පොළෝ දෙදරා මුල් ඇදු මහ තුරු කඳන් ඇත ගිලිහිලා
තුරේ එතිලා පල දැරූ සරු ලතා මඩුලුද සුන් වෙලා
දියෙන් උතුරා පිටාරේ ගිය නිල් ගඟුල් අද බොර වෙලා
දිනෙන් දින ලොව සොඳුරු යැයි කී සෑම දේ යයි වෙන් වෙලා
වග වලස් මුර්ගයන් සේ එකිනෙකා සටනට පෙළඹිලා
හිවල් ගති ඇති අමනයින් මං හරස් කරවයි හිනැහිලා
පයක් පැටලෙන පඳුරු ගණනේ හිස් වදන් යයි විසිරිලා
අනේ දෙව්දත් දිටි නිරේ මට මිනිස් ලොව මත හමු වෙලා
අහස වී නුඹ යනෙන තැන දුක් ගිනි නිවයි පිනි වැසි හෙලා
මවා දේදුනු කවයි පැහැයන් සුර ලොවක් මෙන් සරසලා
ලොවේ අමිහිරි තැන් වසා මේ මෙයැයි ලොව මට පහදලා
දෙතත් මම නම් දිටිමි සරි දේ යටි අරුත් විනිවිද බලා
No comments:
Post a Comment
leave your comment here...