Pages

Thursday, April 27, 2017

රිප්ලයි


හැම පැනයටම පිළිතුරු නොම දුන්නාට... 
නොකරන් සාප මේ අසරණ සොයුරියට... 
ඕනෑ වුණත් කයියට වැටිලා ඉන්ට... 
අයියෝ දවස මදි රිප්ලයි කරන්නට... 

Wednesday, April 26, 2017

පිස්සෙක්...


රස්තියාදුවෙ යද්දි,
වැටී කයිවාරුවක,
අරක මේකයි කියා,
ඕපයක් කියවන්න,
දන්න ටික දොඩවන්න,
දොඩන දේ දැන ගන්න,
කතා කර කර ඉන්න,
මට ඕනෙ පිස්සෙක්... 😍
.
හිතුණොතින් රට වටේ,
සිත් ලෙසින් ඇවිදින්න,
ඇල දොලෙහි මහ සයුරෙ,
බැරි ගාතෙ පීනන්න,
වැටි වැටී හති දදා,
කඳු මුඳුන් අල්ලන්න,
මට ඕනෙ මීදුමෙත්,
ළඟ ඉන්න පිස්සෙක්... 😝
.
කැමරාව කරකමින්,
පින්තූර අරගන්න,
හැරී දකුණට වමට,
නනයුරින් සිනාසෙන,
කොතෙක් වද දෙන නමුත්,
මග නොහැර සවන් දෙන,
කඩවසම් පුළුලුරේ,
හැඩ මවන පිස්සෙක්... 
.
හ්ම් හඬින් මියුරු ගී,
නද මුවින් මුමුණද්දි,
අනාරාධිතව අත් වැල්,
හොරෙන් අල්ලද්දි,
තාල සංගීත නැති,
ඇරඹුමක් නිමක් නැති,
බජව්වට සහය දෙන,
සිංදු කන පිස්සෙක්.... 😂
.
යන කොහෙත් නතර වී,
කෑම බීම ම හොයන,
පසු නොබැස එවෙනුවෙන්,
පෙරට මා හා ඇදෙන,
දකින හැම දේ හදන,
ඕන මගුලක් ගිලින,
මට ඕන මං වගෙම,
බඩ ජාරි පිස්සෙක්... 
.
මං නෙලන පමාවට,
අත දිගැර මට නෙලන,
මං බනින පමාවට,
පිස්සෙක් වගේ බණින,
ඒත් මං දෙනවාට,
වැඩිය ආදරේ දෙන,
චණ්ඩි මැර ගති පිරුණු,
අහිංසක පිස්සෙක්... 
.
ලෙඩට සතුටට දුකට,
නොපමාව හොයං එන,
මං විරූපී උණත්,
සුරඟනක් සේ දකින,
හුරතලෙන් මං රකින,
හුරතල් ව සිනහ වෙන,
කුමක් වුව සදහටම
ළඟ ඉන්න පිස්සෙක්... 
.
...:::ලෝචි:::...

දැන කියන් කුමක් වුව, මට වහන් වී නොකර...


කරන දෑ සිතන දෑ,
කොතේකුත් දරුණු වුව...
අතරමග හතර අත,
දුවන හිත නතර කර...
මිනියකුත් මරන්නට,
නුඹ සමඟ රැඳෙන බව...
දැන කියන් කුමක් වුව,
මට වහන් වී නොකර...

Sunday, April 16, 2017

නටපන්

 
බර අඩි තියා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! නටපන්
මේ වේදිකාවේ
වමට මැද්දට දකුණට

      න     න     න       න
පැ      පැ     පැ     පැ

නටපන් මේ
තැලෙන ......................  .................. වේදිකාවේ
.
...::: විලෝචනා :::..

Friday, April 14, 2017

සුභ නව වසරක් වේවා 2017

Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.
කරන කියන වැඩ කටයුතු සුභ වේවා ..
ලෙඩක් දුකක් අහලකවත් නොම වේවා ...
සිතන පතන යහපත් දෑ ඉටුවේවා .........
බුකියේ සැමට සුභ නව වසරක් වේවා ......
.
2017 ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!!!💐

Thursday, April 13, 2017

බොල් හීනෙ


එහා ගෙදර සුදු අක්කා
ලැසි ගමනේ යනු දැක්කා
ඇගෙ සුදු සිහිනිඟ එක්කා
මගෙ බොල් හීනෙත් වික්කා

වැඳිරි රුව

 
නව දැලි හේනක දෑව වැඳිරි රුව,
පෑ පුන් සඳකට ගිජු වූයේ...
දකින දකින වර කැඩපත බිඳ දා,
සඳ මඩලට නින්දා දුන්නේ...
.
සුදු වන් ඉඟ සුඟ මිටින් ගැනෙන වුන්,
සඳට මුකුලු කර හිනැහෙන්නේ...
වැඳිරි රුවට නෑ කොමල බැලුම් හෙම,
දැවි දැවි කැත දත් විලිසන්නේ...
.
දිලිහෙන සඳවත වැඳිරි රුවට කල,
පෙම නෑ වැඳිරිය අදහන්නේ...
සඳට තවත් බෑ නිගා කරන්නට,
හේනෙම දැවිලා මියැදෙන්නේ...

පිය මතක හීන

හීනෙට ආවා හිනාවෙලා... 
හනිකට බැලුවා
ඇස් ඇරලා... 

Wednesday, April 12, 2017

ඉන්න තැන බෝ සුවෙන් අප්පච්චි හිනැහෙන්න...

Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.
  
තල කොටන තෙල් නටන රස බොජුන් අත වනන...
කුරක්කන් තලප මී කිරි ද බෝ දිව පිනන...
නැකතෙ කිරි උතුරවා නුඹෙ අතින් රස බලන...
නේක් විධ රස බොජුන් මේ වාරෙ නෑ ඔන්න...

තැනින් තැන ගෙවත්තේ බවුන් වඩමින් ඉන්න...
කසා වත් පෙරෙව් පොඩි සාමණේරුන් වැන්න...
නුඹේ සුදු අත් දෙකින් කෙටූ පොලොවෙන් නැගෙන...
එක කෙහෙල් කැනක් වත් මෙදා අහලක නොවන...
.
දෙපා වැඳ ලබන ආසිරි පැතුම් අහිමි වුණ...
නළල් තලයම සිඹින ආදරේ දුරස් වුණ...
වෙනදා වාගේ සරම් කමිස ගෙනවිත් දෙන්න...
ආයෙ කිසි දිනක අප්පච්චියෙක් නෑ ඔන්න...
.
අඳුරු නෑ මේ නිවස නුඹෙ මතක එලිය දෙන...
සිරියාව අඩු වුණත් ගුණ සුවඳ මදි නොවෙන...
බැරි උණත් යලි එන්න අවුරුද්ද සමරන්න...
ඉන්න තැන බෝ සුවෙන් අප්පච්චි හිනැහෙන්න...