Pages

Saturday, December 26, 2020

'නෑ' සහ ' බෑ' කියන කලාව - #Art_of_saying_No

😊 ඔබ ඔබටම යහපතක් කරගන්න කැමති නම් ඒකට එක් ක්රමයක් තමයි තමන් එකඟ නොවන, තමන්ට අපහසු, තමන්ට අවකාශ නැති, දේවල් සම්බන්ධව 'නෑ' සහ ' බෑ' කියන කලාව ඉගෙන ගන්න එක 😊.

ඇත්තටම තමන් ළඟ නැති වුණත්, ඇත්තටම තමන්ට බැරි වුණත් සමහර අවස්ථා වලදි අපි නෑ බෑ කියන්න පැකිලෙන නිසා අපිම පසුව අපහසුතාවට පත් වෙනවා. 🤦
.
කැපකිරීම් කරන්න වෙන අවස්ථා තියෙනවා. නමුත් කිසිම යහපතක් නැති, තමන් අපහසුතාවට පත් වන, තමන්ට අඩුම ගානෙ පස්සෙ කල්පනා කරද්දි අවංකව හිතට එකඟව සතුටක් වත් දැනෙන්නෙ නැති දේවල් වෙනුවෙන් අපි නිකරුණේ සැනසීම නැති කරගන්නවා 🙄
.
අපි ඉගෙන ගන්න ඕන ඒ අනවශ්ය කැපකිරීම් වලින් ඉවත් වෙන්න 😊 ඒක ආත්මාර්ථකාමී බව නෙවේ 💁 ආත්මාරක්ෂාව වෙනුවෙන් කරන දෙයක් බව අපිම තේරුම් ගත යුතුයි 🤷
.
සමහර අයට හේතු කොච්චර කිව්වත් එයින් පලක් නෑ. ඒ නිසා හේතු පහදන්නෙ නැතුවම තමන් වෙනුවෙන් ඒ පිළිතුරව නිර්භයව නොපැකිලී දෙන්න පුරුදු වෙන්න 😊
.
බොරු කරන්න අවශ්ය නෑ... ඇත්ත හංගන්න අවශ්ය නෑ 😊 ඒවට පමණට වඩා හේතු පහදන්න අවශ්යත් නෑ 😊 සරළවම ඒක ප්රතික්ශේප කරන්න.
.
එතනදි තමන් තමන් මත වරදකාරී හැඟීමක් පටවගන්න අවශ්ය නෑ 😊 "ඔව්, පුලුවන්, හා" කියන වචන ටික ඒ අවස්ථවෙන් බේරෙන්න පහසුවට කියලා දැම්මට පස්සෙ ඔබ එයින් අපහසුතාවට පත්වෙනවා නම් එයින් පලක් නෑ... එය පසුකාලීනව ඔබටම පීඩාවක් වෙන්න පුලුවන් 🙄 තමන්ට බැරි නම් තමන් අකමැති නම් බලෙන් කිසිම දේකට එකඟ වෙන්න එපා 😊
ඒ නිසා තමන් ප්රතිචාර දක්වන විට සීමා මායිම් තියාගන්න එකේ කිසිම වරදක් නෑ...ඔබ නෑ බෑ කියන්න ඉගෙන ගත්තොත් පමණයි ඇත්තටම ඔබට අත්යාවශ්ය දේවල් වලට ඔබේ හිත යොමුකරන්න ඉඩ ලැබෙන්නෙ 🤷
😊 අනික් කෙනෙක්ගෙ හිතක් නොරිදවන්න ඔබ වද වෙන තරමටම ඔබ ඔබේ හිතත් නොරිදවා ගන්න දක්ෂ වෙන්න ඕන 😍 අනික් අයට උදව් කරන්න තියෙන හැඟීමෙන්ම ඔබ ඔබව රැක බලාගන්නත්, ඔබටම ගෞරව කරන්නත් ඉගෙන ගන්න ඕන 😊 ඔබවත් ඔබට නොදෙන ආරක්ශාව ගෞරවය බාහිරෙන් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා 😊 💁
.
© විලෝචනා




ළඟ ඇති දේවල් අගය කරන්න ඔබට නොහැකිද?

 අද ඔබේ කාර්යබහුල දවසෙන් විනාඩි කීපයක් වෙන් කරගෙන නිදහසේ නිහඬව ඉඳගෙන මේ ගැන හිතන්න

💛 ඔබට නැති දේවල් සේරම අමතක කරලා දැනටම ඔබට ලැබිලා තියෙන දේවල් මතකයට නගන්න...😍
.
අත් කකුල් ඇස් කන් ඇඳුම් පැළඳුම්, නිදන ඇඳ, නොතෙමෙන්න හිසට වහල, සීතලට පෙරවන බ්ලැන්කට්ටුව, ආදරේ කරන අය, රැකියාව, යහපත් සෞඛ්යය, අධ්යාපනය ආදියේ සිට අද අන්තිමට කාපු කෑම වේල පවා අගය කරන්න 😊 ඒ ගැන ස්තූති වන්ත වෙන්න... 😊 සමහර විට ඒ දේවල් වත් නැති අය පොලොවෙ වැලි තරමට ඉන්න පුලුවන් 😊
.
ප.ලි - සමහර විට අද ඔබ ඒවා අගය නොකලොත්... ඒ දේවල් පවා ඔබට අහිමි මොහොතකයි ඒවගෙ අගය දැනෙන්නෙ... 😊
.
~ විලෝචනා ~

Thursday, December 24, 2020

තිත්ත ඇත්ත... 😊

 මම- ඔයා මට ආදරෙයිද?

එයා- ඔව් ආදරෙයි...
මම- කොච්චරක් ආදරෙයිද?
එයා- ඔක්කොම ආදරෙයි...
මම- මං නැතුව ඉන්න පුලුවන්ද?
එයා- ඉන්න බෑ ඉතිං...
මම- මං මැරුණොත්?
එයා- ගොඩක් දුක හිතෙයි...
මම- කොච්චර කාලයක් මාව මතක් කර කර අඬයිද?
එයා- ගොඩක් කල් අඬයි ඉතිං...
මම- මාසයක්???
එයා- ඊට වැඩියි...
මම- මාස 3ක්...
එයා- ඊට වැඩියි...
මම- මාස හයක්...
එයා- නිතර මතක් වෙයි ඒත් අඬයි...
මම- අවුරුද්දක්???
එයා- ඔව්... අමතක කරගන්න බෑනෙ ඒත්...
මම- අවුරුදු දෙකක්... ?
එයා- තවත් අඬලා වැඩක් නෑනෙ හිත හදාගනියි.
මම- අවුරුදු හතරක්?
එයා- එතකොට නම් අඬන එකක් නෑ... මතකේ තියෙයි ඉතිං...
මම- මං මෙහෙම ඔයා ළඟටම වෙලා තුරුල් වෙලා ඉන්නවා...උදේ බලද්දි මං මැරිලා... ඔයා මාව බදාගෙන අඬනවද?
එයා- අඬයි ඒත් මැරුණට පස්සෙ ඔයා එතන නෑනෙ... ඒ නිසා මිනිය බදාගන්න එකක් නම් නෑ 😁
මම- මැරිලා පැය ගාණකට පස්සෙත් ඔයා මාව මේ වගේම තුරුල් කරන් ඉන්නවද?
එයා- නෑ 😁
මම- දවස් තුන හතරක් ගියොත්?
එයා- නෑ ඉතිං එතකොට කුණු වෙලා තියෙයිනෙ 😁
මම- බැරි වෙලා වත් මං මැරිලා ඔයා ඉස්සරහ හොල්මනක් වෙලා පේන්න ගන්නවා. එහෙට යනවා මෙහෙට යනවා. ඔයාට දැනෙනවා පේනවා මං ඔයා ළඟ ඉන්නවා කියලා... ඔයා ඒකට කැමතිද?
එයා- 🙄😔😳😬 අපෝ නෑ 🤣😁
.
.
.
මේ එයාගෙ අවංක උත්තර 😁 ඇත්ත උත්තර... අපි ලං කරන් ඉන්න මොන දේත් ඒ තත්වයෙන්ම තියෙනකල් විතරයි අපි ඒ දේවල් වලට ඇලුම් කරන්නෙ... ඊට පස්සෙ භෞතික නොවන මානසිකව විඳින ආය කවදාවත් ගන්න බැරි මතකයන් වල ඇලිලා හිටියත්... ඒ පවතින තත්වයෙන් ඒක අපිට ලැබුණොත් අපි ප්රතික්ෂේප කරනවා... එහෙනම් මේ ගොඩක් දේවල් මේ හුස්ම ටික තියෙනකල් විතරයි... 😊
.
සමහර කතා ඊට පස්සෙත් තිබ්බා... ඒත් හරිම විරලයි... දුර්ලභයි... 😊
.
~ විලෝචනා~



Friday, December 18, 2020

අපරාදෙ කිව්වේ !

 මේක මට පොඩි කාලෙ වුණ සිද්ධියක්

😁 අපෙ ගෙදර ඉස්සර ඉඳන්ම ගොඩක් පිරිස හිටියා.අයියලා දෙන්නයි නංගියි, මමයි, ලොකු අම්මගෙ දුවයි, අප්පච්චිගෙ අක්කගෙ දුවයි, මාමයි අපි 7 දෙනාම එකට හැදුණෙ. දවසක් මම රහසක් කිව්වා අපි ලොකු අම්මගෙ දුවට 🤣
.
අක්කි කෙලින්ම ඕක මං ඉන්න තැනම ලොකු අයියට කිව්වා 🤣 ලොකු අයියට එතකොට අවුරුදු 20ක් වගේ ඇති. අක්කිට 23යි. ලොකු අයියා එදා දුන්නෙ මං බලාපොරොත්තු වුණාට වඩා වෙනස් උත්තරයක්. 🤣
.
අපෙ ගෙදර ඉස්සර වත්තෙ තිබුණා හෙන විසාල දූරියං ගහක්. මුලු වත්තටම ඒ ගහෙන් හෙවන ලැබුණා.
.
අර රහස ලොකු අයියට කිව්ව ගමන් ලොකු අයියා මෙච්චරයි කිව්වෙ 😁
.
"තමුසෙට කාට හරි දෙයක් කියන්නම ඕන කියලා හිතෙනවා නම් යනවා අර දූරියං ගහ ළඟට. ගිහින් ඇති තරම් ගහට කියලා එනවා. නැත්තං ගන්නවා කඩදාසියක් 🤦 හිතට එන ඔක්කොම ඒකෙ ලියලා ලියලා පුච්චලා දානවා 😏 වටේට කිය කිය යන්නෙ නැතුව 🤣"
.
මං හිතන්නෙ ඒක අයියා, අක්කිටයි මටයි දෙන්නටම උගන්නපු ලස්සනම පාඩමක් 😁
.
~ විලෝචනා ~