Pages

Monday, November 22, 2021

ප්‍රතිවීරවරිය

 

🍂
ගොපලු කෘතියක,
රෝමෝද්ගාමික සටන
විජයග්රහණය කර...
රැඳී නොසිටම,
නික්ම යන,
ගොපලු වීරයෙකු නම් නුඹ....
ශානරය අභිරහසක් වූ...
ආඛ්යානය අපැහැදිලි...
සිනමා කෘතියක...
ප්රතිවීරවරියකි මම 🐎🤺
.
~ විලෝචනා ~

Saturday, November 20, 2021

ප්‍රේමය පරිණත වුණා...

🍂
ප්රේමයේ අලංකෘත වර්ණ තිබුණා...
වර්ණවත් කොල වල ලියූ හීන තිබුණා...
අහක යන ගී පද පැටලුණා...
රචකයාට වඩා ගී පද අන්සතු වුණා...
ගී පද නැති තනු අස්සෙත් හැඟීම් තිබුණා...
කඳු මතින් හැලෙන දිය ඇලි තිබුණා...
සුඳු පාට මල් අස්සෙත් රෝස පෙති තිබුණා...
හැම මලකම සුවඳට මතක තිබුණා...
තනි මොහොතත් පාලු නොවුණා...
සෙනග අස්සෙත් හුදෙකලා වුණා...
දෙනෝදාහක් මැද හැඬුණා...
තනිවම සිනාසුණා...
කලකට පසු...
ප්රේමය පරිණත වුණා...
~ විලෝචනා ~

Thursday, November 18, 2021

😍 කතාව ගොඩක් වෙනස්... ඒත් එයාලත් අහිංසකයි... 😊 පෝසට් එක දැක්කම හිතුණ දෙයක්...


මගෙ අම්මි සහ අම්මා කියන දෙන්නටම ස්මාර්ට් ජංගම දුරකථන තියෙනවා. අම්මිට ලැප්ටොප් එකත් ඩෙස්ක්ටොප් එකත් ජංගම දුරකථනත් සියලුම දේ තියෙනවා. අම්මි බොහොම සාර්ථක විදියට උගන්නපු ගුරුවරියක්. ඇය වයස කීය වුණත් ඉගෙන ගන්න එක නතර කලේ නෑ. පරිගණක පාඨමාලා පවා හැදෑරුවා.
ඉස්කෝලේ ළමයින්ට උගන්වන්න අවශ්ය කරුණු අන්තර්ජාලයෙන් හොයලා ඇය විසින්ම ලස්සනට presentation හදාගෙන ගිහින් ළමයින්ට සිත්ගන්නා සුළු විදිහට ඉගැන්නුවා. ඇයගෙ අතින්ම සිංහලෙන් ප්රශ්න පත්තර type කරලා මට කතා කලේ එහෙ මෙහෙ වුණ page settings ටිකක් හදාගන්න විතරයි. නංගිට ඉගෙන ගන්න අවශ්ය කරන Youtube Videos අම්මි විසින්ම download කරලා වෙනම store කරලා තියෙනවා. ඇත්තටම අම්මි තාක්ෂණික දැනුම අතින් සතුටු දායක තැනක ඉන්නෙ 😍
1999 ටත් කලින් ගෙදරට type writer එක ගෙනාවෙ ඇය. 1999 දි ගෙදරට පරිගණකය ගේනකොට Scanner, Colour Printer, UPS, Mic, හැමදේම ගෙනාවෙ අම්මිම තෝරලා. අදටත් එහෙන් මෙහෙන් අහුවෙන අලුත් ගැජට් කෑලි ඇය අරන් එනවා. ඇය අලුතෙන් යමක් ඉගෙන ගන්න බොහොම උනන්දුයි.
විශ්රාම ගිහිං අවුරුදු 3ක් දැන්. ඒ කාළය තුළ කොච්චර නිදහසේ ඉන්න කිව්වත් ඇය අලුත් දේවල් ඉගෙන ගන්න එක නැවැත්තුවෙ නෑ. කොන්ක්රීට් Interlock blocks හදන්න ඉගෙන ගත්තා. අච්චු කීපයක් ගෙනත්, එන්න ඕන පදම, පාට කරන හැටි වේලන හැටි ඇය හොඳට ඉගෙන ගත්තා. විශාල මිදුලටම අල්ලන්න ප්රමාණවත් blocks ඇය හදලා ගොඩ ගහලා තිබුණා.
ඇය විසින්ම ගොවිතැන් කරන්න යොමු වුණා. වී ගෝනි 40, 50 ඇගේ අස් වැන්න. ඒ අතරෙ බඩ ඉරිඟු, උඳු, කුරක්කන් මාරුවෙන් මාරුවට ගෙදර ගියාම අපිට මොනවා හරි පටවලා එවන්න තමා දඟලන්නෙ. 😁 ඉල්ලන්නෙ මොනවද. ඒක දෙනවා. බෑ කියන්නෙ නෑ. බැරි වෙලාවත්... ඇයට ලැබුණ දෙයක් මං ලස්සනයි කිව්වොත්, "ඉතිං ඕක ඔයා ගන්න" එහෙම තමා අම්මි කියන්නෙ.
පිත්තල පහනෙ රත්තරං බඩුවෙ ඇඳේ පුටුවේ ඉඳන් අපි 4 දෙනාට අවශ්ය සියල්ලම අම්මියි අප්පච්චියි ලෑස්ති කලේ අපිට වැඩිය නොතේරෙන වයසෙ ඉඳන්ම. ඒ වගේම අපි 4 දෙනාටම හොඳට ඉගැන්නුවා. අප්පච්චි මේ ලෝකෙන් සමු ගත්තට පස්සෙ අම්මි තවත් ඇඟට හයිය අරන් වැඩ කලා. හැම දේම අතෑරලා හිටියෙ නෑ.
ගෙදර වැඩ කරන අයට අම්මිගෙ අතින්ම කෑම බීම හදලා උඩට පහලට දවස තිස්සෙ දුවනවා. මිනිස්සුන්ට කන්න දෙන එකත් පිනක්නෙ. ඒ මිනිස්සු ඒවා කාලා හොඳට හිතේ සතුටෙන් හයිය ඇතිව වැඩ කරනවා. අහල පාල පාර හදන අයටත් තේ ටික එක්ක රොටියක් හරි හදලා ගිහිං දෙන ගමන් ඇය ඔය කතා අපිට කියන්නෙ. අම්මි express කෝච්චියක් වගේ. විනාඩ් 5න් ඔසරිය ඇඳලා හැඩවෙන්න අම්මිට පුලුවන්. පැය භාගෙන් බත් මාලු ටික උයලා ඉවර කරන්න පුලුවන්.
ඇය කඩිසරයි, සමාජශීලියි, තාක්ෂණය එක්ක ඉස්සරහට යනවා, අත දිග ඇරලා තියෙන දේවල් දන් දෙනවා. Facebook ඉන්නවා, ඇගේ උපන් දිනය ඇයට මතකයි. කවදාවත් ඉල්ලලා නැති වුණත් අපි birthday surprise අම්මිට දීලා තියෙනවා. ඒත් 😊 අපෙ අම්මිත් අහිංසකයි 💛
.
අපෙ අම්මා... (Husband ගෙ අම්මා)
Smart Phone එකක් තියෙනවා, Whatsapp භාවිතා කරනවා. වටින දේවල් whatsapp එකන් අපි හුවමාරු කරගන්නවා. ඇය Youtube එකෙන් බණ අහනවා. මගෙ Husband ඉපදෙන්න කලින් ඇයත් විධායක ශ්රේණියේ රැකියාවක් කල කෙනෙක්. ඇගේ පියාත් ඉංජිනේරුවෙක් නිසා ඇයට ගණන් මිණුම් වැඩ යස අගේට පුලුවන්. අදටත් ගෙදර මොන බිම් අඟලත් වෙනස් කරද්දි ඒවගෙ ගණන් මිණුම් සට සට ගාලා ඇය estimate කරලා කියනවා. අමුතුවෙන් කිව යුතු නෑ ඇයත් බොහොම කඩිසර දක්ෂ බුද්ධිමත් කාන්තාවක්. ගෙදරට අලුතෙන් කෑල්ලක් එකතු කරන්න ඇය විසින්ම ලස්සන plan එකක් මැනලා ඇඳලා අපිට විස්තර කලා.
උපන්දිනයට නිර්මාංශ නිසා eggless cake එකක් අපිම හදලා තෑගි දීලා පුංචි surprise එකක් දුන්නා. එපා වියදම් කරන්න කියලා කිව්වත්, තමන්ගෙ දරුවො ටොෆියක් ගෙනත් දුන්නත් අම්මලාගෙ මූණෙ මල් පිපෙනවා.
මහනුවර මම හිටිය නාගරික පරිසරය වගේ නෙවේ. දැන් ඉන්නෙ ටිකක් නගරයෙන් බැහැරව විශාල වත්තක් මැද පිහිටි නිස්කලංක ගෙදරක. තාක්ෂණය එක්ක අලුත් දේවල් ගැන දැනුම ගත්තට අම්මා සහ අප්පච්චි බොහොම සැහැල්ලු ගති පැවතුම් ඇති සරළ ජීවිත ගෙවන අය.
මනුස්සයෙක් අඳින පළඳින භාවිතා කරන දේවල් වලින් හෝ ඒ මනුස්සයට තියෙන දැනුමෙන් චරිත ලක්ශණයක් හරියටම කියන්න අමාරුයි කියලා මට මේ post එක දැක්කම හිතුනා.
මේ post එකට වඩා සම්පූර්ණ අපෙ අම්මලා දෙන්නා වෙනස් වුණත්... එයාලත් ඇත්තටම අහිංසකයි. 😍




Wednesday, October 13, 2021

🌼😊 සමහර දේවල් හරිම සුන්දරයි

ගණන් ගන්නෙ නැතුව වත්තෙ එහෙ මෙහෙ අව්වට වේලි වේලි වැස්සට තමි තෙමී තිබුණ දර ටිකක් එකතු කරලා ගාණට කපා ගත්තා...


එයින් දර ටිකක් අරන් මැටි ලිපේ තියලා අද වතුර රත් කරගත්තෙ... ගෑස් ප්රශ්නයක් වෙලා තියෙන කාලෙක මේක ඒකටත් විසඳුමක්. නාගරික ජීවිතයට හුරු වුණ ගොඩක් අයට මේක නුහුරුයි තමා. මටත් අම්මා එපා එපා කියද්දිත් නිකමට අත් හදාබලන්න ලිපක් අරන් ආවෙ. ආසාවට 😊

ඉතිං... එකතු කල දර ටිකක් මැටි ලිපට දාලා වතුර හැලියක් රත්කරගත්තා... ඒ වතුර ටිකෙන් නෑවම, ව්යායාම කරපු ඇඟට පුදුම සැනසීමක් දැණුනා... 😍 ගෑස් වලින් හෝ heater එකෙන් රත් කල වතුර ටිකට වඩා අමුතු මිහිරියාවක් ඒ වතුරෙ තිබුණා... දුම් සැර ටිකක් වැදුණට මොකද 😊 වතුර ටික නම් හරි සනීපයි...



Sunday, October 10, 2021

❤ .....................෴ හැඟීම් ෴ ....................... ❤

 අපි මිනිස්සු.අපිට විවිධාකර හැඟීම් තියෙනවා.ඒවා හොඳ හැඟිම් සහ නරක හැඟීම් කියලා ප්රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්.අපි නරක හැඟීම් අමතක කරලා හොඳ හැඟීම් ගැන හිතලා බලමු.ඒ කියන්නේ කිසි කෙනෙක්ට කරදරයක් නොවන පවකට මුලක් පාදන්නෙ නැති හැඟීම් ගැන.මිනිස්සු ගොඩක් කැමතිම හැඟීමක් තමයි ආදරේ කියන්නෙ.ආදරේට නිර්වචන ගොඩක් ඇති.ඒත් ඇත්තටම ආදරේ මොකද්ද කියන්න ගොඩක් අය දන්නෙ නෑ .

.
ආදරේ කියන හැඟීම හැඟීම් ගොඩක එකතුවක්.දයාව,අනුකම්පාව,උවමනාව,සැලකිල්ල වගේ හැඟීම් ගොඩක් ආදරේ කියන හැඟීම ගොඩ නැගෙන්න ඕන කරනවා.
.
"මට එයාව නිතරම මතක් වෙනවා...මට එයාව බලන්න ආසයි ...කතා කරන්න ආසයි ...එයා එක්කම ඉන්න ඕන.එයා දිහා බලන් හිටියත් මට ඇති...අනේ එයත් මාව බලන්න එනවා නම් ..."
.
අපි ආදරේ කරන්න ගියාම නිතරම හිතෙන දේවල් තමයි ඒ.ඒත් චුට්ටක් හිතන්න ආත්මාර්ථය නොගෑවිච්ච එක වාක්යයක් මෙතන තියෙනවද කියලා.අපි ආදරය කියලා රැවටෙන්නෙ අපේ ආසාවල් වලට."ආදරේ කියලා හිතෙන්න" මේවා උදව් වෙනවා ඇති... ඒත් "ආදරේ කරනවා" කියන්නෙ වෙනම දෙයක්.ඒක හිතලා ඉවර කරන්න බෑ.අපි ආදරේ කියලා හිතන් ඉන්න මේ වගේ ආදරේකින් තමන්ට වැඩකුත් නෑ . අනික් කෙනාට වැඩකුත් නෑ .මේ කියන ආදරෙන් ඇත්තටම තමන්ට සතුටු වෙන්න බෑ ...ආදරේකින් සතුටු වෙන්න පුළුවන් වෙන්නේ උඩ තිබ්බ වාක්ය ටිකට දයාව,අනුකම්පාව,උවමනාව,සැලකිල්ල, කියන හැඟීම් ටිකත් එකතුවුණාමයි.
.
අම්මට තාත්තට ආදරෙයි කියන ඔයාට පුළුවන් උනානම් එයාලගේ උපන් දිනේ දවසට එයාලට තෑග්ගක් දෙන්න ... ඇත්තටම ඔයා එයාලට ආදරෙයි. "මම ජොබ් එකක් කරනවද ?තෑගි දෙන්න බැරියැ ජොබ් එකක් කරන කාලෙක." ගෑනු ළමයට පිරිමි ළමයට කතා කරන්න සල්ලි අනන්ත වියදම් කරද්දි,යාළුවො එක්ක එකතු වෙලා බොද්දි,ස්මාර්ට් ෆෝන් ගද්දි තමන් ජොබ් එකක් කරන්නෑ කියලා අමතකයි.දවසකට රු.2.00 ගානෙ එකතු කලා නම් අවුරුද්දට රු.730 ක් එකතු වෙනවා. මම හිතන්නෙ නෑ රු.730 කට තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් මොකුත්ම කරන්න බැරි වෙයි කියලා.ඇත්ත ආදරේදී අපි කැප කිරීම් කරනවා.කැප කිරීමෙන් ඉතිරි කරන කීයෙන් හරි ආදරේ කරන කෙනෙක්ට දෙයක් දීලා ලැබෙන සතුට කවදාවත් නැති වෙන්නෙ නෑ . හැමදාම කීය කීය හරි දාලා ගෑණු ළමයට පිරිමි ළමයට කතා කරන වෙලේ ඒ මුදලින් වැදගත් යමක් කරන්න සැළසුම් කරන්න.
.
(අපෙ අම්මි අප්පච්චිගෙ උපන් දින දවසට මම අදටත් ගෙදර බැලුන් එල්ලලා සරසනවා.පුංචි කේක් එකක් ගෙනත් සාලෙ මැද්දෙ තියලා පහල ගෙදර පුංචිලාට එන්න කියලා කේක් කපලා තේ පැන් සංග්රහයකුත් කරනවා.අන්තිමට ලස්සනට ඔතපු මොනවා හරි පුංචි තෑග්ගක් ඔක්කොම ඉස්සරහ අතට දෙනවා . ඒ වෙලාවට ඒ මූණෙ තියෙන ආඩම්බරෙයි සතුටයි මට ජොබ් එකක් කරන කාලෙක විසි තිස් දාහක් වියදම් කරලා වත් දෙන්න බෑ.ඔයා කවදාහරි මෙහෙම කරලා තියෙනවාද?තමන් ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් ??? ඔව් ඔයා එහෙනම් එයාට ඇත්තටම ආදරෙයි)
.
මේ දීපු උදාහරනෙ ගැනම නොහිතා විවිධ අවස්ථා සහ පුද්ගලයන් සම්බන්ධව මේ අදහස යොදලා බලන්න.එවිට ආදරේ මොකද්ද කියලා ඇත්තටම දැනෙයි.අතට හම්බ වෙන කීය හරි නාස්ති නොකර මේ වගේ සතුටක් ලබාගන්න උත්සහ කරන්න...
.
යුතුකම් ඉෂ්ඨ කිරීම,දයාව,අනුකම්පාව,කලගුණ සැලකීම වගේ හැඟීම් නැත්තන් ඒ වගේ මනුස්යෙක්ගෙ හිතේ තියන ආදරේ හුදෙක් එක ආත්මාර්තකාමී හැඟීමක් විතරයි ...
.
෴ .ලෝචි . ෴ Au0gust 24S5,6ptn 2sa0ef15 
Shared with Only me

Friday, September 10, 2021

ශරීරයේ බර ගැන සැලකිලිමත් වන ඔබට!

 

🍂 ඇඟේ බර වැඩි වෙලාද? ඇඳුම් ඇඳගන්න බැරි තරම් මහත් වෙලා ඇඟේ හැඩය නැති වෙලාද?
😊 ඇඟ හැඩට තියාගන්න නම් ඉස්සෙල්ලම තමන්ගෙ ඇඟ ගැන අවබෝධයක් තියෙන්න ඕන. එහෙනම් ශරීරයේ උස බර මේදය සහ ගන්න ආහාර වල කැලරි ප්රමාණය ගණනයට සහ සටහන් තබන්න භාවිතා කල හැකි වෙබ් පිටු සහ මෘදුකාංග ගැන පොඩි අදහසක් දෙන්නම් 😊
🚫 හොඳට මතක තියාගන්න, මේ ගණනය කිරීම් වලින් ඔබට දළ අදහසක් පමණයි ගන්න පුලුවන්. ශරීරයෙන් ශරීරයට විවිධ හේතු නිසා අවශ්ය කෑම සහ ව්යායාම වෙනස්. ඒ නිසා නිවැරදි උපදෙස් සුදුසු කෙනෙක්ගෙන් ලබාගෙන ඉන්න අමතක කරන්න එපා 😍
.
🔺 BMI අගය - ඔයාගෙ උසට අනුව තියෙන්න ඕන බර දන්නවද ? BMI අගය මැන ගන්න මේ Link එකට යන්න. ( ඔයා මේ වෙද්දි ලේ දන් දීලා බර වැඩි වුණ කෙනෙක් නම්, Gym ගිහිං ඇඟ හදපු කෙනෙක් නම්, බර උස්සන පෙරලන කෙනෙක් නම්, මේ පෙන්වන අගය ඔබට සුදුසු නොවෙන්න පුලුවන්)
🔺 Body Fat - ඔයාගෙ උසට සරිලන බර තියෙනවා කියලා ගණනය වුණත් තාම ඔබ පෙනුමෙන් මහතයි ද? ඔබට අවශ්ය පෙනුම ලැබිලා නැද්ද? එහෙනම් ඔබේ ඇඟේ Fat ප්රමාණය බලන්න වෙනවා. Fat තියෙන්න ඕන ගාණටම තියෙනවද, අඩු ද වැඩිද කියලා දැනගන්න නම් මේ Link එකට යන්න 😊
🔺 Daily Calorie intake - බර අඩු කරනවා නම් හෝ ඉන්න ගාණටම ඉන්න නම් දවසට කොච්චර කෑම පාලනය කරන්න ඕනද කියලා දන්නවද?
දෛනික ආහාර අවශ්යතාව ගැන ඔයාට දළ අදහසක් තාම නැති නම් මේ Link එකට ගිහිං ඔයාගෙ වයස උස බර දීලා Calculate කරගන්න. සතියට 250g හෝ 500g ක් කෑම පාලනයෙන් අඩු කරන්න නම් කන්න ඕන ගාණ වෙන වෙනම ඇති.
🚫 සතියට 1kg ට වඩා අඩු කරන්න යනවා නම් හෝ Excercises කරනවා නම් Gym Instructor කෙනෙක් ගෙන් සහ වෛද්යවරයෙක්ගෙන් නිවැරදි උපදෙස් අරන් ඉන්න 😊
🔺 Calories Calculator App - ඔයා ගන්න ආහාර වලින් ඔබට කොච්චර ශක්තියක් එනවද කියලා Kj වලින් හෝ Kcal ( කිලෝ ජූල් හෝ කිලෝ කැලරි ) අගයන් වලින් දැනගන්න පුලුවන්. ගොඩක් කෑම දවටන වල පිටිපස්සෙ ගහලා තියෙනවා එම ආහාරයෙන් 100g කෑවොත් කොච්චර කැලරි ගාණක් ශරීරයට එකතු වෙනවද කියලා.
බොහොමයක් කෑම වල එම ආහරයේ 100g ක කැලරි කීයක් තියෙනවද කියලා Internet එකෙනුත් ගහලා හොයාගන්න පුලුවන්.
ඒ වගේම මම මේ දාන App එක Download කරලා Install කරගන්න. ඒකෙ ඔයාට ඔයාගෙ බර අඩු කරගන්න Plan එකට යනකල් දවසට ඔයා ගන්න කෑම වල කැලරි diary එක වගේ Update කරන් යන්න පුලුවන්.
උදා- ඔයාගෙ දවසට ඕන කැලරි ගාණ 1000 කියලා ගණනය වුණොත් ඒ App එකේම දවසට ඒ කැලරි 1000 ට අදාලව ඔයා ගත්ත කෑම සටහන් කරන් යන්නත්, බොහෝ කෑම වල කැලරි ප්රමාණය දැනගන්නත්, සතියෙන් සතියට බර ඇතුලත් කරලා සියලුම Process එකේ Summary එකක් Report එකක් බලාගන්නත් පුලුවන්. 😊

Sunday, August 29, 2021

Best way to deal with Social Media

🍂 Social Media කියන්නෙ හොඳ කෙනාට හොඳටම ඉන්නත් නරක කෙනාට නරකටම ඉන්නත් හිතේ හැටියට අවකාශය තියෙන තැනක්.
ඔබව විනිශ්චය කරන්න, ඔබව රස විඳින්න ඔබව අගය කරන්න, විවේචනය කරන්න වගේම ඔබව පහළටම ඇද හෙලන්නත් පිරිස එක අවකාශයකදී ඔබට හමුවෙනවා.
මෙය ඔබට ඔබේ භාණ්ඩය, සේවාව, අරමුණ ප්රවේශ කරන්න ඕන ඉලක්කගත ප්රේක්ශකයින් හොයාගන්නත් ලේසි තැනක්.
Smartphone එකක් අතේ තියෙන data, signal තියෙන ඕන කෙනෙක්ට කෙටි කාලෙකින් මේ අවකාශය තුළ ක්රියාකාරී වෙන්න පුලුවන්.
හැබැයි 😊 මේකත් එක සමාජයක් 😌 මෙතන ඉන්නවා Virtual එහෙම නැත්තං "Real සමාජයට ආසන්න තත්වයක්" හමුවේ එකතු වුණ පිරිසක්.
එතනදි අපි අපිට ලැබිලා තියෙන වරප්රසාද එක්ක වඳුරට දැලි පිහිය අහුවුණා වගේ නොවෙන්න වැඩකරන්න අපි වග බලාගන්න ඕන.
.
1. සුදුසු තැනදි පමණක් තමන්ගෙ අදහස් ප්රකාශ කිරීම -
සමහර තැන් තියෙනවා අපි කොච්චර දැනුවත් වුණත් වචනයක් වත් නොකියා එපිටහ පාරෙන්ම මග ඇරලා යන්න ඕන. මොකද හැමෝම එක මට්ටමේ අය නොවන නිසා. සමහර විට Friend List එකේ හිටියත් කවුද කෙනා කියලා හඳුනගන්න අපිට කාලයක් යනවා. සමහර තැන් තියෙනවා අපි අපේ වචනය භාවිතා කලොත් වටින. එක්කො දැනුමට. එක්කො විනෝදයට. එක්කො ප්රඥාවට. අන්න ඒ සුදුසු වෙලාවෙ සුදුසු තැනදි අපි අදහසක් දුන්නොත් ගොඩක් වටිනවා.
2. සුදුසු අවස්ථාවෙදි පමණක් ලබා දී තිබෙන සේවාවන් පරිහරණය කිරීම -
ඔබට ඡායාරූප, වීඩියෝ වගේ ඕනම මාධ්යයක්, ලේඛනයක්, අදහසක් පල කරන්න මෙහි ඉඩ තිබෙනවා. අනික් අය පල කරන දේවල් බෙදා ගන්නත් ඉඩ තිබෙනවා. ඊට අමතර අන්තර් පුද්ගල සන්නිවේදන කටයුතු වඩ වඩාත් පහසු කරන්න Instant Messaging System එකක් සහ Video , Audio දුරකථන ඇමතුම් ගන්න අවස්ථාව තිබෙනවා. ඇත්තටම මේ හැම එකක්ම තියෙන පලියට භාවිතා කරන්න අවශ්ය නෑ. අවශ්යම නම් පමණක් භාවිතා කර ඔබේත් අන් අයගෙත් කාලය සහ නිදහසට සාධාරණයක් කරන්න බලන්න ඕන.
3. සුදුසු දේ පමණක් බෙදා හදා ගැනීම -
අපුණ්ය දාන කියලා දෙයක් අහලා ඇති. ඒ දානය දුන්නට පිනක් නෑ. පවක් තමා වෙන්නෙ. බෙදන්න සුදුසු ඒවට වඩා මේ සමාජ මාධ්යයෙ බෙදාගන්නෙ අනවශ්යම දේවල්. අහල පහල ඉන්න කුඩා දරුවොත් අපේ වැඩිහිටියොත් මේ අස්සෙම ඉන්නවා. කෙනෙක්ගෙ තරහව, මෝහය, කාමය ඇවිස්සෙන විදිහට හෝ කෙනෙක්ට අවමන් වන දෙයක්, කෙනෙක්ට හෝ පිරිසකට අයහපතක් වන දේවල් බෙදාගෙන ඒ අපරාධ දාමයේ පුරුකක් නොවී ඉන්න බලන්න.
4. තමන් වගේම තමාට සබැඳි සියලුම පාර්ශ්වයන්ගේ අභිමානය ගැන සිතා කටයුතු කිරීම -
ඔබේ ක්රියාවන් ඔබට ගෑවුණ ගෑවුණ තැන් වල හැම කෙනාටම එය වක්රව බලපානවා. ඔබේ පවුල, නෑයන්, මිතුරන්,පාසල , රැකියා ස්ථානය ආදී සියල්ලටම සම්බන්ධ අය ගැනත්... විශේෂයෙන් තමා තමන්ම පිළිබඳවත් ගෞරවයක් ඇතිව කටයුතු කරන්න ඕන. කතාවට කියන්නෙ Card කුඩු කරගන්න එපා කියලනෙ. ගෑණු පිරිමි බේදයක් නෑ. ඔබ ඔබට ගරු කරන්න ඕන ඉස්සෙල්ලෙම අනික් අය ඔබට ගරු කරන්න නම් 😊
5. මානුෂීයව කටයුතු කිරීම -
Social media භාවිතා කරන බහුතරයක් ළඟ නැතිම දේ තමා මේ... උඩ කී කරුණු 4 ටම වඩා මනුස්සයෙක් විදිහට දුර දිග බලලා, කරුණාවෙන්, තැනට සුදුසු විදිහට මනුෂ්යත්වය පෙරමුණට අරන් වැඩ කරන්න ඕන අපි. මේ එහා පැත්තෙ ඉන්නෙත් මම වගේම කෙනෙක්, මට වගේම අම්මා තාත්තා අයියා මල්ලි අක්කා නංගි නැන්දා මාමා වන කෙනෙක්. අපි කරන දේවල් අපිට, අපේ අයටම කැරකිලා එන්න පුලුවන්. ඒ නිසා කැරකිලා එනදේ යහපතක් ම පමණක් කරගන්න අපි වග බලාගන්න ඕන. ඒ නිසා මොන වචනෙත්, මොන ක්රියාවත් ක්රියාත්මක වෙන්න කලින් මිනිස්සු විදිහට වැඩ කරන්න පුලුවන් වෙන්න ඕන. නැත්තං වඳුරො සහ අපෙ වෙනසක් නැතුව යනවා.
.
ඉස්සෙල්ලා මිනිස්සු හඳුන ගන්න. මේ අවකාශය අඳුන ගන්න. සතා මොකාද කියලා පොඩ්ඩක් ඇහැ කන යොමාගෙන ඉන්න. ගැලපෙනවද, තියාගන්නවද, හලනවද කියන එකටත් කාලයක් යනවා. ඔබ ගෑණු පිරිමි තරුණ මහලු කවුරු වුණත්... යන්නන්වාලෙ මිනිස්සු එක්ක මිතුරු කම් ආරම්භ කරන්න දඟලන්න එපා.
නිහඬව... නිරීක්ෂණය කරන්නෙක් වෙන්න. කාලෙත් එක්ක ඔබට මේ සමාජ මාධ්ය ඇතුලෙත් සැබෑ ජීවිතයේ වගේම ඔබට ගැලපෙන පිරිස පමණක් ඉතිරි කරගන්න එය රුකුලක් වේවි 😊
~ විලෝචනා ~

Tuesday, July 6, 2021

සුවඳ විලවුන්

 

💛 වැඩ ඇරිලා ආව ස්වාමිපුරුෂයා හෙමින් ළඟට ඇවිත් පුරුදු විදිහට ඔලුව අත ගෑවා... 😁
- අනේ ඒ perfume එක නම් මාර සුවඳයි 😍 මොකක්ද ඒ 💛
(Perfume වල සැර ඉවසන්න බැරි මට ඒක නම් හැමදාමත් පාවිච්චි කලාට කමක් නෑ කියන්න හිතුණ තරම් සෞම්ය සුවඳක් )
- ආ ඒ මේ Hand Sanitizer එක 🤣
- 🙄😏

Sunday, May 30, 2021

දිය රොටී / පාන් පිටි තෝසෙ කමුද?

 

💛 අම්මි මේ මොනවද මේ ? 🤔
.
ඇයි චූටි දුව කාලා නැද්ද මෙහෙම? 😂
.
නෑනෙ. 🙄
.
මේ පාන්පිටි තෝසේ 🤦😂😁
.
උඳු රසට මං වැඩි ආසාවක් නෑ. ඒ නිසා තෝසෙ කන්නෙ හරිම අඩුවෙන්. ඒත් තෝසෙ වගේ තියෙන මේ කෑමට නම් මට කැමැත්තක් ඇති වුණා 😍 ඒ දවස් වල මං කැම්පස් ඉන්න කාලෙ නිවාඩුවකට ගෙදර ආවමයි අම්මි මේ පාන් පිටි තෝසෙ හදලා දුන්නෙ. විනාඩි 5න් හදාගන්න පුලුවන් රස කෑමක් 😍
.
පාන්පිටි වලට පිරිසිදු සීතල ජලය, ලුණු, දිය කල මාගරින් ස්වල්පයක් එකතු කරලා තෝසෙ වගේ උකු මිශ්රණයක් හදාගන්න ඕන. අවශ්ය නම් බී ලූණු, වියලි මිරිස් ටිකක් බැදලා මේ මිශ්රණයට තෙල් එක්කම කලවම් කලොත් තෝසෙ වගේම ගතියක් ගන්න පුලුවන් 😍 වතුර වෙනුවට පොල් කිරි දාන්න පුලුවන් ඒකෙන් රසය වැඩිවෙනව. හැබැයි pan එකෙන් ගලවන්න අමාරු වෙන්න පුලුවන්.
ටික ටික අරන් ගාණට රත් කල Non - stick Pan එකක සාමාන්ය ක්රමයට අතුරලා ටික වෙලාවක් තියන කොට තෝසෙ වගේ හොඳට හැදිලා එනවා. සාමාන්ය රස්නෙක දෙපැත්තෙ දාලා අවශ්ය පමණට කර වුණාම මොනවම හරි හොද්දක් එක්ක කන්න පුලුවන් හොඳට 😍
.
කැම්පස් ගිය කාලෙ හදිසියට බඩගිණි ආවම කන්න මොකුත්ම නොතිබුණ වෙලාවට පොඩි curry එකක් එක්ක කෑවා. දන්නවනෙ ඒ කාලෙ නම් ඒ වගේ ක්ෂණිකව හදාගන්න පුලුවන් කෑම ගොඩක් වටිනවා. හදිසි බඩගින්නට කියාපු කෑමක්. අම්මි තමා හදන විදිහ කියලා දුන්නෙ. 😍 අදටත් හදිසි බඩගින්නක් නම් හදාගන්න දෙපාරක් හිතන්නෙනෑ. මේක මං නැන්දම්මටත් හදන විදිහ කියලා දුන්නා 😁
.
මේ තෝසෙ එකම ඔයාලට ශවර්මා එකක් හදාගන්නත් පාවිච්චි කරන්න පුලුවන්.
Ma's Kitchen Pasta Sauce
Edinborough Thousand Island Salad Dressing
Edinborough Tomato Ketchup
Highland Butter
Richlife Cheese spread
ලූණු, බෙල්පෙපර්, ගෝවා, සලාද කොල (තම්බපු Sweet Corn, Button Mushroom අවශ්ය නම් පමණක්)
මේ එළවලු ඉහත සඳහන් නිෂ්පාදන වලින් අවශ්ය ප්රමාණයට එකතු කරලා මිශ්රණයක් හදාගෙන අර පාන්පිටි තෝසෙ එක මැද්දට පුරවලා තෝසෙ එක රෝල් කරලා ඔතලා (දිගඇරෙනවා නම් තාවකාලිකව toothpick එකක් ගහන්න පුලුවන් ) Non-stick pan එකක පොඩි වෙලාවක් තියලා හෝ Oven එකක විනාඩි කීපයක් bake කරගෙන රසවත් Shawarma එකක් සකස් කරගන්න පුලුවන්. (මේ මිශ්රණය Submarine එකක filling එකටත් හොඳයි 😍)
.
අපි Lacto-Vegetarian නිසා එළවලු සහ කිරි ආහාර පමණයි මෙතන සඳහන් කලේ. ආස ඕනම දෙයක් එක්ක මේ තිරිඟු පිටි තෝසේ එක ආහාරයට ගන්න පුලුවන්. ඔයාලත් Try කරලා බලන්න 😍
.
~ විලෝචනා ~
Chathura Danuska Bandara Konara, Niranjala Dilini Konara and 9 others