Pages

Monday, January 17, 2022

සත්‍ය ලෙසම ගෙනියන්න පුලුවන් දේවල්, සූදානම්ද?

🌼 හැම තැනම මං දකින්නෙ නොනවතින හඹායෑමක්... නොසන්සිඳෙන ආශාවල්... කෙලවරක් නැති හීන, අවසානයක් නැති අරමුණු... අල්ලලා තියාගන්න බැරි දේවල් පාලනයට නතු කරලා තියාගන්න දඟලන දැඟලිල්ලක්... සදාකාලිකයි කියලා හිතාගෙන හඹායන මිරිඟුවක්... සතුටුයි කියලා අල්ලන් ඉන්න, අතාරින්නත් බැරි වේදනාත්මක ඇලීමක්... මෛත්රීය වේවා, වෛරය වේවා හොඳ හෝ නරක කුමන හෝ වෙසකින් පෙනී සිටින තවත් එක ඇලීමක් 😊
ලිහිල් කරන්න... අතාරින්න... සැහැල්ලු වෙන්න... ඇස් පියාගෙන මොහොතකට හුස්ම ගන්න... ජීවත් වෙන අවසන් පැය මෙය නම් කුමක් කරාවිද සිතන්න... ඒ මොහොතෙත් අල්ලාගෙනම ඉඳියිද... අත් හරීද 😊 අල්ලන් ඉන්න මේ දේවල් ගෙනියන්න පුලුවන් වේවිද? සත්ය ලෙසම ගෙනියන්න පුලුවන් දේවල්, සූදානම්ද?

No comments:

Post a Comment

leave your comment here...