

නව දැලි හේනක දෑව වැඳිරි රුව,
පෑ පුන් සඳකට ගිජු වූයේ...
දකින දකින වර කැඩපත බිඳ දා,
සඳ මඩලට නින්දා දුන්නේ...
.
සුදු වන් ඉඟ සුඟ මිටින් ගැනෙන වුන්,
සඳට මුකුලු කර හිනැහෙන්නේ...
වැඳිරි රුවට නෑ කොමල බැලුම් හෙම,
දැවි දැවි කැත දත් විලිසන්නේ...
.
දිලිහෙන සඳවත වැඳිරි රුවට කල,
පෙම නෑ වැඳිරිය අදහන්නේ...
සඳට තවත් බෑ නිගා කරන්නට,
හේනෙම දැවිලා මියැදෙන්නේ...
No comments:
Post a Comment
leave your comment here...