දැකලා නැද්ද කවුරුත් එක අපායක්
මම නම් දුටිමි අද ඒ බඳු අපායක්
නොමැරී මැරී මැරී දුක් දෙන අපායක්
එක වැර පණ නොගෙණ විඳවන අපායක්
සරුවට වැඩුණු තණකොල අතරින් ඇදෙන
මතුවෙන එක එකා කලු රකුසන් වැන්න 



දළ කඩි ගොඩකි වට කරගෙන පහර දෙන
ලං කර බැලිමි
ගොලු බෙල්ලන් දුක් විඳින

දිව යන්නට නොහැක බෙල්ලා වේග නැතී
ගසලා දිව යන්න වත් ඇඟ විරිය නැතී
දඟලන වාරෙ දළ කඩි තව විදිනු ඇතී
පව් පළ දෙන්න ලොව ඉඩ කඩ බොහෝ ඇතී
බේරාගතිමි එක බෙල්ලෙක් සීරුවට
විද්දා මටත් දළ කඩියෙක් රත් වෙන්ට 

එකෙක් විද්ද මට එච්චර සැර වෙන්ට
සියයක් විද්ද උගෙ දුක නම් කියනු මොට
තිරිසන් අපායේ හැටි නම් ඔහොම තමයි
යම පල්ලන් වගේ සතුරන් නම් එමටයි
සතරාපායෙ තිරිසන දුක අඩුම තැනයි
රහසින් වත් පවක් නම් නොකිරීම සොඳයි
~ විලෝචනා~
No comments:
Post a Comment
leave your comment here...