Pages

Monday, November 25, 2013

...::: Missing Someone Insanely :::...

A girl who's receiving more than 300 messages per day,
Is waiting for a single 'Hi' Madly...
A girl who is receiving more than 200 likes,
Is waiting for a Like innocently...
A girl who is receiving Hundreds of Comments,
Is waiting for a single Comment ... determinedly ...
A girl who is ignoring 250 friend requests,
Has been ignored by her friend Unforunately...
A request which has been sent by a girl who is deleting 100 s of friend requests,
Has been deleted by her friend ferociously...
A girl who is reporting & Blocking dozens of Accounts,
Has been blocked by her friend remorselessly...
A girl Who is receiving more than 300 Requests per day,
Is waiting for a single Friend Request ... patiently...

A girl who's followed by 910 people... & friends with 4,945 friends,
Is feeling Lonely...
Missing Someone Insanely...

Yours Ever Loving Lochi

Tuesday, October 1, 2013

...::: කාස්ටක හිත :::...

හ්ම් !!!
කාලෙකට පස්සේ
රාස්සිගේ අව්ව වැටිලා තිබුණ එක හැන්දෑවක...
කහ පාට හිරු කිරණ අස්සෙන් එක පාරටම
බිංදු බිංදු වැස්සක් පටන් ගත්තා...
කවදාවත් නොදැනුනාට මොකද
ඒ වෙලාවෙ හැගුණා මම ඒ වැස්ස වැටෙන කල්
ගොඩක් කල් බලන් හිටිය වගේ හැගීමක්...
කම්මැලි පාටට තිබුණ උළු වහල තිත් තිත් වැහි බිංදු වලින් තෙමිලා
ලස්සන උනා...
වේලිච්ච පොළොවට වැහි බිංදු වැටුණම එන
පොළොවෙ පස් වල නැවුම් සුවදට මම ගොඩක් ආස කලා...
ගස් කොලන් සේරම පාට වුණා...
දූවිලි සේදිලා ගියා...
එක පාරට දේදුන්නක් පෙන්නලා වැස්ස නතර උනා...
චූටි වෙලාවකට සේරම අවුස්සලා යන්න ගියා...
ආයේ කවදාවත් එන්නෙ නෑ කිව්වට මම තරහ නෑ...
අනේ කමක් නෑ...
සත්තයි
මම තරහ නෑ...
කාස්ටකයට ඒ ටිකත් ඇති මැණික ...


...::: You are always lucky :::...
<<< ViLoChaNA >>>
feeling exhausted.

Sunday, September 1, 2013

...::: ඈත යන මගේ පණ :::...

මද නළ එපා හෙමිහිට ගත සිඹින්න
බිද සිත සුවය මා හැර දුර ඇදෙන්න
කවුරුන් නැතත් තනිකම මගෙ මකන්න
සඳ නුඹ ඉන්නවද මගෙ දුක අසන්න

හූ හඬ නගා දුම්රිය පෙරදිත් ඇදුනා
හෙට වෙන කල් බලන් ඉන්නට නොහැකි උනා
සඳ නුඹ යන්න පෙර හිරු මගෙ ලඟ උන්නා
කිව්වට අදහන්න යලි එය නොම වෙන්නා

රුහුණු කුමරියගෙ නිම් නැති කසු කුසුවේ
තව පෙම් කතා රේල් පීලි මත ගෙතුවේ
බින්ගෙයි කලුවරාගෙන හූ හඬ නැගුවේ
සත්තයි හිරුගෙ උණුහුමටයි පෙම් කෙරුවේ

හෙට පායන්නෙ නැති වග අසනට ලැබුනා
සරසවි බලා තනිවම යනු බැහැ සිතුනා
එක දුම්රියේ මැදිරි දෙකක හමු නොවනා
ගව් ගණනක දුරස් බව මට උරුම උනා

හෙට ඔහු යාවි තනිවම සරසවිය බලා
පා යුග වාරු නැති මා සුනු විසුනු වෙලා
සඳ මේ වග ඔහුට අඟවනු ඉවත නොලා
දුම්රියපලේ මග බලනෙමි නෙතු නොසලා

Friday, August 30, 2013

...::: නුඹ නිහඩ වූ දා පටන් :::...

මෛත්‍රී මාවතෙන් මහ පාර වෙත ඇදෙයි
මහ පාර කෙලවරින් පටු මගෙහි පිය මැනෙයි
ජිවුන් වංගුව ලගදි ගේට්ටුව දුර ඇදෙයි

සරසවිය හැර දමා දුර යන්න මට සිතෙයි!
 

නුවර සීතල හිතට හොරණෙ දුක දැනුනෙ නෑ!
රෑ දවල් ගත උනා එළි වෙනව දැනුනෙ නෑ!

සිනමාව ගැන කිව්ව කතා මට අහුනෙ නෑ!
රස මිහිර වේල් ගණනක් දිවට දැනුනෙ නෑ!

ඇරුණ්දතියේ හොරෙන් තෙල නොකා ඇඩුව මං!

නුබ දීපු දුක හින්දා දරණු බෑ මේ හැඩුම්!
බඩගින්න හිත ගින්න පහුකරන් ගියා නම්!
සත්තකය් බඩ පැලිල මැරෙනකල් කනව මං!

...::: පූර්ණ අප්‍රත්‍යක්ෂ හැගීම :::...


ආයෙත් ආවද සුළි කුණාටුවක් වගේ ???
බුදු අම්මෝ !!!
ගැහුණා ...
ඔව් !
ගැහුණා මගෙ සරුවාංගෙම...
තබ්බීරි වෙලා බලන් හිටියා...
සති ගණන් නොකා නොබී ඇකිළුනු
මගෙ සෛල විසින්ම සෛල ගොදුරු කරගෙන...
මට හයිය දුන්නා...
මේ ඇස් දෙකින් ඔය වචන ටික දකින්න...
තැලෙන යකඩෙ උඩ පැන පැන තලන,
නුඹේ ඔය ගල් හිතේ නැද්ද මං ගැන අනුකම්පාවක්...???
අංශක අනූවෙ පඩිපෙළ යාන්තමට වගේ ජිවුන් වංගුවෙ ආනතියට පරිපූරක වුණා...
ඒත්,
තවමත් මම අරුන්දතියෙ තනියම...
ඔව් ඒ හැගීම පූර්ණ අප්‍රත්‍යක්ෂයි...
ඒකයි මෙච්චර දුක...

...:::
ලෝචි :::...

Tuesday, August 27, 2013

...::: පණ සරි නුඹ !!! :::...

ලතෝනිය අහවරයි,
පිදේනිය උන් සතුයි,
නමුත් අපි විතරක්ම,
දෙතැනකට වී හඩයි...

මට අහිමි නුඹ නොදත්,
මගෙ කදුලු වල තරම,
මට දුන්නු වේදනා ,
නොදැනුනිද ඔය ලයට,
කාලයේ ඇවෑමෙන් ,
පසු තැවෙන තනි හිතට,
ඉස්සර වගේ ඇවිත්,
සතුට එක් කල මැනව...

නුඹයි පණ සරි සිතූ,
මගෙ සුසුම මගෙ පැතුම,
කිරි කැකුළු සිනාවෙන්,
තත්පරක පණ රකින...

මා ළයේ නුඹ තියා,
නුඹේ ප්‍රති රූ තැනූ ,
නුඹයි මා තැනුම් කරු,
මා තුළින් නොනික්මෙණ...

සසරෙ පෙරුමන් පිරූ,
හද විමණෙ තනි මැකූ,
කදුලෙන් සිනහවෙන්ද,
මට උරුම කම් කියූ,
නුඹයි හද ගී තනුව,
නුඹයි මගෙ හද ගැස්ම,
ජන්මයෙන් ජන්මයේ,

මට හිමි ව අහිමි වන...

Monday, August 26, 2013

...::: අසරණ හිත :::...



කඳුලින් බොඳවී නෙතු විනිවිදින,
නුඹේ අවිහිංසක ආදරය...
විඳින්නට තරම් වත් සවි නැති,
මගේ සුනු විසුනු වූ සිතට...
නුඹේ සිත නම් වූ සුර ලෙව් බලා
තරනය කල නොහැක,
දුක් නම් වූ මහමෙර...

උසුලාවි,,, උදුරාවි,,,සුනු විසුනු කර දාවි,,,
මහමෙරත් නුඹෙ පපුවෙ උණුහුමින් දියවෙවි...
දිව ඇවිත් දෝතින්ම පිළිගන්න සිතෙන මුත්,
ආ මගක් හැරෙන්නට තරම් සිත් නොම වේවි...

මේ "කඳුල" මේ "සුසුම" නුඹට දී ! මා මියෙමි ~~~

Sunday, August 25, 2013

...::: The Oath Of Love :::...


I was confused with ma career

Figuring out my life's purpose
Even though ...I was about to encourage you...
Ending all processes of my task manager...
Letting you study well with concentration ...

Something was wrong with your mind...
Of course it's just because of your exam stress
Right now ... you may unsubscribe from the same stress
Really I won't be able to hurt myself by hurting you
Yes ! I'll not procrastinate this semester like you

Forget how you neglected me and my words...
Only I wanted to postphone our problems and let you study...
Ruined !!! But you've ruined myself by hurting you...

You wouldn't belive this...
Of course I talked to my self...
Under this blue sky, I am with you wherever you go,What ever you do ...

Saturday, August 24, 2013

...::: නෑනගෙ සිහිනය :::...


නෑනට වගේ මිහිරෙන් ගී ගයත හැකී...
නෑනත් එක්ක හරි හරියට ඉඳිය හැකී...
මාසේ පඩිය නෑනගෙ අත තියනු හැකී...
බොදු ගොවි පුතෙක් නෑනත් සිහිනයෙන් දකී...

සයුරත් විසල් වුව ඇත්තේ කරදියය...
සඳෙහිත් සමීපෙට ගැට පලු වලවල්ය...
එලෙසින් මගේ අඩුපාඩුත් බෝමටය...
එන්නට පෙරම නෑනව ඇරියොත් සොඳය...
  
 
අයියගේ ප්‍රියාවියට ...