O

සයනයක් නම් ඔය දෙතොල් පෙති‍,
මේ දෙතොලට ... :)
නොහැකිවෙද එක් තත්පරකින් කලාවක් හෝ ,
විඳින්නට පහස, :/
ඔය හැටි දිලෙන නුඹෙ මුදු ගති වැරූ දෙතොලේ... :*

Saturday, June 21, 2014

...::: මත් මලට :::...


හුරතලෙන් පෙම් බඳින, ^_^
බෝ සිනා රැල් නගන, =D
නුඹේ සිතුවිලි රැගෙන, :/
යලි මගෙන් සමු ගන්න........ :(
දින සති ගණන් මිසක, -_-
වසර ගණනක් නොදැක, :(
හද වින්ද සිහිනයක, :)
කිසිත් නැත දුක මිසක ........ o.O

හිත පුරා ඇති තරම, ^_^
මදි නැතැයි පිදුව පෙම, ;)
කඳුලකට හැරුණාම, :'(
අමුත්තක් නෑ කිසිම........ o.O
අරුත් සුන් අවසනට, :(
අසිහියෙන් බැඳුනාට, :o
නොදැනුනා නොවේ මට, :/
නුඹ සින්න නොවේ මට........ :(

හෙටත් පෙර සිනාබර, :v
ලකුණු මට ඉතිරි කර, ^_^
වේදිකාවේ වැතිර, o.O
ගිටාරය තුරුල් කර ........ -_-
වයා පෙර වැයු තනුව, :/
පෙර පහන් කළ රැයව, :(
මීදුම් දුමාරයව, :*
මත් මලක් වී ඉනුව........ ♥

Monday, June 16, 2014

...::: මියැදුනු මිතුදම් :::...

ඔහු දන්නවා නුඹ ආදරේ මට කියා
නුඹ දන්නවා ඔහු ආදරේ මට කියා
මම දන්නවා නුඹලට මම ආදරෙයි කියා
මම දැන උන්නේ නුඹලා නුඹලට ආදරෙයි කියා...
මම දන්නා නොදන්නා දේ අතරේ
නුඹල නුඹලට ආදරේ කරන්න අමතක කළා ...

Friday, June 13, 2014

...::: තවත් අන්දරයක් :::...

ඇත්තද කියන්නේ බිව්වම මිනිස්සු ? :/
සතුටුයි හරිම ... ^_^
බොන්න ඔයා සැරයක් එහෙනම් මාසෙකට ... =D

"හෙන්රියාටා අද බිත්තර දෙකක්ම දාලා"
කිව්වම හිනාවෙනවා ගොඩක් ඔයා... =D
ආසයි ඔයාට කියන්න මාත්
හිතෙනවා ආදරේ ගොඩක් මට ... ♥
කියන්න ඇත්තට සතුටින්ද ඔයා ??? o.O

හිනාවෙනවා විටෙක ^_^
හඬනවා තවත් විටෙක :/
මුරණ්ඩුයි හරිම...
ආදරෙයිද ඇහුවම මම
කියන්නෙ ආදරේ චුට්ටයි කියලා :v

කමක් නෑ ගැහුවට රවුම් ... :/
කමක් නෑ ගියාට රස්තියාදුවේ ... :/
සතුටින් නම් ඉන්නේ ඔයා :)
දුක නෑ ඉපදුනත් වෙන මව් කුසක ...
දාලා යන්න එපා කිසිදාක o.O
ආදරෙයි ගොඩක් මම ... :*
ඉන්න සතුටින් හැමදාම... ^_^

Thursday, June 12, 2014

...::: ගල් හිත :::...


ඉපදුන ගමන් ...
කකුල් දෙකෙන් උස්සලා පිට කොන්දට ගහපු පළවෙනි පහරින්,
මම කෑ ගහලා ඇඬුවේ...
රිදවන්න එපා යකෝ මට රිදෙනවා,මට පණ තියෙනවා කියන්න

පොඩි කලේ ඉඳන්,
මේ වෙනකන් මගේ වැඩ ටික තනියම බලාකියාගෙන
පැත්තකට වෙලා හිටපු මට වත්
මේ නපුරු මිනිස්සු ඉන්න පාඩුවේ නොදුන්නම මම කෑ ගැහුවේ
රිදවන්න එපා යකෝ මට රිදෙනවා,මටත් තියෙන්නෙ ලේ මස් නහර කියන්න

මුළු ලෝකයත් දෙමව්පියොත් සහෝදරයොත් එරෙහි වෙද්දි
මුළු ලෝකයක් කිව්ව දේ නාහෙට ගත්තෙ නැතුව
ඒ හැම දේම අත ඇරලා
ඔයා වෙනුවෙන් මේ මම විතරක් කෑ ගැහුවේ
රිදවන්න එපා ඒ මනුස්සයට රිදෙනවා
ඒ ඉන්නෙත් මනුස්සයෙක් කියන්න

ඔයා වේදිකාවේ ඉන්නවා බලන්න එන්න කලින්
නිහඬයි කියන ඔයාම මට කෑ ගහද්දි
මම කෑ ගැහුවේ
යාන්තං වැවීගෙන ආව කොණ්ඩේ
හිතක් පපුවක් නැතුව කපා ගත්තේ
දරාගන්න බැරුව හැපි හැපී ඇඬුවේ
රිදවන්න එපා වස්තුව මට රිදෙනවා,
සල්ලි හොයාගෙන මම ඔයා බලන්න එනවා කියන්න...

මගේ වස්තුව,
ඇයි මට කතා කරන්නේ නැත්තේ
ඇයි මට මෙහෙම කරන්නෙ කියලා අහද්දි
ඔයා මගේ ජීවිතේට අඩිය තියන වෙලේ
මට කිව්ව දේවල් මතක් කලේ
මම කෑ ගැහුවේ ...
රත්තරන් මට කව්රු රිද්දුවත් දුක නෑ
ඔයා රිදවන්න එපා වස්තුව මට රිදෙනවා,
වෙන කාටවත් දැන් මාව රිද්දන්න බෑ කියන්න

මේ හැදදේම වෙලා අද අන්තිමට මම කෑ ගහන්නේ
ඔයා කෑ ගහන්න එක්කෝ අඬන්න
හයිය තියේ නම් ජීවත් වෙන්න
නැත්නම් කාළකණ්ණි වෙන්න
මට රිදෙන්නෑ දැන්,දැන් මම ගලක් ...
ඔයාට තියා කාටවත් දැන් මාව රිද්දන්න බෑ කියන්න

Tuesday, June 10, 2014

...::: සිරි සර වස්සානේ :::...

හතර වටේ රවුන් ගහන
මහ සයුරට පෙමින් බැඳුන ♥
ඉලන්දාරියෙක් ඉන්නවා දන්න හඳුනනා 8-)

තොරතෝන්චි නෑ කියවිලි
නෑ තහන්චි නෑ රැවටිලි
කොලු ගැටයෙකි හුරුබුහුටියි සිත ඉපිලෙනවා ... :v

මහ වැස්සේ ගිණි අවුවේ
වැඩ අස්සේ තද බදයේ
හිත අස්සේ සිනා මවා
තනි වනසනවා ...

පොඩි දේටත් මූණ ඇඹුල් :/
යලි සැනෙකින් දිලෙන කොපුල් ^_^
නුඹෙ සිරි සර වස්සානේ මාව තෙම‍ෙනවා ...

ආදරෙයිද මට අසමින් ^_^
මං ආදරේ නෑ කියමින් :P
අහල පහල යන එවුන්ගෙ ;) වරුණෙ කියනවා ... >:(

කව්දැයි කව්දැයි අසමින් :o
මට පෙම් බඳිනවු ගනිමින් :/
මේ හනිකට එපා වුණා නේද අසනවා :(

හිනාවෙද්දි මට ඔරවා >:(
මං රවද්දි කඳුලු සලා :'(
මෝඩිට මං ආද‍ෙරයිනෙ කියලා කියනවා ... :* ♥ ♥ ♥ :*

Thursday, June 5, 2014

...::: මත් වූවනි :::...

සුරා පැණින් මත් වූවන්ටයි මේ කියන්නේ
කඳුළු පෙරටුව සිනහ පෙරටුව ...
මත් වුණා නම් නුඹේ අප්පච්චි ...
ඒ කදුලම ඒ සිනාවම
සිහියෙනි දරාගත්තේ මව්...
බේබදු පියාගේ අඩි පාර මත ඇවිදින
හිත සවි නැති කොල්ලනි ...
අරගලකාරී හැඟීමක් නොව ...
නුඹේ අප්පච්චිට ...
සිනහව වත් කඳුල වත් දරාගන්න සවි නෑ
ගැහැණුකම පිරි නුඹෙ අම්මට තරම් ...

Wednesday, June 4, 2014

..::: සුර ලොවට :::...



දමා සියොත් කැළ
බදා කටුක දුක
නුඹේ තුරුල්ලට ආ දවසේ
මවත් පියත් නැත
සොහෝයුරන් නැත
ගමත් මැකී ගිය මා මනසේ
නවාතැනක් තුළ ඔහේ නිසංසල
සුසුම් මුදා හළ දුක් පහසේ
නුඹත් මගේ නොව මමත් මගේ නොව
ඇදෙයි දුරක් නුඹ මට රහසේ

Tuesday, April 29, 2014

...::: ප්‍රේක්ෂකාගාරය :::...

මගේ සවනට වත් නෑසෙන පමණින්
ගී මුමුණන නුඹ ...
නුදුරු දිනෙක ...
වේදිකාවක !!!
ප්‍රේක්ෂකයින් රැසක් අභියස ...

නුඹ ගයාවි ...
ගයමින් සොයාවි...
ප්‍රේක්ෂකාගාරය පුරා...
එහෙත්,
මම නොවේවි ...
උන් අතර ...

Friday, January 24, 2014

...::: සදාදරණීය එන්සයිමයට :::...


පැවති පීඩාකාරී උෂ්ණත්වයත් පීඩනයත් හමුවේ මා දුක නම් වූ මහමෙරින් මවුලයක් ඌර්ධවාපතනය කිරීමට නුඹේ ළයෙන් වැගිරුණු ප්‍රේමණීය ඌර්ධවාපතන එන්තැල්පිය මෙතෙකැයි කියා මවුලයට කිලෝ ජූල් මගින් දැක්වීමට මම අසමර්ථ වීමි... නුඹ මට රසායන විද්‍යාව කියා දුන්නේ නුඹේ ළයෙන් ගිළිහුණු ඒ උණුසුම කැටි කොට ගත් ශක්තියෙන්මය...

නිව්ටන්ගේ නියමවත් වලංගු නැති අවස්ථිති නොවන නිර්දේශ රාමුවක් ලෙස ඉවක් බවත් විරහිතව මා සිත නැමැති උත්තෝලකය ත්වරණයකින් කඩා වැටෙමින් තිබුණු සැටි මතකය... හුදෙක් මා නියුතු ගමනෙන් මිදී නුඹ පෙන්වූ මගෙහි යාමට මා සිත දැක්වූ අවස්ථිතිය පිළිබඳව අද මා සතු වන්නේ අසීමිත කණගාටුවකි...

ගැටුම් අතර ගැටුම් දහසකට ලක් වූවද නුඹේ ප්‍රේමය සතුවූ චාලක ශක්තිය නිරතුරුව පූර්ණ ප්‍රත්‍යක්ෂ විය... මාගේ නාස් විවර ඔස්සේ අනුශ්වාස නාලිකා පසු කොට පෙනහළු වල ගර්ත කරා පැමිණි ආශ්වාස වායුව හා බැඳී මා මෙතෙක් කල් ජීවත් කලේ නුඹේ ඒ පූර්ණ ප්‍රත්‍යක්ෂ ප්‍රේමයයි ...

නුඹෙත් මගෙත් අන්තර් ආකර්ෂණ බලය අනන්ත හෙයින් නුඹේ අසංඛ්‍ය ප්‍රේමය පසෙක ලා නුඹෙන් මිදී දුරක යාමට මා තුළ පැවතිය යුතු වියෝග ප්‍රවේගය පිළිබඳව දළ අදහසක් හෝ මා සතු නොවේ ...
මතු පිටින් අඩු පීඩනයක් පෙන්වමින් හද පතුලෙන් මහත් පීඩනයක් දරමින් නුඹ තුළ ඇති කර ගත් පීඩන වෙනසින් මා ඔසවා බ'නූලි ප්‍රමේයෙන් මෙතෙක් දුර මා ගිළිහෙන්නට නොදී රැගෙන එමින් නුඹ මට කියා දුන්නේ වාස්ථවික බවින් මනෝමූලික පහස ලත් භෞතික විද්‍යාවයි ...

මා සිරුරේ සජීව සෛල තුළ බිහිවී මා තුළ ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කලාවූ ඒ සදාදරණීය එන්සයිමය නුඹයි... නුඹට පමණක්ම කැපවූ මාගේ හදවත නැමැති උපස්ථරය මත පමණක්ම මිස වෙනත් උපස්ථරයක් මත ක්‍රියාත්මක නොවී නුඹ සදා රකිනුයේ එන්සයිමයක
උපස්ථර විශිෂ්ඨතාවයයි...නුඹේ ප්‍රේමය වනාහි එහි සංලග්න කාණ්ඩයයි...

නුඹේ ස්පර්ෂ සන්නමනයෙන් මා සෛල තුළ සිදුවන ශුණතාවයේ ප්‍රත්‍යාවර්තී වූ වෙනසින් රුහුණත් කඳුරටත් යා කෙරුණු ඒ දුම්රිය ගමන් මග පුරා මා නුඹ සමීපයෙහි සුව නින්දක වෙලෙමි ...

ඌනන විභාජනයෙන් හදවත් දෙකක නිපැදුණු ප්‍රේමයේ ජන්මාණු සෛල එක්වී සැදුම් ගත් සංසාරගත බැඳීම නම් වූ යුක්තාණුව කළලයක් බවට විකසනය විනැයි පවසමින් මා සසර පුරා නුඹට කියා දෙන්නේ ප්‍රාණය පදනම් කරගත් ජීව විද්‍යාවයි ...

මීට,
නුඹටම කැපවූ,
උපස්ථරය ...
J'shi