Pages

Saturday, December 8, 2018

...::: ඒක කවදාවත් අමතක නොවන දවසක් :::...

'<3 ඒක කවදාවත් අමතක නොවන දවසක්... 
.
පාසල් වර්ණ රාත්‍රිය කියන්නෙ කට්ට කාපු ළමයි ටික පළවෙනි වතාවට ඉස්කෝලෙ එකවර දකින්න ලැබෙන දවස. ඉස්කෝලෙ නම දිස්ත්‍රික්කෙන් පළාතට, පළාතෙන් මූලු දිවයිනටම, දිවයිනෙන් ජාත්‍යන්තරයට අරං ගියපු අක්කලා නංගිලා ටික සියැසින්ම ලස්සනට දකින දවස. 😍

මට මතකයි එක පාරක් Mahamaya Colors Award Ceremony එකට ආවා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා... එවකට ඔහු ලංකාවෙ අග්‍රාමාත්‍ය තනතුර දැරුවෙ මගෙ මතකෙ විදිහට.
 
බ්ලේසර් එක පුරා පිරෙන්න ඔහොම Colours, Medals හැමෝටම නෑ... ඔහොම තියෙන්නෙ ඉතිං ඉස්කෝලෙ බාහිර ක්‍රියාකාරකම් වලින් දක්ෂම සෙට් එකට කිව්වොත් හරි. ඒ කාලෙ හිටපු කීප දෙනෙකුත් විවිධ අංශ වලින් තරඟ වැදිලා මේ වගේ medals ගොඩාක් බ්ලේසර් එක පුරා පුරවගෙන හිටියා. 

ස්ටේජ් එකේ ඇවිදගෙන අලුත් Colours ටික පළඳවගන්න මේ අය එද්දි medals එකිනෙක ගැටෙන සද්දෙ ඇහිලා... මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහෙම කිව්වා... 

" මට කියන්න වචන නෑ. හරියට ඇතින්නියො ටිකක් අභිමානෙන් අඩිය තියනවා වගේ මට දැනෙන්නෙ. මේ දරු සම්පත මුළු රටටම ආඩම්බරයක් " 

මම දැක්කා අනන්තවත් මේ පින්තූරෙ ඉන්න චූටි ළමයි ටිකට කියලා තිබ්බ අනවශ්‍ය දේවල්. මේවා අනික් අයගෙන් අරං එල්ල ගත්ත ඒවා කියලා... ඊළඟට එක එක නායක තනතුරු හදලා බොරුවට දීපුවා කියලා...  

මේ දවස හැමෝම කැපිලා පේන දවස. එතෙක් තමන් ලැබුව සියලුම Medals, Badges , Colors පළඳින්න පුළුවං #එකම #දවස. තමන්ට තියෙන එකක් වෙන කෙනෙක්ට දෙයිද ඒ වගේ දවසක තමන්ම පළඳවගෙන ඉන්නවා මිසක්? අනික ඔතන බොරු ඒවා පළඳින්න බෑ... මේවා මේ ළමයින්ගෙම මහන්සිය. 

තවත් සමහරු කියලා තිබ්බා... අපිටත් තියෙනවා facebook දැම්මෙ නැති වුණාට කියලා. ඔව් අපි ඉස්කෝලෙ යනකාලෙ ඉතිං Facebook තිබ්බෙ නෑනෙ. නේද? තිබ්බා නම් දානවනෙ. කවුරුත් එනවද නවත්තන්න. ඉතිං ඇයි අපි මේ ළමයින්ට ඉරිසියා කරන්නෙ? 
.
මහාමායා බාලිකා වර්ණ රාත්‍රියේ විශේෂයෙන් පාසල් වර්ණ ලැබෙන්නෙ සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ලබා ගත්ත අයට. මේ වගේ වසර තුනක් පිට පිට වර්ණ ගන්න අයට පාසලේ ලාංඡනය, 'පහන' ඇතුලත් 'Pahana Insignia' ලැබෙනවා... ඒ වගේම ජාත්‍යන්තර ජයග්‍රහණ ලබන අයට මට මතක විදිහට 'ස්වර්ණ ප්‍රදීපනී' හිමිවෙනවා. 
.
මට මේ All Island Medals තියෙන්නෙ දෙකයි. ඒකත් Cadet කෙනෙක් විදිහට. අනික් ළමයි පන්තියේ ඉගෙන ගද්දි අපි පන්ති වල නෑ. ගුරුවරුන්ගෙන් බැනුම් අහනවා. ගුරුවරු මාරුවෙලා අලුත් අය ඇවිත් අපි එයාලව දන්නෙ නෑ. කොටින්ම ප්‍රින්සිපල් මැඩම් මාරු වෙලා එයාව දකින්නවත් අපි ඉස්කෝලෙ නෑ. උදේම යනවා. රෑ වෙලා එනවා. අසනීපයි කියලා අනික් ළමයි පන්තියට වත් නොයා ඉද්දි අපිට එහෙම ඉන්න හම්බුණේ නෑ... අනික් ළමයි OL, AL වලට පොත් ගිලින කොට අපි සමහර පාඩම් දැකලා වත් නෑ...  

අපි කොල්ලො වගේ Assualt Run එකේ හැම Obstacle එකම clear කරන් යන්න ඕනෙ, PT, Drill, Lessons කරන්න ඕනෙ. දවසක් මං Bio Lab එකේ පරීක්ෂණයක් කර කර ඉද්දි ආවා එක්කන් යන්න platoon එකෙන්. Bio Madam බැන්නෙ අපේ සාජන් පවා ඉගෙනීම පාඩු කර ගත්ත හැටි අල්ලගෙන මුලු ක්ලාස් එකම ඉස්සරහ. (සාජන් අද ඩොක්ටර් කෙනෙක් 😊) බැනුම් ඉවරයක් නෑ. ඉතිං... මේ මම කිව්වෙ එක මෙඩල් එකක්... #එක #මෙඩල් #එකක් පිටිපස්සෙ කතාව ගැන. අච්චර ප්‍රමාණයක් medals ගන්න මේ කෙල්ලො ටික කොච්චර නැහෙන්න ඇතිද කියලා මට හිතාගන්න වත් බෑ... 

පිරිමි ළමයින්ට වඩා ගෑණු ළමයින්ගෙ ශාරීරික ශක්තිය අඩුයි. අසනීප වෙන්න බලනවා වැඩියි. සමහර විට මේ කරන දේවල් ජීවිතේ දවසක අම්මා කෙනෙක් වෙන්න යද්දි නරක විදිහට බලපාන්න පුලුවං. ක්‍රීඩා වලින් අතපය කොන්ඳ අමාරු කම් ආපු ගෑණු ළමයි ඕන තරම් ඇති. පිරිමි ළමයෙක් මෙහෙම මෙඩල්ස් ගහගෙන හිටියා නම් ඉහලින් අගය කරයි. පිට රටක නම් ඉහ මුදුනෙ තියා ගයි. අපේ රටේ නිසාද, ඉරිසියාවද, මොකක්ද කියන්න මට තේරෙන්නෙ නෑ මේවට ගියපු Comments දැක්කම.

ඉතිං... මේ පළඳවගෙන ඉන්න මෙඩ්ල්ස් ටික දැකලා හිනා වුණ අය කතා හදපු අය... මේ ඉන්නෙ තමන්ගෙ නංගි, අක්කා නම්... ඒකම ආඩම්බරයක් කර නොගත්තොත් තමයි පුදුමෙ. මෙහෙම තියෙනවා නම් බ්ලේසර් එකේ ගහගන්නෙ නැති වුණොත් තමයි පුදුමෙ.  හැම දේකම දෙපැත්තක් ඇති. ඒත් මේ ළමයි මේවා ප්‍රසිද්ධිය බලාගෙන කරපුවා නෙවෙයි. ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෑ මේ ළමයි නම් දැන්ම කීර්තියක් ලබාගෙන ජීවිතේ දිනලා ඉවරයි. 🤭 ඔය හිනාවෙන මඩ ගහන අයට කියන්නෙ මේ වගේ මෙඩ්ල්ස් පුරවං හිටපු කිසිම කෙනෙක් අද පුංචි තැන් වල නෑ.  අගය කල යුතු දේ අගය කරන්නත් පාසල් වලින් ගෙවල් වලින් ළමයින්ට උගන්නන්න ඕනෙ 😕
.
මම ඉස්කෝලෙ නුවරද වෙන කොහෙ හරිද, ලොකුද පොඩිද කිය කිය වාද කරන ඉස්කෝල වාදියෙක් නෙවෙයි. මම Campus එකෙනුත් out වෙලා ඉන්නෙ. ඉස්කෝලෙටත් වඩා මේ දරුවො ගැන තමයි මම කිව්වෙ. වැරදි දෙයක් කියලා තියෙනවා නම් සමාවෙන්න ඕනෙ 😊
.
...::: © විලෝචනා :::...'


.
පාසල් වර්ණ රාත්රිය කියන්නෙ කට්ට කාපු ළමයි ටික පළවෙනි වතාවට ඉස්කෝලෙ එකවර දකින්න ලැබෙන දවස. ඉස්කෝලෙ නම දිස්ත්රික්කෙන් පළාතට, පළාතෙන් මූලු දිවයිනටම, දිවයිනෙන් ජාත්යන්තරයට අරං ගියපු අක්කලා නංගිලා ටික සියැසින්ම ලස්සනට දකින දවස. 😍

මට මතකයි එක පාරක් Mahamaya Colors Award Ceremony එකට ආවා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා... එවකට ඔහු ලංකාවෙ අග්රාමාත්ය තනතුර දැරුවෙ මගෙ මතකෙ විදිහට.

බ්ලේසර් එක පුරා පිරෙන්න ඔහොම Colours, Medals හැමෝටම නෑ... ඔහොම තියෙන්නෙ ඉතිං ඉස්කෝලෙ බාහිර ක්රියාකාරකම් වලින් දක්ෂම සෙට් එකට කිව්වොත් හරි. ඒ කාලෙ හිටපු කීප දෙනෙකුත් විවිධ අංශ වලින් තරඟ වැදිලා මේ වගේ medals ගොඩාක් බ්ලේසර් එක පුරා පුරවගෙන හිටියා.

ස්ටේජ් එකේ ඇවිදගෙන අලුත් Colours ටික පළඳවගන්න මේ අය එද්දි medals එකිනෙක ගැටෙන සද්දෙ ඇහිලා... මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහෙම කිව්වා...

" මට කියන්න වචන නෑ. හරියට ඇතින්නියො ටිකක් අභිමානෙන් අඩිය තියනවා වගේ මට දැනෙන්නෙ. මේ දරු සම්පත මුළු රටටම ආඩම්බරයක් "

මම දැක්කා අනන්තවත් මේ පින්තූරෙ ඉන්න චූටි ළමයි ටිකට කියලා තිබ්බ අනවශ්ය දේවල්. මේවා අනික් අයගෙන් අරං එල්ල ගත්ත ඒවා කියලා... ඊළඟට එක එක නායක තනතුරු හදලා බොරුවට දීපුවා කියලා...

මේ දවස හැමෝම කැපිලා පේන දවස. එතෙක් තමන් ලැබුව සියලුම Medals, Badges , Colors පළඳින්න පුළුවං #එකම #දවස. තමන්ට තියෙන එකක් වෙන කෙනෙක්ට දෙයිද ඒ වගේ දවසක තමන්ම පළඳවගෙන ඉන්නවා මිසක්? අනික ඔතන බොරු ඒවා පළඳින්න බෑ... මේවා මේ ළමයින්ගෙම මහන්සිය.

තවත් සමහරු කියලා තිබ්බා... අපිටත් තියෙනවා facebook දැම්මෙ නැති වුණාට කියලා. ඔව් අපි ඉස්කෝලෙ යනකාලෙ ඉතිං Facebook තිබ්බෙ නෑනෙ. නේද? තිබ්බා නම් දානවනෙ. කවුරුත් එනවද නවත්තන්න. ඉතිං ඇයි අපි මේ ළමයින්ට ඉරිසියා කරන්නෙ?
.
මහාමායා බාලිකා වර්ණ රාත්රියේ විශේෂයෙන් පාසල් වර්ණ ලැබෙන්නෙ සමස්ථ ලංකා ප්රථම ස්ථානය ලබා ගත්ත අයට. මේ වගේ වසර තුනක් පිට පිට වර්ණ ගන්න අයට පාසලේ ලාංඡනය, 'පහන' ඇතුලත් 'Pahana Insignia' ලැබෙනවා... ඒ වගේම ජාත්යන්තර ජයග්රහණ ලබන අයට මට මතක විදිහට 'ස්වර්ණ ප්රදීපනී' හිමිවෙනවා.
.
මට මේ All Island Medals තියෙන්නෙ දෙකයි. ඒකත් Cadet කෙනෙක් විදිහට. අනික් ළමයි පන්තියේ ඉගෙන ගද්දි අපි පන්ති වල නෑ. ගුරුවරුන්ගෙන් බැනුම් අහනවා. ගුරුවරු මාරුවෙලා අලුත් අය ඇවිත් අපි එයාලව දන්නෙ නෑ. කොටින්ම ප්රින්සිපල් මැඩම් මාරු වෙලා එයාව දකින්නවත් අපි ඉස්කෝලෙ නෑ. උදේම යනවා. රෑ වෙලා එනවා. අසනීපයි කියලා අනික් ළමයි පන්තියට වත් නොයා ඉද්දි අපිට එහෙම ඉන්න හම්බුණේ නෑ... අනික් ළමයි OL, AL වලට පොත් ගිලින කොට අපි සමහර පාඩම් දැකලා වත් නෑ...

අපි කොල්ලො වගේ Assualt Run එකේ හැම Obstacle එකම clear කරන් යන්න ඕනෙ, PT, Drill, Lessons කරන්න ඕනෙ. දවසක් මං Bio Lab එකේ පරීක්ෂණයක් කර කර ඉද්දි ආවා එක්කන් යන්න platoon එකෙන්. Bio Madam බැන්නෙ අපේ සාජන් පවා ඉගෙනීම පාඩු කර ගත්ත හැටි අල්ලගෙන මුලු ක්ලාස් එකම ඉස්සරහ. (සාජන් අද ඩොක්ටර් කෙනෙක් 😊) බැනුම් ඉවරයක් නෑ. ඉතිං... මේ මම කිව්වෙ එක මෙඩල් එකක්... #එක #මෙඩල් #එකක් පිටිපස්සෙ කතාව ගැන. අච්චර ප්රමාණයක් medals ගන්න මේ කෙල්ලො ටික කොච්චර නැහෙන්න ඇතිද කියලා මට හිතාගන්න වත් බෑ...

පිරිමි ළමයින්ට වඩා ගෑණු ළමයින්ගෙ ශාරීරික ශක්තිය අඩුයි. අසනීප වෙන්න බලනවා වැඩියි. සමහර විට මේ කරන දේවල් ජීවිතේ දවසක අම්මා කෙනෙක් වෙන්න යද්දි නරක විදිහට බලපාන්න පුලුවං. ක්රීඩා වලින් අතපය කොන්ඳ අමාරු කම් ආපු ගෑණු ළමයි ඕන තරම් ඇති. පිරිමි ළමයෙක් මෙහෙම මෙඩල්ස් ගහගෙන හිටියා නම් ඉහලින් අගය කරයි. පිට රටක නම් ඉහ මුදුනෙ තියා ගයි. අපේ රටේ නිසාද, ඉරිසියාවද, මොකක්ද කියන්න මට තේරෙන්නෙ නෑ මේවට ගියපු Comments දැක්කම.

ඉතිං... මේ පළඳවගෙන ඉන්න මෙඩ්ල්ස් ටික දැකලා හිනා වුණ අය කතා හදපු අය... මේ ඉන්නෙ තමන්ගෙ නංගි, අක්කා නම්... ඒකම ආඩම්බරයක් කර නොගත්තොත් තමයි පුදුමෙ. මෙහෙම තියෙනවා නම් බ්ලේසර් එකේ ගහගන්නෙ නැති වුණොත් තමයි පුදුමෙ. හැම දේකම දෙපැත්තක් ඇති. ඒත් මේ ළමයි මේවා ප්රසිද්ධිය බලාගෙන කරපුවා නෙවෙයි. ප්රසිද්ධ වෙන්න දෙයක් නෑ මේ ළමයි නම් දැන්ම කීර්තියක් ලබාගෙන ජීවිතේ දිනලා ඉවරයි. 🤭 ඔය හිනාවෙන මඩ ගහන අයට කියන්නෙ මේ වගේ මෙඩ්ල්ස් පුරවං හිටපු කිසිම කෙනෙක් අද පුංචි තැන් වල නෑ. අගය කල යුතු දේ අගය කරන්නත් පාසල් වලින් ගෙවල් වලින් ළමයින්ට උගන්නන්න ඕනෙ 😕
.
මම ඉස්කෝලෙ නුවරද වෙන කොහෙ හරිද, ලොකුද පොඩිද කිය කිය වාද කරන ඉස්කෝල වාදියෙක් නෙවෙයි. මම Campus එකෙනුත් out වෙලා ඉන්නෙ. ඉස්කෝලෙටත් වඩා මේ දරුවො ගැන තමයි මම කිව්වෙ. වැරදි දෙයක් කියලා තියෙනවා නම් සමාවෙන්න ඕනෙ 😊
.
...::: © විලෝචනා :::...
 — feeling proud.

No comments:

Post a Comment

leave your comment here...