
ටයි පටිය කර බැඳන්,
ජැන්ඩියට ඇඳගෙන,
රෝස ලා නිල් මල් අස්සෙ,
මොණරු අත ගාන,
රස්සාවට ගිය දා ඉඳං...
අනේ උඹෙ බොරු ආදරේ
කෑදරේ වුණ හැටි...
උඹ ගියා...
මං වැටුනා ,
මහා තට්ටු ගොඩ ගොඩනැගිල්ලක් වගේ,
ගඩොලින් ගඩොල,
කුඩු කරගෙන,
දුම් දාගෙන...
බාල බඩු ලාබෙට මාරුවෙන්,
පිට ඔපේ දීගෙන හැදුණට,
පාදම වත් හයිය නැති බව දැනගෙනම,
අවුරුදු දෙකක් කාබාසීනියා වුණ,
දැවැන්තයගෙනුත්,
අනේ උඹ යටි මඩි ගහපු හැටි...
හදපන්...
ආයෙත් උසම උස බිල්ඩිමක්...
අනේ...
ඒකවත් බාල බඩු නොදා...
.
...::: © විලෝචනා :::...
No comments:
Post a Comment
leave your comment here...