Pages

Tuesday, June 10, 2014

...::: සිරි සර වස්සානේ :::...

හතර වටේ රවුන් ගහන
මහ සයුරට පෙමින් බැඳුන ♥
ඉලන්දාරියෙක් ඉන්නවා දන්න හඳුනනා 8-)

තොරතෝන්චි නෑ කියවිලි
නෑ තහන්චි නෑ රැවටිලි
කොලු ගැටයෙකි හුරුබුහුටියි සිත ඉපිලෙනවා ... :v

මහ වැස්සේ ගිණි අවුවේ
වැඩ අස්සේ තද බදයේ
හිත අස්සේ සිනා මවා
තනි වනසනවා ...

පොඩි දේටත් මූණ ඇඹුල් :/
යලි සැනෙකින් දිලෙන කොපුල් ^_^
නුඹෙ සිරි සර වස්සානේ මාව තෙම‍ෙනවා ...

ආදරෙයිද මට අසමින් ^_^
මං ආදරේ නෑ කියමින් :P
අහල පහල යන එවුන්ගෙ ;) වරුණෙ කියනවා ... >:(

කව්දැයි කව්දැයි අසමින් :o
මට පෙම් බඳිනවු ගනිමින් :/
මේ හනිකට එපා වුණා නේද අසනවා :(

හිනාවෙද්දි මට ඔරවා >:(
මං රවද්දි කඳුලු සලා :'(
මෝඩිට මං ආද‍ෙරයිනෙ කියලා කියනවා ... :* ♥ ♥ ♥ :*

No comments:

Post a Comment

leave your comment here...