කඳුලින් බොඳවී
නෙතු විනිවිදින,
නුඹේ අවිහිංසක ආදරය...
විඳින්නට තරම් වත් සවි නැති,
මගේ සුනු විසුනු වූ සිතට...
නුඹේ සිත නම් වූ සුර ලෙව් බලා
තරනය කල නොහැක,
දුක් නම් වූ මහමෙර...
නුඹේ අවිහිංසක ආදරය...
විඳින්නට තරම් වත් සවි නැති,
මගේ සුනු විසුනු වූ සිතට...
නුඹේ සිත නම් වූ සුර ලෙව් බලා
තරනය කල නොහැක,
දුක් නම් වූ මහමෙර...
උසුලාවි,,, උදුරාවි,,,සුනු විසුනු කර
දාවි,,,
මහමෙරත් නුඹෙ පපුවෙ උණුහුමින් දියවෙවි...
දිව ඇවිත් දෝතින්ම පිළිගන්න සිතෙන මුත්,
ආ මගක් හැරෙන්නට තරම් සිත් නොම වේවි...
මහමෙරත් නුඹෙ පපුවෙ උණුහුමින් දියවෙවි...
දිව ඇවිත් දෝතින්ම පිළිගන්න සිතෙන මුත්,
ආ මගක් හැරෙන්නට තරම් සිත් නොම වේවි...
මේ
"කඳුල" මේ "සුසුම" නුඹට දී ! මා මියෙමි ~~~
No comments:
Post a Comment
leave your comment here...