Pages

Saturday, December 26, 2020

'නෑ' සහ ' බෑ' කියන කලාව - #Art_of_saying_No

😊 ඔබ ඔබටම යහපතක් කරගන්න කැමති නම් ඒකට එක් ක්රමයක් තමයි තමන් එකඟ නොවන, තමන්ට අපහසු, තමන්ට අවකාශ නැති, දේවල් සම්බන්ධව 'නෑ' සහ ' බෑ' කියන කලාව ඉගෙන ගන්න එක 😊.

ඇත්තටම තමන් ළඟ නැති වුණත්, ඇත්තටම තමන්ට බැරි වුණත් සමහර අවස්ථා වලදි අපි නෑ බෑ කියන්න පැකිලෙන නිසා අපිම පසුව අපහසුතාවට පත් වෙනවා. 🤦
.
කැපකිරීම් කරන්න වෙන අවස්ථා තියෙනවා. නමුත් කිසිම යහපතක් නැති, තමන් අපහසුතාවට පත් වන, තමන්ට අඩුම ගානෙ පස්සෙ කල්පනා කරද්දි අවංකව හිතට එකඟව සතුටක් වත් දැනෙන්නෙ නැති දේවල් වෙනුවෙන් අපි නිකරුණේ සැනසීම නැති කරගන්නවා 🙄
.
අපි ඉගෙන ගන්න ඕන ඒ අනවශ්ය කැපකිරීම් වලින් ඉවත් වෙන්න 😊 ඒක ආත්මාර්ථකාමී බව නෙවේ 💁 ආත්මාරක්ෂාව වෙනුවෙන් කරන දෙයක් බව අපිම තේරුම් ගත යුතුයි 🤷
.
සමහර අයට හේතු කොච්චර කිව්වත් එයින් පලක් නෑ. ඒ නිසා හේතු පහදන්නෙ නැතුවම තමන් වෙනුවෙන් ඒ පිළිතුරව නිර්භයව නොපැකිලී දෙන්න පුරුදු වෙන්න 😊
.
බොරු කරන්න අවශ්ය නෑ... ඇත්ත හංගන්න අවශ්ය නෑ 😊 ඒවට පමණට වඩා හේතු පහදන්න අවශ්යත් නෑ 😊 සරළවම ඒක ප්රතික්ශේප කරන්න.
.
එතනදි තමන් තමන් මත වරදකාරී හැඟීමක් පටවගන්න අවශ්ය නෑ 😊 "ඔව්, පුලුවන්, හා" කියන වචන ටික ඒ අවස්ථවෙන් බේරෙන්න පහසුවට කියලා දැම්මට පස්සෙ ඔබ එයින් අපහසුතාවට පත්වෙනවා නම් එයින් පලක් නෑ... එය පසුකාලීනව ඔබටම පීඩාවක් වෙන්න පුලුවන් 🙄 තමන්ට බැරි නම් තමන් අකමැති නම් බලෙන් කිසිම දේකට එකඟ වෙන්න එපා 😊
ඒ නිසා තමන් ප්රතිචාර දක්වන විට සීමා මායිම් තියාගන්න එකේ කිසිම වරදක් නෑ...ඔබ නෑ බෑ කියන්න ඉගෙන ගත්තොත් පමණයි ඇත්තටම ඔබට අත්යාවශ්ය දේවල් වලට ඔබේ හිත යොමුකරන්න ඉඩ ලැබෙන්නෙ 🤷
😊 අනික් කෙනෙක්ගෙ හිතක් නොරිදවන්න ඔබ වද වෙන තරමටම ඔබ ඔබේ හිතත් නොරිදවා ගන්න දක්ෂ වෙන්න ඕන 😍 අනික් අයට උදව් කරන්න තියෙන හැඟීමෙන්ම ඔබ ඔබව රැක බලාගන්නත්, ඔබටම ගෞරව කරන්නත් ඉගෙන ගන්න ඕන 😊 ඔබවත් ඔබට නොදෙන ආරක්ශාව ගෞරවය බාහිරෙන් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා 😊 💁
.
© විලෝචනා




No comments:

Post a Comment

leave your comment here...