Pages

Sunday, September 21, 2014

...::: අප්පච්චී ♥ :::...

උණයි ඔබේ ආදරෙයි
ආදරෙන් මා වැළඳගත්
සුන්දර උපන්දිනයට
නැති වුණත් රස කේක් කෑලි
හිටියා කව්රු නැතත් අප්පච්චී...

එද්දි කේක් එකක් අරන් එන්න පුතේ ...
එපා ...අප්පච්චි ... නිකං වියදම්...
එහෙනම් එළවළු ටිකක් ගේන්න එද්දි ...
කාලා එන්න එපා මම අද උයනවා ...
ෆෝන් එක කට් උනා...
හවස් උනා ...
මම ගෙදර ගියා ...
කිරි දුව ... කිරි දුව ...
එන්න කන්න ...
මම ගියා කුස්සියට
එළවළු මුසු පාට පාට බත් හට්ටියයි,
අල බැදුම්,මස් කරි,සැර සම්බලයයි,
පපඩම් එක්ක කෑවා කාලෙකින් ඒ පින්වත් බත් කට ...
රසයි ...
ඒත් රසට වඩා තිබුණේ ආදරේ ...
අවුරුදු ගාණක් දහස් ගණන් කොලු ගැටයින් මෙල්ල කල
කාලතුවක්කු උණ්ඩ අත ගෑ...
දැවෙන මිනී ඔසවන් ඒ දිහා බල බල කඳුලූ හෙලූ
අදටත් පපුවේ බෝම්බ කැබලි සිර කරගෙන සිටින
යකඩ සවි ඇති
මගේ සතර බඹ විහරණයෙන් යුතු...
අප්පච්චී ♥

No comments:

Post a Comment

leave your comment here...