Pages

Sunday, September 1, 2013

...::: ඈත යන මගේ පණ :::...

මද නළ එපා හෙමිහිට ගත සිඹින්න
බිද සිත සුවය මා හැර දුර ඇදෙන්න
කවුරුන් නැතත් තනිකම මගෙ මකන්න
සඳ නුඹ ඉන්නවද මගෙ දුක අසන්න

හූ හඬ නගා දුම්රිය පෙරදිත් ඇදුනා
හෙට වෙන කල් බලන් ඉන්නට නොහැකි උනා
සඳ නුඹ යන්න පෙර හිරු මගෙ ලඟ උන්නා
කිව්වට අදහන්න යලි එය නොම වෙන්නා

රුහුණු කුමරියගෙ නිම් නැති කසු කුසුවේ
තව පෙම් කතා රේල් පීලි මත ගෙතුවේ
බින්ගෙයි කලුවරාගෙන හූ හඬ නැගුවේ
සත්තයි හිරුගෙ උණුහුමටයි පෙම් කෙරුවේ

හෙට පායන්නෙ නැති වග අසනට ලැබුනා
සරසවි බලා තනිවම යනු බැහැ සිතුනා
එක දුම්රියේ මැදිරි දෙකක හමු නොවනා
ගව් ගණනක දුරස් බව මට උරුම උනා

හෙට ඔහු යාවි තනිවම සරසවිය බලා
පා යුග වාරු නැති මා සුනු විසුනු වෙලා
සඳ මේ වග ඔහුට අඟවනු ඉවත නොලා
දුම්රියපලේ මග බලනෙමි නෙතු නොසලා

No comments:

Post a Comment

leave your comment here...