


තල කොටන තෙල් නටන රස බොජුන් අත වනන...
කුරක්කන් තලප මී කිරි ද බෝ දිව පිනන...
නැකතෙ කිරි උතුරවා නුඹෙ අතින් රස බලන...
නේක් විධ රස බොජුන් මේ වාරෙ නෑ ඔන්න...
තැනින් තැන ගෙවත්තේ බවුන් වඩමින් ඉන්න...
කසා වත් පෙරෙව් පොඩි සාමණේරුන් වැන්න...
නුඹේ සුදු අත් දෙකින් කෙටූ පොලොවෙන් නැගෙන...
එක කෙහෙල් කැනක් වත් මෙදා අහලක නොවන...
.
දෙපා වැඳ ලබන ආසිරි පැතුම් අහිමි වුණ...
නළල් තලයම සිඹින ආදරේ දුරස් වුණ...
වෙනදා වාගේ සරම් කමිස ගෙනවිත් දෙන්න...
ආයෙ කිසි දිනක අප්පච්චියෙක් නෑ ඔන්න...
.
අඳුරු නෑ මේ නිවස නුඹෙ මතක එලිය දෙන...
සිරියාව අඩු වුණත් ගුණ සුවඳ මදි නොවෙන...
බැරි උණත් යලි එන්න අවුරුද්ද සමරන්න...
ඉන්න තැන බෝ සුවෙන් අප්පච්චි හිනැහෙන්න...
No comments:
Post a Comment
leave your comment here...