Pages

Tuesday, April 27, 2021

තමන් ම තමන් ව රැක බලාගන්න. 😊

💛 සමහර මිනිසුන් ඔබව අගය කලයුතු බව අවබෝධ කරගන්නෙ ඔබව අහිමි වීමෙන් පසුවයි 😊
ඔබට ජීවිතයේ සුදුසු යහපත් තැනක් දෙන අය සමග මිස ඔබෙන් පටු වාසි ලබාගැනීමට මතුපිටින් සිනාසී ඇතුලතින් ඔබව කරදරයක් සේ සලකන අය වෙත නොයන්න 😊 ඔබ ඔබේම යහපත තකා ගන්නා ස්වකීය යහපත් තීරණයක් ලෙස ඒ අයව අතහරින්න.
😊 ඔබ අගය කල යුතු වටිනා දුර්ලභ මනුශ්ය ජීවිතයක්. භාහිර කිසිවෙකුගෙන් ඒ අගය කිරීම අවධානය බලාපොරොත්තු නොවී තමන් ම තමන් ව රැක බලාගන්න. 😊

Wednesday, April 21, 2021

නුඹට දෙන්නට නැති ම දෙය !!!

 

💛
මිත්රයා...
ඔබ දැන් වත්
සොයා යා යුතුයි
ඔබේ ප්රේමණීය ආත්මය...
නොඑසේනම්...
ඔබ,
මේ...
සදාකාලික මිත්රත්වය ළඟ,
නතර විය යුතුයි !!!
මා සන්තකයේ,
නුඹට දෙන්නට නැති ම දෙයයි,
ප්රේමය... 😊
.
© Vilochana Abeykoon




මා අදහස් කල අර්ථය -

තමන් ආදරේ කරන පිරිමියා තුළ තමන්ගෙ Crush එක, Love එක, සහෝදරයා, හොඳම යාලුවා සහ සැමියා යන සියලුම චරිත අත්විඳින කාන්තාවක්... එක මොහොතකදි ඒ පිරිමියාගෙ හොඳම යෙහෙලියගෙ ඇහෙන් ඔහු දෙස බලලා ඔහුට පහදලා දෙන්න උත්සහ කරනවා, මේ ලෝකය තුළ ඔහුට තවත් ප්රේමය උරුම විය යුතු බව.
ඇය විශ්වාස කරනවා ඒ උතුම් මිනිසාට මේ ලොවේ දී උරුම විය යුතු ප්රේමයට සාපේක්ශව තමන් ඔහුට දෙන ප්රේමය ගිණිය නොහැකි තරම් අඩුයි කියලා. ඇයට ඔහු කෙරේ කොච්චර ආදරේ කලත් ප්රමාණවත් නෑ. ඒකයි එයා දෙන්න තමන් සන්තකයේ නැතිම දේ ප්රේමය කියලා කියන්නෙ. දෙන්න තියෙන ප්රේමය සියල්ල ඔහුට දී අවසන් නිසා... 😍
.
පෙම්වතිය විදිහට සියල්ලම දුන්න කාන්තාවට, යෙහෙලියක් විදිහට ඉටු කරන්න කාර්යභාරයක් ඉතිරි වෙලා තියෙනවා. ඔවුන් අතර බොහොම ශක්තිමත් මිත්රත්වයක් තියෙනවා. සමහර විට ප්රේමයෙන් නොවිසඳෙන කරුණු ඔවුන් විසඳගන්නෙ යාලුවො විදිහට කතා කරලා. අර ප්රේමයට වඩා මිත්රත්වයේදී ඒ නිසා සදාකාලික ඉඩක් තමන් ගාව තියෙන බව ඇය කියනවා.
යාලුකම ඒ තරම් ප්රභලයි ... එකම මනස තුළ චරිත කීපයක් පමණයි. පුද්ගලයින් කීපයක් ගැන  නොව! 
May be a closeup of Vilochana Abeykoon and text that says 'VILOCHANA ABEYKOON'



Sunday, April 11, 2021

නුහුරූ අවුරුදු

අපිටත් ඉස්සර අවුරුදු තිබුණා නැකැත් සිරිත් හරි තිතට කෙරූ
ලාහෙට ගෙම්බන් එකතු කලා සේ කලකින් පවුලම එකතු කෙරූ 😊
කැවුම් කොකිස් තෙල් සුවඳ දිගේ දුර සිටන් කොහා විත් නාද කෙරූ
හඬ ඇහුණත් අප්පච්චි නොයෙන තැන අවුරුදු මට නම් හරි නුහුරූ...

May be an image of food





Friday, April 2, 2021

ඉන්න කාලෙ දෙමව්පියන්ට සලකන්න 😊

දෙමපියන්ට තමන් විසින්ම තමන්ගෙ දෙයක් කරගන්න බැරි කාලයක් එනවා. එහෙම කාලයක් අපිටත් තිබුණා... ඇවිදින්න කතා කරන්න බැරි කාලෙ අපිට දෙමව්පියො, පවුලෙ සමීප වැඩිහිටි අය අපිව රැක බලාගත්තා. උදව් කලා... අහක බැලුවෙ නෑ. බඩගින්න, අසනීප, හැමදේකදිම ළඟින් හිටියා විතරක් නෙවේ අද මේ ඉන්න තත්වෙට ගේන්න පසුබිම සකස් කරලත් දුන්නා 😊

.
ඉතිං ඒ අයට බැරි වෙලාවෙ ළඟින් ඉන්න. කෑම බීම සපයන්න, කඩේ යන්න බඩු ගේන්න, එයාලා ආස දේවල් කන්න ගෙනත් දෙන්න, තෙල් බෙහෙත් ගාන්න, අසනීපෙකදි ළඟින් ඉන්න, විශේෂ දවසක තෑග්ගක් දීලා සතුටු කරන්න, නිවාඩුවකට කොහෙ හරි එක්ක යන්න, මේ හැමදේම කරන්න ඔබ ජීවිතයේ මුදුන් කූටයට යනකල්ම ඉන්න එපා. ඔබ ඉන්නෙ දුර නම්, අද තාක්ෂණය දියුණුයි, දුරකථන ඇමතුමක් දීලා හොයලා බලලා හැකි විදියකට වෙන කෙනෙක් ලවා හරි උදව් කරන්න 😊 මුදල්ම නෙවේ හැම විටම එයාලට ඕන වෙන්නෙ 😊 ඔබේ අවධානය වෙන්න පුලුවන්.
.
කාලය අපි හිතනවට වඩා හරිම සීමිතයි! පසුතැවීමට වඩා යමක් අනාගතයට ඉතිරි කරගන්න. Data කාඩ් 8කින් අම්මට බ්ලවුස් එකක් ගෙනියන්න 😊 Data Card 10කින් තාත්තට කමිසයක් ගෙනියන්න 😍 !
.
.
ප.ලි

මගේ අප්පච්චි මේ ලෝකෙ දාලා ගිහින් දැන් අවුරුදු 4කට වැඩියි... කිසිසේත්ම නොහිතූ වෙලාවක මම විශ්ව විද්යාලෙ අවසන් වසර විභාග වලට පෙනී සිටින්න නියමිත වෙලාවක තමයි ඔහු දාලා ගියේ අපිව. අදටත් මට ඉතිරි එකම සැනසීම ඒ අප්පච්චි අන්තිමටම ඇඳන් හිටියෙත් මං දුන්න Shirt එක කියන එක. නැතිවෙන්න මාසෙකට කලින් මං අප්පච්චි, අම්මි, නංගි සහ අක්කිලාව එක්කන් අනුරාධපුර Trip එකක් ගියා අප්පච්චිට ඔප්පු කරන්න ආසාවෙන් හිටිය භාරයක් ඔප්පු කලා ජය ශ්රී මහා බෝධියත් වැඳලා. 😊🙏
.
හැමදාම මට කතා කරලා සුව දුක් විමසලා කෑවෙ මොනවද අහලා අප්පච්චි ඇතිවෙනකල් එයාගෙ හිතේ තියෙන දේවල් මං එක්ක කතා කර කර හිටියා. මම කැම්පස් හිටිය නිසා call කල වෙලාවට පුලුවන් උපරිම හිත ශක්තිමත්ව තිබ්බා. මට තේරෙන කාලෙ අප්පච්චිගෙ හැම උපන්දිනයක්ම කේක් එකක් කපලා පොඩි තෑග්ගක් දීලා, අහල පහල අයට තේකක් දීලා පුංචිවට සැමරුවා. අප්පච්චි යුද්ධ කාලෙ අපි ළඟ හිටියෙ නැති නිසා මට තේරෙන වයසෙදි, හැකි විදිහට අප්පච්චි වෙනුවෙන් මොනවම හරි දෙයක් කරන්න සතුටින් තියන්න උත්සහ කලා.
.
එච්චර කරලත් නැතිවුණාට පස්සෙ අනේ මට තව බලන්න තිබුණා කියන හැඟීම ආවා. ඒ ටිකවත් කරන්න බැරි වුණොත් ඔබට මටත් වඩා ඊට පස්සෙ දුක දැනෙන්න පුලුවන්. ඒ නිසා ඒ අය ජීවතුන් අතර ඉන්න කාලෙ ළඟින් ඉඳන් සලකන්න. පොඩි තෑග්ගක් ඔයාලගෙ පුංචි පඩියෙන් හරි කැටේ එකතු කල සල්ලි වලින් හරි ගිහිං දීලා, එහෙම වෙලාවක ඒ අයගෙ මූණෙ ඇඳෙන හිනාව මතක තියාගන්න 😍 ඔබට කවදාවත් වරදින්නෙ නෑ 😊
.
~ විලෝචනා ~

Thursday, April 1, 2021

අප්‍රේල් 1 මෝඩයෙක් නොවී ඉමු...

බොහෝ දෙනා විහිළුවට හෝ බොරු කියන අද වගේ දවසක, විහිළුවටවත් ඔබේ සිල් පදයක් නොබිඳින්න තරම් ඔබ මනසින් ශක්තිමත් ව සිටියා නම්, ඒ සත්යයේ ආනුභාවයෙන් නිවන් දක්නා තුරු සසරේ කිසි දිනෙක ඔබ විහිලුවකටවත් රැවටීමකට, වංචාවකට, මුසාවකට හසු නොවේවා! ඔබට සත්යයම මුණගැසේවා!