නුඹ වගේ දහසක් දෙනා දැක ඇති මේ ඇස් ...
නුඹ වගේ දහසක් දෙනාගේ ඇඟිලි අල්ලන් ...
සුරතලියක් සේ කුඩා කල සිට මා ඇවිද්දන්නට ඇති ...
ඔවුන් ඉදිරියේ නටමින් ගී ගයන්නට ඇති ...
ඔවුන්ගේ පපුවල සිර වී තිබුණ බෝම්බ කැබලි වලටත් වඩා...
නුඹේ පපුවේ ඇති හැගීම් දරුණුයි ...
ඔවුන් වෙන්ව ගියේ ආයෙ නොඑන්නම...
විටෙක ඔවුන්ගේ සිරුරේ දූලි වත් ...
යලි නොදැක්කෙමි ...
නුඹ අද අන්තර්ජාලයේ සැරි සරමින් කරන
සරදම් කරන්නට ඔවුන්ට තිබුණෙ නෑ
නුඹ අද නිදහසේ ගත කරන කාලය ...
ඇද ඇති මගේ පියා ...
ඔසවන් සිය දෑතින්
ලේ තැවරුණු හා පැටවුන් වැනි අහිංසක
මගේ සොහොයුරු රණවිරු සිරුරු ...
නුඹ මෙන් නැත ඔවුනට උපාධි ...
මිය ගිය පසු ලද උසස්වීම මිස ...
මට ලැජ්ජයි ...
තම නිලය වත් නොහඳුනන නුඹ ගැන ...
නුඹ වගේ දහසක් දෙනාගේ ඇඟිලි අල්ලන් ...
සුරතලියක් සේ කුඩා කල සිට මා ඇවිද්දන්නට ඇති ...
ඔවුන් ඉදිරියේ නටමින් ගී ගයන්නට ඇති ...
ඔවුන්ගේ පපුවල සිර වී තිබුණ බෝම්බ කැබලි වලටත් වඩා...
නුඹේ පපුවේ ඇති හැගීම් දරුණුයි ...
ඔවුන් වෙන්ව ගියේ ආයෙ නොඑන්නම...
විටෙක ඔවුන්ගේ සිරුරේ දූලි වත් ...
යලි නොදැක්කෙමි ...
නුඹ අද අන්තර්ජාලයේ සැරි සරමින් කරන
සරදම් කරන්නට ඔවුන්ට තිබුණෙ නෑ
නුඹ අද නිදහසේ ගත කරන කාලය ...
ඇද ඇති මගේ පියා ...
ඔසවන් සිය දෑතින්
ලේ තැවරුණු හා පැටවුන් වැනි අහිංසක
මගේ සොහොයුරු රණවිරු සිරුරු ...
නුඹ මෙන් නැත ඔවුනට උපාධි ...
මිය ගිය පසු ලද උසස්වීම මිස ...
මට ලැජ්ජයි ...
තම නිලය වත් නොහඳුනන නුඹ ගැන ...
No comments:
Post a Comment
leave your comment here...