"ළඟ ළඟ වත්තේ කෙහෙල් කැන් තුනක්ම වැටුණා ...
බේසමේ අහුරලා තිබුණා හරියට සිවුරක් එළලා වගේ ..."
තමන්ගේ අතින්ම හිටවපු කෙසෙල් පැළ වල ඵලදාව මතක් කර කර අප්පච්චි එහෙම කිව්වේ පුදුමාකාර සතුටකින් ... ඔන්න ඉතින් මමත් එද්දි කෙහෙල් ඇවරි දෙකක්ම අරන් ආවා ... :D
මේ දවස් වල අප්පච්චිගේ හිතේ තියෙන්නේම පොළවේ පය ගහලා ඉන්න බෑනා කෙනෙක්ට මාව දීග දෙන එක ගැන ... :/
එහෙම මාමණ්ඩියෙක් ලබන්න බෑනා පින් කරලා තියෙන්න ඕන ... :O
හේන් කොටලා දුක් මහන්සියෙන් ඉගෙන ගත්ත හැටි,
යුද්ධ කාලේ බෝම්බ වලට අහුවුණ හැටි,
දුක් මහන්සියෙන් හැමදේම සාර්ථක කරන්,
රැජිණගේ දේසේ වගේම තවත් දේස දේසයන් වල ලත් අත්දැකීම් අහන්න,
අප්පච්චි අතින් රස කර කර අපිට හදලා දෙන දේවල් රස විඳින්න
අපේ දරුවන්ටත් පින තියෙන්න ඕන ... :/
දැනට උනත් වැඩ ඇරිලා රෑ බෝ වෙලා ගෙදර ආවත් විවේකයක් වත් නොගෙන අපි වෙනුවෙන් රසවත් යමක් පිළියෙල කර එකට අසුන් ගෙන ඒවා භුක්ති විඳීම තරම් සැපතක් ඔහුට තවත් නම් නෑ ... ^_^
නමුත් අපි වෙනුවෙන් තට්ටු ගණන් ගෙවල් හදලා ...
දෑවැදි රන් අභරණ සියල්ල හදලා ...
අපිට උගන්නලා අපි වෙනුවෙන් මහන්සි වෙලා
සියල්ල අවසානයේ ඔහු ගෙදර එන විට අපි කවුරුත් එහි නෑ ... :(
ඔහු දෙස බලන බොහෝ විට මට මතකයට නැගෙනුයේ ...
ඉංග්‍රීසි සාහිත්‍යයේ එන ... Arthur Waley ගේ The old poem නම් කවි පෙළයි ... :/
I'll boil the grain and make porridge,
I'll pluck the mallows and make soup.
Soup and porridge are both cooked,
But there is no one to eat them with.
I went out and looked towards the east.
While tears fell and wetted my clothes...
නමුත් නුඹව තනි කරන්නේ නෑ ... කිසි දිනක ... ^_^
...::: සිව් බඹ විහරණයෙන් යුත් මගේ අප්පච්චී :::...

No comments:
Post a Comment
leave your comment here...