මේක මට පොඩි කාලෙ වුණ සිද්ධියක්


.
අක්කි කෙලින්ම ඕක මං ඉන්න තැනම ලොකු අයියට කිව්වා
ලොකු අයියට එතකොට අවුරුදු 20ක් වගේ ඇති. අක්කිට 23යි. ලොකු අයියා එදා දුන්නෙ මං බලාපොරොත්තු වුණාට වඩා වෙනස් උත්තරයක්.


.
අපෙ ගෙදර ඉස්සර වත්තෙ තිබුණා හෙන විසාල දූරියං ගහක්. මුලු වත්තටම ඒ ගහෙන් හෙවන ලැබුණා.
.
අර රහස ලොකු අයියට කිව්ව ගමන් ලොකු අයියා මෙච්චරයි කිව්වෙ 

.
"තමුසෙට කාට හරි දෙයක් කියන්නම ඕන කියලා හිතෙනවා නම් යනවා අර දූරියං ගහ ළඟට. ගිහින් ඇති තරම් ගහට කියලා එනවා. නැත්තං ගන්නවා කඩදාසියක්
හිතට එන ඔක්කොම ඒකෙ ලියලා ලියලා පුච්චලා දානවා
වටේට කිය කිය යන්නෙ නැතුව
"



.
මං හිතන්නෙ ඒක අයියා, අක්කිටයි මටයි දෙන්නටම උගන්නපු ලස්සනම පාඩමක් 

.
~ විලෝචනා ~
No comments:
Post a Comment
leave your comment here...