සමා උව මැන කළෙව් වරදෙහි
නේක වර නුඹ සිත් රිදූ...
සිතුව මුත් දනිතැයි ලොව බොහෝ
නොදත් දේ එසෙයින්ම බෝ වෙත්
පෙමින් වෙළුනෙම් සොඳැයින් නුඹත්
දැනුන්නෙමි ගුණ නොමදැයි නුඹේ...
තෙවසරක ඉම අභියස පවා...
තවද උගනෙම් වෙත් එ ගුණමැ නුඹේ
රිදීයෙන් රැකු වලාකුල් මඬුලේ...
පරසතුයෙන් පිදුම් වූ සඳ මැ වේ නුඹ
සසර පවුරු සිඳිනෙදින තෙක්
උදුලැ මා සිත් අහසේ...
No comments:
Post a Comment
leave your comment here...