දෙමපියන්ට තමන් විසින්ම තමන්ගෙ දෙයක් කරගන්න බැරි කාලයක් එනවා. එහෙම කාලයක් අපිටත් තිබුණා... ඇවිදින්න කතා කරන්න බැරි කාලෙ අපිට දෙමව්පියො, පවුලෙ සමීප වැඩිහිටි අය අපිව රැක බලාගත්තා. උදව් කලා... අහක බැලුවෙ නෑ. බඩගින්න, අසනීප, හැමදේකදිම ළඟින් හිටියා විතරක් නෙවේ අද මේ ඉන්න තත්වෙට ගේන්න පසුබිම සකස් කරලත් දුන්නා
ඉතිං ඒ අයට බැරි වෙලාවෙ ළඟින් ඉන්න. කෑම බීම සපයන්න, කඩේ යන්න බඩු ගේන්න, එයාලා ආස දේවල් කන්න ගෙනත් දෙන්න, තෙල් බෙහෙත් ගාන්න, අසනීපෙකදි ළඟින් ඉන්න, විශේෂ දවසක තෑග්ගක් දීලා සතුටු කරන්න, නිවාඩුවකට කොහෙ හරි එක්ක යන්න, මේ හැමදේම කරන්න ඔබ ජීවිතයේ මුදුන් කූටයට යනකල්ම ඉන්න එපා. ඔබ ඉන්නෙ දුර නම්, අද තාක්ෂණය දියුණුයි, දුරකථන ඇමතුමක් දීලා හොයලා බලලා හැකි විදියකට වෙන කෙනෙක් ලවා හරි උදව් කරන්න


.
කාලය අපි හිතනවට වඩා හරිම සීමිතයි! පසුතැවීමට වඩා යමක් අනාගතයට ඉතිරි කරගන්න. Data කාඩ් 8කින් අම්මට බ්ලවුස් එකක් ගෙනියන්න


.
.
ප.ලි
මගේ අප්පච්චි මේ ලෝකෙ දාලා ගිහින් දැන් අවුරුදු 4කට වැඩියි... කිසිසේත්ම නොහිතූ වෙලාවක මම විශ්ව විද්යාලෙ අවසන් වසර විභාග වලට පෙනී සිටින්න නියමිත වෙලාවක තමයි ඔහු දාලා ගියේ අපිව. අදටත් මට ඉතිරි එකම සැනසීම ඒ අප්පච්චි අන්තිමටම ඇඳන් හිටියෙත් මං දුන්න Shirt එක කියන එක. නැතිවෙන්න මාසෙකට කලින් මං අප්පච්චි, අම්මි, නංගි සහ අක්කිලාව එක්කන් අනුරාධපුර Trip එකක් ගියා අප්පච්චිට ඔප්පු කරන්න ආසාවෙන් හිටිය භාරයක් ඔප්පු කලා ජය ශ්රී මහා බෝධියත් වැඳලා.


.
හැමදාම මට කතා කරලා සුව දුක් විමසලා කෑවෙ මොනවද අහලා අප්පච්චි ඇතිවෙනකල් එයාගෙ හිතේ තියෙන දේවල් මං එක්ක කතා කර කර හිටියා. මම කැම්පස් හිටිය නිසා call කල වෙලාවට පුලුවන් උපරිම හිත ශක්තිමත්ව තිබ්බා. මට තේරෙන කාලෙ අප්පච්චිගෙ හැම උපන්දිනයක්ම කේක් එකක් කපලා පොඩි තෑග්ගක් දීලා, අහල පහල අයට තේකක් දීලා පුංචිවට සැමරුවා. අප්පච්චි යුද්ධ කාලෙ අපි ළඟ හිටියෙ නැති නිසා මට තේරෙන වයසෙදි, හැකි විදිහට අප්පච්චි වෙනුවෙන් මොනවම හරි දෙයක් කරන්න සතුටින් තියන්න උත්සහ කලා.
.
එච්චර කරලත් නැතිවුණාට පස්සෙ අනේ මට තව බලන්න තිබුණා කියන හැඟීම ආවා. ඒ ටිකවත් කරන්න බැරි වුණොත් ඔබට මටත් වඩා ඊට පස්සෙ දුක දැනෙන්න පුලුවන්. ඒ නිසා ඒ අය ජීවතුන් අතර ඉන්න කාලෙ ළඟින් ඉඳන් සලකන්න. පොඩි තෑග්ගක් ඔයාලගෙ පුංචි පඩියෙන් හරි කැටේ එකතු කල සල්ලි වලින් හරි ගිහිං දීලා, එහෙම වෙලාවක ඒ අයගෙ මූණෙ ඇඳෙන හිනාව මතක තියාගන්න


.
~ විලෝචනා ~
No comments:
Post a Comment
leave your comment here...