ආයෙත් ආවද සුළි කුණාටුවක් වගේ ???
බුදු අම්මෝ !!!
ගැහුණා ...
ඔව් !
ගැහුණා මගෙ සරුවාංගෙම...
තබ්බීරි වෙලා බලන් හිටියා...
සති ගණන් නොකා නොබී ඇකිළුනු
මගෙ සෛල විසින්ම සෛල ගොදුරු කරගෙන...
මට හයිය දුන්නා...
මේ ඇස් දෙකින් ඔය වචන ටික දකින්න...
තැලෙන යකඩෙ උඩ පැන පැන තලන,
නුඹේ ඔය ගල් හිතේ නැද්ද මං ගැන අනුකම්පාවක්...???
අංශක අනූවෙ පඩිපෙළ යාන්තමට වගේ ජිවුන් වංගුවෙ ආනතියට පරිපූරක වුණා...
ඒත්,
තවමත් මම අරුන්දතියෙ තනියම...
ඔව් ඒ හැගීම පූර්ණ අප්‍රත්‍යක්ෂයි...
ඒකයි මෙච්චර දුක...
...::: ලෝචි :::...
No comments:
Post a Comment
leave your comment here...