Pages

Thursday, December 18, 2014

...::: තුමණි :::...

සොඳුරු වූවන්... ^_^
සොඳුරු වූ තැන් ...
දෙස අඩක් දකුණට හැරී ආචාර කර ... :)
තද බල ලෙස කියා සිටියෙමි...
සියල්ල සම්පූර්ණයි නිවැරදියි කියා ... :/

මම දන්නවා ...
Drill discipline,Mess Etiquettes ,Billet inspection,
Kit inspection,PT මේවා සැරටම බලලා
තිතට Roll Call එකත් ගත්තේ මගේ යහපතට ... :)
මගේ හොඳ සේරම හැදුවෙ උඹ ...
Assault Course එකේ ,
හැම obstacle එකම clear කරන්න උදව් කලා ... :)
කාලයක් සීරුවෙන් තියලා ...
පස්සේ ඉඳලා හිටලා පහසුවෙන් තිබ්බට ...
දැන් උඹ බය නැතුව කියනවා "සිත් සේ සිටින්" කියලා ... (y)

උඹ පුහුණු කල ඇයට ...
උඹත් පසුකර යන්න වෙලා ...
තවත් උහුලනු නොහී ...
On your own time fire
යැයි අණ දුන්නේ සමුගන්න ළඟ හින්දා ... o.O
සීරුවට ඇවිත් ...
කඳුළු කඩා හැලෙන ඇස් පිස නොදමා ...
විනය රැකගෙන ... :(
මම ඇත්ත දන්න වග දැන දැනත් ...
"මා ළඟ හිස් කොපු හෝ ජීව උණ්ඩ කිසිවක් නැත "
කිව්වේ ... කර කියා ගන්න දෙයක් නැති තැන බැව් ...
මම දැන්නවා ... :(
අද හිස් අහස සැරසුණත් ...
උඹ නැතුව දිළිසෙන තරු වලට වඩා ...
Retreat bugle call එක සනීපයි ... o.O
තුමණි ...

No comments:

Post a Comment

leave your comment here...