...::: ප්රතිචාර :::...
❤️ සමහර අදහස් තියෙනවා. එක පාරයි කියන්න වෙන්නෙ. සමහර reactions තියෙනවා. ඒක පාරයි react කරන්න වෙන්නෙ. 😊 සමහර Comments තියෙනවා එක පාරයි දාන්න වෙන්නෙ. ඒ හින්ඳම සමහර යාලුවො add වෙනවා. දන්නෙම නැතුව තත්පර ගානයි රැඳිලා ඉන්නෙ. 😊 මොකද ප්රතිචාර දැක්වීමේදී තිබෙන නොසැලකිල්ල හෝ පරිණත බව අඩු නිසා. 😊
.
අපි වත් දන්නෙ නෑ නොහිතා කරන කියන දේවල් වලින් අපිට අහිමි වෙන්නෙ මොන වගේ දේවල් ද කියලා. සමහර විට හොඳ ඇසුරක්, හොඳ යාලුවෙක් අහිමිවෙන්න පුලුවන්. සමහර විට අපි කෙනෙක්ව විවේචනය කරන විදිහෙන්ම අනික් අයට අපේ වරදක් පෙනෙන්න පුලුවන්. ඒ නිසාම දෙයක් දැක්ක පමණින් අදහස් ප්රකාශ නොකර හොඳට ටික කලක් අධ්යනය කරල, විමසා බලලා තමයි අවශ්යම නම් පමණක් අදහස් ප්රකාශ කරන්න ඕන. 😊
.
දකින දකින සෑම දෙයටම අපි ප්රතිචාර දැක්විය යුතු නෑ. තමන්ගෙත් අනුන්ගෙත් හිත් අපහසුතාවයට පත් නොකර හිටියම දවසම හරිම සැනසීමෙන් ඉන්න පුලුවන්. 😍 හැමෝම අපේ මතයට එකඟ වෙන්න ඕන නෑ. විවිධත්වය තමා ලස්සනක් ගේන්නෙ. 😊 ඒ නිසා තමන්ට උපමා කරලා කාටවත් හිරිහැරයක් කරදරයක් දුකක් නොවන විදිහට ජීවත් වෙන්න හිතන්න කතා කරන්න, ක්රියා කරන්න තමා අපි දක්ෂ වෙන්න ඕන. 😊 තෙරුවන් සරණයි 😊🙏
.
© විලෝචනා අබේකෝන්

2019/12/8 -10:51 AM

මම: අප්පච්චි ... මට ගිටාර් එකක් ගන්න ආසයි ... කැම්පස් ඉන්න කාලෙම ඉගෙන ගත්ත නම් හොඳයි ...
අප්පච්චි: ඉතිං ගමු එකක්.කීයක් වෙයිද?
මම: එක එක ගණන් වලට තියෙනවා,මට එච්චර හොඳ එකක් ඕන නෑ ... 11ක් විතර තිබුණොත් ඇති.
අප්පච්චි: හා ඉතිං අපි එකක් ගමු...
අප්පච්චි 15 000ක් දුන්නා.ඒත් එතනට ගියාම 13 000 කට තිබුණා Crusader එක.හිත ගියෙම ඒකට. මම අප්පච්චිට කඩේදි කෝල් කලා, කිව්වා 13 කට එකක් තියෙනවා, ඒකට තමයි ආස කියලා. අප්පච්චි කිව්වා හා කමක් නෑ ඉතිං ඒක ගන්න කියලා... ඉල්ලපු කිසිම දේකට නෑ බෑ කියලා නෑ ... අපිත් ඉතිං කවදාවත් එයාලට අනං මනං ඉල්ලලා කරදර කරලත් නෑ.ගෙදරදි Cover Song එකක් Record කරන වෙලාවට හැමෝටම නිවේදනය කරනවා සද්ද කරන්න එපා කියලා ... අප්පච්චිට කියනවා දොරට තට්ටු කරන්නත් එපා කියලා ... Sound Proof නෑ ... Mic නෑ ... අහිංසක Phone එකෙන් කරපු Covers අප්පච්චිට අම්මි FB එකෙන්ම පෙන්නලා ඇති. මොන දේ උනත් ...අප්පච්චි ගිටාර් එක අරන් දුන්න නිසයි දෙයියනේ කියලා නිවාඩු පාඩු වෙලාවක හිත නිවාගන්න ක්‍රමයක් ලැබුණේ.අප්පච්චි හරිම කලාත්මක හදවතක් තිබුණ සුන්දර මනුස්සයෙක් ...
.
උසස් පෙළ විභාගෙ ලියන්න යද්දි පිරිත් කරපු සඳුන් තෙල් කුප්පියකුයි පිරිත් නුලකුයි එයාම ළඟ තියාන පිරිත් කල Atlas පෑන් ටිකකුයි ගෙනත් දුන්නා... අප්පච්චි හරිම පිනවත් ධර්මානුකූල මනුස්සයෙක් ...
.
කැම්පස් ඉඳන් කෝච්චියෙන් ගෙදර යන දවසට නුවරට යද්දි රෑ 8.50 විතර වෙනවා ... දවසක් මම ගෙදර යද්දි චූටිඅයියත් නිවාඩු ඇවිත් ... එයා මගේ කාමරේ අරන් ... මම අයියා එක්ක රණ්ඩු වුණා ... මට වැඩ තියෙනවා ... මේක මගෙ කාමරේ ඔයා ඔයාගේ කාමරේට යන්න කියලා ... අයියගෙ කාමරේ ඒ වෙද්දි සුදු අම්මි(අපෙ නංගි) අරන්. ඒත් එයා ඒකෙ නිදා ගන්නෙ නෑ.අයියා ඒත් ඒකට යන්නම බෑ කිව්වා... මමත් අත ඇරියෙ නෑ ... අන්තිමට රණ්ඩුව දුර දිග ගිහින් අයියා ලෑස්ති වුණා මම යනවා කොළඹ කියලා ... අනේ අප්පච්චි ඇත්තටම අඬන්න පටන් ගත්තා ... මෙච්චර ලොකුවට ගෙවල් හදලා ඇයි මේ එක කාමරේකට රණ්ඩු වෙන්නේ...යන්න එපා සුදු පුතේ ... කී දවසකින්ද ඔයාලා ගෙදර එන්නේ. කිය කියා අප්පච්චි හයියෙන් ඇඬුවා...ඒත් අපෙ හැටි හොඳට දන්න අම්මි පැත්තකට වෙලා හිනා වෙනවා...අප්පච්චි තවමත් අඬනවා...අයියා යනවා කියලා ගියාට ගියෙ නෑ...හමුදාවෙ බොහොම තදටම නීති දාගෙන කොල්ලෝ දාස් ගණන් හදපු අප්පච්චිට අපි ළගදි එහෙම ඉන්න බෑ ... පහු වෙනිදා චූටි අයියා මට කතා කරලා චීස් ටින් එකක් දුන්නා ... අප්පච්චි හිනා වෙනවා...අප්පච්චි හරිම මෘදු හිතක් තිබුණ මනුස්සයෙක්...
.
අප්පච්චි යන්න ගියත්, අප්පච්චිගෙ මේ මතකයන් හැමදාද තියෙයි ... මෙහෙම ඉද්දි එක පාරටම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ අප්පච්චිගෙ කඩුවයි පීක් එකයි ... පින්තූරෙයි ... මල් වඩමයි මතක් වෙනවා ... ගියාද? ඇත්තක්ද? හීනයක්ද? ඉන්නවා නේද? එහෙම යන්නෙ කොහොමද හිතෙනවා ... දිග හුස්මක් අරන් කඳුලු පිහගන්නවා ...

— feeling missing.
Dec 17, 2016, 7:30 PM
😍අම්මි??? මේ අපෙ අම්මි??? අපෙ අම්මි ඉගැන්නුවා ඉටි ගෙඩියක්... 😂
.
බස් එකේ විනාඩි 10ක් යන්න බෑ ඉස්සර... කොළඹ තියා දුර ට්රිප් එකක් වත් යන්න බෑ... උදේ නැගිටින්නත් බෑ... පාඩුවේ කාමරේට වෙලා ඉන්නෙ... ගෙයින් පිට තනියම එක රැයක් ඉඳලා නෑ... කොටින්ම යාලුවෙක්ගෙ ගෙදරක වත් ජොලියට නතර වෙන්න දුන්නෙ නෑ...
.
ඔන්න ඊට පස්සෙ තමයි මාව එක පාරම ගිහින් දැම්මෙ විස්ස විද්යාලේ කියලා මහා භයංකාර තැනකට...
.
මං දැනගෙන හිටියෙ ඒකෙ උපාධියක් දෙන එක තමයි කරන්නෙ කියලා... භයානක සින්නො ඇවිත් නවක වදය දෙනවා කියලා...
.
පට්ට පල් බොරු... ගෙදර නැතුවට උදෙන් නැගිටින්න වුණා... හම්මේ බස් වල කට්ට කන්න වුණා... ඕන කරන කෑම හදන්න බැරි වුණාට... කෑම හදලා ඊට පස්සෙ නම් දැම්මා... අන්තිමට හොඳට උයන්නත් ඉගෙන ගත්තා හැබැයි... ඕන දිහාවක තනියම හරි ගිහිං වැඩක් කරන්න ඉගෙන ගත්තා... මේ හසරක් නැති රටේ එක එක පැති වලින් ආව විවිධාකාර විෂමාකාර මිනිස්සු අඳුන ගත්තා... රැවටුණා... පැරදුණා... රිදුණා... හිනාවුණා... සතුටු වුණා... බස් වල කැට අරං ගියා... කෝච්චි වල සින්දු කිව්වා... මහ රෑ පවා වැඩ වලට දුව දුව කට්ට කෑවා... ජීවිතේට පුස්තකාලෙකට ගිහිං විභාගෙකට වත් පොතක් අරන් පාඩම් කර්න්නෙ නැති මං ඉඳලා හිටලා හරි විභාගෙ කිට්ටු වුණාම පුස්තකාලෙට ගිහින් පොතුත් කියෙව්වා... පාන්දර එකට දෙකටත් නයි සර්ප විමණෙ practises ඉවර වෙලා ගිහින් නෑවා... ලෙඩ දුක තනියම දරාගත්තා... කන්න නැතුව හාල් ටිකක් ලිපේ තියලා පිටි කල පොල් කිරි දාලා කිරි බතුත් කෑවා... සමහර දවසට බෝඩිමට යද්දි නිදියන ඇඳ ඇරෙන්න වටේ සේරම තෙමිලා... හම්මේ ඒ ජීවිතේ... ඒත් ආසයි තවමත්... 😍
.
අන්තිමට එක දෙයක් තේරුම් ගත්තා... ඒ ලොකු අයියා කියපු කතාව ඇත්ත කියලා...
"ලොකු නංගි ඔයාට හොඳම විසඳුම තමයි කැම්පස් යන එක"
"අනේ මට උපාධියක් එපා"
"මේ අහනවකො, කැම්පස් යන්නෙ උපාධිය ගන්න විතරක් නෙවේ... එතන වෙනම දේවල් සෙට් එකක් ඔයා ඉගෙන ගනියි... ඔතන degree යට අමතරව තව තව දේවල් ඉගෙන ගන්න පුලුවන්... සමාජෙ ඉන්නව එක එක මිනිස්සු... ඔතනට එනවා ඔය හැම වර්ගෙම එවුන්... ඒ මිනිස්සු එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්නවා... හැමෝම මහමායා එකේ වගේ නෑනෙ... තමන්ගෙ දේවල් ටික තමන්ම කරගන්න හුරු වෙනවා... කටු කන්න හුරු වෙනවා... එක එක විදිහෙ එවුන් සෙට් එකක් එක බෝඩිමක ඉද්දි ප්රශ්න එනවා... අනික රැග් කරන සෙට් එකක් වෙනම ඉන්නවා... උපාධිය නෙවේ ඔන්න ඔය අත්දැකීම ටික අරං එනවකො... "
.
ඔව්! ඒ සේරම ඇත්ත... 😂 ඉගෙන ගත්තා සෑහෙන දේවල් ගොඩක්...හැබැයි... මැරෙනකල්ම මිනිස්සුන්ව නම් තෙරුම් අරගන්න බෑ... මැරෙනකල්ම ඉගෙන ගෙන ඉවරයක් කරන්න බෑ... හැබැයි අයියා කියපු දේවල් ඒ විදිහටම අත් දුටුවා... ඒත් මේ පෝස්ට් එකේ වගේ අම්මා එක්ක ගෙදරම හිටියා නම් මහත්තයො... ඔයාට take away සරණ තමයි 😂

...::: © විලෝචනා :::...
— feeling hyper.
2018/10/15 - 5:27 PM
________________________________________________________________________

.
Dec 18, 2015 2:15pm
________________________________________________________________________

.
ඒක අහපු ගමන් මට මාර චූන්

.
ඔන්න ඔහොම කාලය ගෙවුණා ... කසුන් කල්හාරගේ Romantic Opera එකේ සින්ඳු ඇහුවානේ කට්ටිය ...

.
අඳුරේ මැදියමේ
නිදි වරා
වැපිරූ සිහිනේ
කඳුළු අතුරා
පුළිඟු සැඟවූ සිහිනේ
මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න
සිහින අතැර ගිය ජීවිතේ
මරණ ආගාධයේ තනිකමේ
හිඳිමි මම
ඔබද එය දන්නවා
සිහින සොහොන ළඟ ජීවිතේ
නොමළ සිත සමග තනිකමේ
හිඳිමි මම
ඔබද එය දන්නවා
මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න
සොඳුරු ලෝකාන්තය මුදුනතේ
මතක භශ්මයන් හද දරා
හිඳිමි මම
ඔබද එය දන්නවා
නොඑනා සෘතුවක බර දරා
අහිමි හුස්මකට ළය අයා
හිඳිමි මම
ඔබද එය දන්නවා
මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න
.
ගායනය - කසුන් කල්හාර
සංගීතය - මහින්ද බණ්ඩාර
ගී පද - නාමල් ජයසිංහ
.
෴.ලෝචි.෴
.
Oct 21, 2015 9:55pm
______________________________________________________

.
ඔන්න අම්මිගෙයි අප්පච්චිගෙයි පින්තූරයක් දැම්මා FB එකට ...
අම්මි කාමරේට ආව වෙලාවක මම අම්මිට කතා කරලා පෙන්නුවා ...
මෙන්න ඔයාලගේ පින්තූරෙට 800 ගාණක් Likes දාලා කියලා ...
ඒ බලන අතරේ ඊට පහළින් මගේ පින්තූරෙකුත් තිබුණා ...
අම්මි ඒක බලලා...
කෝ ...
අපෝ වැඩක් නෑ... 

ඔයාට 10ක් නෙ ලයික් තියෙන්නේ කිව්වා ... (10K
).
Aug 05, 2015 1:29pm
__________________________________________________________________

ගිටාරයේ තත් පිරිමදින්න ...
ගහට මලට ආදරේ කරන්න ...
වැස්සට තෙමෙන්න ...
සිනාසෙන්න ...
එන්න,
ආදරේ කරන්න ...
තව දවස් තුනයි ...
.
Jul 12, 2015 10:16am
________________________________________________________

ළමයා -දුක සේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක් වත් කන්න ලැබේවිද?
සීයා -මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
.
ළමයා -තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරේ මට
සීයා - පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස
................................................................
මේ වගේ ආදරණීය සීයා කෙනෙක් සින්දු වල පොත් වල දැක්කට පස්සෙ
පළමු වතාවට මට මුණ ගැහෙන්නේ කැම්පස් ආවාම...
ඔව් ! ඒ තමයි බෝඩිමේ සීයා ...
මෛත්‍රී මාවතේ පහල ඉඳන් උඩට හෙමින් හෙමින්
දවසට දෙතුන් පාරක් පිය මනින අපේ සීයට
කම්මැලිකම මොකද්ද කියලා වත් තේරෙන්නෑ ...
ඔන්න ඊයෙත් වැස්සට ගහක් කඩන් වැටිලා හරි හරියට ඒක සුද්ද කරා ...
අද උල්පත් වතුර වැලි වලට හිර වෙලා ඒක හදලා ආවා ...
බැලින්නම් කකුල පුරා පොඩි පොඩි කූඩැල්ලෝ හත අටක්
සීයට පෙන්නෙත් නෑ මම කියද්දි කියද්දි අනුමානෙට අතින් එක එකා අයින් කලා ...
පෙරේදා කැම්පස් එකෙන් උඳු වඩයකුයි පෑන් කේක් එකකුයි ගෙනත් දුන්නා සීයට ...
සීයා හරිම ආසාවෙන් ඒවා ගත්තා ...
ඒ එක්කම සීයා අඬ ගහලා මට සුවඳ හඳුන් කූරු කීපයක් දුන්නා ...
බුදු පහන තියද්දි ඒවා පත්තු කළා හරිම පින්වන්ත සුවඳක් තිබුණෙ
මම බඩගින්නෙ වේලි වේලි ඉද්දි
සීයා ගෙනත් දෙන පාන් කෑල්ලයි ඉඳි ආප්ප මුලයි මට දිව්‍ය භෝජනයක් වුණා ...
ඉඳලා හිටලා කයියට වැටුණම හරි වටිනා දේවල් කියනවා ...
විභාගෙ ඉවර වුන ගමන් එයාට මාව එක්කන් යන්න ඕන කියලා හිතෙන විහාරස්ථාන කීපයක්ම කිව්වා ...
සීයා දීපු බණ පොත් වල තිබුණ දේවල් ගොඩක් වෙලාවට
මම මූණු පොතේ සාරංශ කරලා පල කලා ...පෙරේදා මට කියනවා
" කොහෙ යන්න ගියත් පුතේ ඉතිපිසෝ ගාථාව කියලා යන්න ...අත්දැකීමෙන් කියන්නෙ හරිම බලගතුයි..."

හදිසියෙම දුරකතනය නාද වුණා ...
නිදි මතේ පළවෙනි පාර අහක බලා ගත්තා ...
මෙන්න ආයෙත් පාරක් ...
හ්ම් !
අම්මි ...
" ඔහොමත් නිදියනවද ලොකු නැන්දිලා ? "
එතකොටයි මට සිද්ධිය තේරුණේ ...
අයියගේ ප්‍රියාවිය...
මගේ පළවෙනි නෑනා...
අප්පච්චිගෙයි අම්මිගෙයි පළවෙනි ලේලි ...
මේ පොසොන් පෝය දවසේ පාන්දර ...
පළවෙනි මුණුබුරා/මිණිබිරිය ...
අපිට දායාද කරලා ...
ඔව් !
තවම දන්නෙ නෑනේ ,
එයා දුවෙක්ද පුතෙක්ද කියලා ...
කවුරු උනත් ... ඇස් වහක් කට වහක් නෑ ...
අක්කි අයියා වගේම ලස්සනට ඉඳියි ...
ජේසු පිහිටත් ... තෙරුවන් සරණත් ...
එක ලෙස ලැබේවි ...
අක්කිට අයියට වගේම ...
අලුත් පැටියාටත් ...
.
Jun 02, 2015 9:30am
___________________________________________

හිනා වෙයන් ඉතින්,
ඇස් දෙක පුංචි කරගෙන ....
වශී කරපන් සංහතියක් ,
නැති කරපන් ඒ අස්සේ ,
මට මාවත් ....
ඔය හිනාවක්ද
නැත්තන් මායාවක්ද ?
මේ ඇහෙන්නෙ සින්දුවක්ද
නැත්තන් මන්ත්‍රයක්ද ?

Jun 18, 2015 7:03pm
Jun 18, 2015 7:03pm
____________________________________________

හදිසියෙම දුරකතනය නාද වුණා ...
නිදි මතේ පළවෙනි පාර අහක බලා ගත්තා ...
මෙන්න ආයෙත් පාරක් ...

හ්ම් !
අම්මි ...
" ඔහොමත් නිදියනවද ලොකු නැන්දිලා ? "
එතකොටයි මට සිද්ධිය තේරුණේ ...

අයියගේ ප්‍රියාවිය...
මගේ පළවෙනි නෑනා...
අප්පච්චිගෙයි අම්මිගෙයි පළවෙනි ලේලි ...
මේ පොසොන් පෝය දවසේ පාන්දර ...
පළවෙනි මුණුබුරා/මිණිබිරිය ...
අපිට දායාද කරලා ...
ඔව් !

තවම දන්නෙ නෑනේ ,
එයා දුවෙක්ද පුතෙක්ද කියලා ...
කවුරු උනත් ... ඇස් වහක් කට වහක් නෑ ...

අක්කි අයියා වගේම ලස්සනට ඉඳියි ...
ජේසු පිහිටත් ... තෙරුවන් සරණත් ...
එක ලෙස ලැබේවි ...
අක්කිට අයියට වගේම ...
අලුත් පැටියාටත් ...

Jun 02, 2015 9:30am
___________________________________________

හිනා වෙයන් ඉතින්,

ඇස් දෙක පුංචි කරගෙන ....

වශී කරපන් සංහතියක් ,
නැති කරපන් ඒ අස්සේ ,
මට මාවත් ....
ඔය හිනාවක්ද

නැත්තන් මායාවක්ද ?
මේ ඇහෙන්නෙ සින්දුවක්ද
නැත්තන් මන්ත්‍රයක්ද ?
.
May 19, 2015 11:32am
______________________________________
හිස ගොඩපර ගල්වා
මුහුණ සුදු හඳුන්,කස්තුරි කහ,කොකුම් ද
ගත දෙහි,මී පැණි ද ගල්වා ...
දොවා පේවී ...
නෙලුවෙමි කහ මල් ...
ඒ උතුම් පැතුම පතන්නට ...
.
ඒ පිනට එක් වෙන්න
මලසුනේ වැතිරෙන්න
පේ වෙලා පෙරුම් පිරු සුපුල් සත් මල් අතර
දැඟලුවා කැකුළකුත් ...
සමිඳු ළඟ මියැදෙන්න ...
කණගාටු පින් මදිව හැකිලිච්ච මල් ගැනය ..
.
කහමල් ගිලන් පස පුදා ...
සුවඳ කුරු,දීප දල්වා ...
තෙරුවන් නමැද ...
පැතූ ඒ පැතුම ...
මගේ මුල්ම ලෝකෝත්තර පැතුමයි ...
සාදු ! සාදු ! සාදු !
.

මුහුණ සුදු හඳුන්,කස්තුරි කහ,කොකුම් ද
ගත දෙහි,මී පැණි ද ගල්වා ...
දොවා පේවී ...
නෙලුවෙමි කහ මල් ...
ඒ උතුම් පැතුම පතන්නට ...
.
ඒ පිනට එක් වෙන්න
මලසුනේ වැතිරෙන්න
පේ වෙලා පෙරුම් පිරු සුපුල් සත් මල් අතර
දැඟලුවා කැකුළකුත් ...
සමිඳු ළඟ මියැදෙන්න ...
කණගාටු පින් මදිව හැකිලිච්ච මල් ගැනය ..
.
කහමල් ගිලන් පස පුදා ...
සුවඳ කුරු,දීප දල්වා ...
තෙරුවන් නමැද ...
පැතූ ඒ පැතුම ...
මගේ මුල්ම ලෝකෝත්තර පැතුමයි ...

සාදු ! සාදු ! සාදු !
.
May 16, 2015 8:44pm_________________________________________________
හදීසියේ මතක් වුණා ...
.
ඉරිදා දහම් පාසලට ගියේ ගොඩක් කැමැත්තෙන් ... සමහර දවස් වලට මම යද්දි කවුරුත් ඇවිත් නෑ ...හාමුදුරුවෝ පහල අතුගාන කොට මම විහාරය වටේට අතුගානවා ... අපිට උගන්නන්න කවුරුත් නැති වෙලාවට සහ Interval එකේදි ලොකු පන්ති වල ළමයි කල්ලි ගැහෙද්දි ... මම ඉන්නෙ පුංචි නංගිලා මල්ලිලා එක්ක ... අක්කිගෙ කොණ්ඩෙ ලස්සනයි කිය කිය කොණ්ඩෙ අතගාන මූණ මිරිකන චූටි කෙලි පැටික්කියෝ අස්සේ කරේ එල්ලිලා කොණ්ඩෙ අදින නසරානි කොලු පැටව් මැද්දේ මට දහම් පාසල පෙණුනෙ දිව්‍යෙලා්කයක් වගේ ... පොඩි එවුන් එක්ක දුවලා පැනලා සෙල්ලම් කරන මේ ජවනිකාව බලන්න විවේක කාලෙදි දහම් පාසලට ආගන්තුකයෙක් එන්න පටන් ගත්තා ... මමත් නොදැන ... දවසක් හදීසියෙම මේ ආගන්තුකයගෙන් ආදර පණිවිඩයක් මට ලැබුණා ... කිසිම අදහසක් නොතිබ්බ මම මුණිවත රැක්කා ... මේ ආගන්තුකයා කවදාවත් මගේ මූණට හමුබුණත් කතා කලේ නෑ ... ජීවිතේ පළවෙනි සහ අන්තිම වතාවට දවසක් මම හවස Cadeting Practices ඉවර වෙලා එද්දි හදිසියේම මේ ආගන්තුකයා මම යන මගට වැටිලා යන ගමන් හිනා වෙලා ඇහුවා "ආ නංගි ... ඉස්කෝලෙ ඇරිලා දැන්ද එන්නෙ ? " කියලා ... මම කිව්වා ..." නෑ අයියා Practices" තිබ්බා කියලා ... අනේ දැන් ඉන්න පිරිමි ළමයි එක්ක බලද්දි දාහෙන් සම්පතයි කිසි කරදරයක් තිබුණෙ නෑ ... ඒත් කොහෙන් හරි ඕක අයියට ආරන්චිවෙලා අයියා වගේම Driver ට බයේ මෙයාගෙ සද්දයක් නැතුවම ගියා ... අන්තිමටම දැක්කේ නුවර ලාදුරු හොල්ට් එකේදි ... කාලෙකින් ආරන්චි වුණා ගමේ මරණයක් ගැන ... මම හීනෙකින් වත් හිතුවෙ නෑ ...එහෙම දෙයක්... එයා හොඳ කරන්න බැරි ලෙඩකින් මේ ලෝකේ දාලා ගිහින් තිබුණා ... ජීවිතේ හරි පුදුමයි ...
May 13, 2015 9:15pm
_______________________________________________
ලොකු නිවාඩුවකට පසසේ බෝඩිමට ආවෙ පෙරේදා ...
එනකොට සීයට වගේම බෝඩිමේ හැමෝටම යෝගට් අරන් ආවා ... ටිකකින් සීයා ගෙට ගොඩ වුණා තෑගි පාර්සලේකුත් අතින් අරන් ... සීයා අවුරුදු උත්සවේ හොඳම බොරුව කියලා දිනලා ...
කියපු බොරුව පස්සේ කියන්නම් කිව්වා ...
ෆ්‍රිජ් එකේ තිබ්බ සීයගෙ යෝගට් එක ගෙනත් සීයට ඒ වෙලාවෙ දුන්නා ...
........................ ඊයෙ උදේ වරුවෙ උයන්න බැරි වුණා කියලා සීයට කිව්වම සීයා පාන් බාගෙයි කෙසෙල් ගෙඩියයි ගෙනත් දුන්නා ... එතකොටයි මට මතක් වුණේ සීයට අවුරුද්දට ගෙනාව සරම දෙන්න ... සීයට මම සරමක් ගෙනාවා කියලා අතට දෙද්දි සීයගේ මූණේ සතුටත් එක්ක පිපුණ හිනාව හරිම පින් පාටයි ... ඔලුව අතගාලා බුදුසරණයි පුතේ කියලා මෙන්න අවුරුද්දට මගෙන් කියලා රස කේක් කෑල්ලකුත් ගෙනත් දුන්නා ...
................. ඔන්න අදත් මට කතා කරලා පාන් පෙති කීපයක් දුන්නා ...
මගේ කාමරේ පැත්තක ගොඩ ගහලා තිබුණ මලු ටික දිහා සීයා බලද්දි තමයි මට මතක් වුණේ මැයි මාසෙ දෙන්න ඉන්න දානෙ ගැන සීයට කියන්න ...කෑගල්ලේ ළමා නිවාසයට දෙන්න ඉන්න දානෙ ගැන විස්තර කලාම සීයා කිව්වා මමත් මොනවා හරි අරන් දෙන්නම් කියලා ... පින් කටයුතු තනියම කරලා බෑ ... තව අය හවුල් කරගන්න කිව්වා ... සීයා කිව්වත් වගේ දන්න කියන අයට දානෙ ගැන කියලා ආධාරත් ලැබුණා ... රෙදි සහ දෙන්න තියෙන බඩුත් සේරම ගත්තා ... සීයට මම කිව්වා එහෙනම් සීයා රු.100ක් දෙන්න මට ඇඳුම් වලට ගෙවන්න කියලා ... සීයා හරි පුතේ මම හවසට දෙන්නම් කියලා යන්න ගියා ...
................ සීයා හැමදාම සීයාගෙම දරුවෙක්ට වගේ මට සැලකුවා ! සීයට මාව තවත් බෝඩිං කාරියක් වුනේ නෑ ... සීයට දීර්ඝායු වේවා!
-------- --------- -------- ----- ------- --- ------ ---- ------ ------- ---- ----
ඉමිනා පුඤ්ඤ කම්මේන
මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා
.
"මා විසින් කරන ලද පින්කම්
හේතු කොට ගෙන....
නිවන් දක්නා ජාති දක්වා
අසත්පුරුෂ ජනී ජනයා
ඇසුරට නොලැබේවා...!
සත්පුරුෂ කල්‍යාණ මිතුරන්ම
ඇසුරට ලැබේවා...!"
ඔබ සැමට තෙරුවන් සරණයි...!
Apr 29, 2015 12:14pm
_______________________________________________________________
ගෙදරින් ආදරේට බර බරේ දාද්දි ... අනිකත් එක්ක ගිහින් දිය ඇලිවලින්,ලෝකාන්තෙන් පැනලා එහෙම නැත්තන් කෝච්චියට පැනලා,එක්කො එල්ලිලා මරෙන ඒවා දැක්කම මම හිතලා බැලුවා මට එහෙම පුළුවන්ද කියලා ...
දන්නේ නෑ අනික් අයට කොහොම හිතෙයිද කියලා ... 
.
අම්මෝ ඒ හිනාව ...
ඒ ලස්සන හිනාවට මොනවා වෙයිද ...
හුරතල් කතා කියන ඒ කඩහඬට පුළුවන් වෙයිද කවදාවත්
ඒ වෙලාවට දැනෙන වේදනාව කියාගන්න...
පොඩි සීරීමක් දැක්කත් හිතට කොච්චර නම් වද දෙනවද...
එහෙව් එකේ ඔහොම වෙලාවක ආදරෙන් අතගාන ඔලුව
කොහෙ හරි වැදිලා ඔලු කට්ට පිපිරුණොත් ...
ලස්සන ඇස්දෙකේ මොනවා හරි ඇණුනොත් ...
සිනිදු අත පය කොහෙ හරි වැදිලා කැඩිලා බිඳිලා ගියොත් ...
ඔක්කෝමත් හරි මම මැරිලා එයා අබ්බගාත වෙලා ඉතිරි වුණොත් ???
කව්ද අම්මා නැති කාලෙක එයාව බලාගන්නේ ...
අම්මෝ ! බෑ බෑ ... මට නම් බෑ ...
සංසාරෙ කළ පව් එයත් එක්ක ගෙවන්න බෑ ...
මගෙ පව් ඒ අහිංසක ජීවිතේ පිටින් යවන්න බෑ ...
ඒ රත්තරං අම්ම අවුරුදු විසි ගානක් තිස්සෙ දුක් විඳලා හැදුව ...
අහිංසක පැටියව මට උදුරගන්න බෑ ...
හැබැයි කවදා හරි මැරෙන්න කලින් ...
ඒ අත් දෙකෙන් කරවන්න පුළුවන් තරම් උපරිම පින් කරනවනවා ...
මේ කරලා තියෙන පව් එක්ක අපි ආයෙ සංසාරෙ කවදා මුණගැහෙයිද දන්නේ නෑ ...
ඔහොම ලෝකෙ අතඇරලා ගිහින් එයා සංසාරෙ අතරමං වුනොත් ...
අපිට පුංචි පිනකින් අපිව මුණ ගැහුණා ...
ඒ පිනෙන් උපරිම ප්‍රයෝජන අරන් ජාති ජාතිත් එකට ඉන්න පින් කරගන්නවා ඇරෙන්න එයාට එහෙම මනුස්ස ආත්මෙ නාස්ති කරගන්න දෙන්න බෑ ...
මොකද මං එයාට ආදරෙයි !
.
෴ලෝචි.෴
Apr 28, 2015 8:31pm
2014-11-02 8.013 AM
------------------------------------------------------
ෆොටෝ එකකට කෙනෙක් දාන එක කමෙන්ට් එකකින් කොහොමද ඒ තරම් අපිට කමෙන්ට් කරන කෙනාගේ තත්වය තේරෙන්නේ ??? ඒ මනුස්සයා About එකේ වත් දාපු නැති තරම් ??? Profile picture එකක් උඩ ඉඳන් පහලට බලන් යද්දි ... අනේ මන්දා :/ :O
2014-10-31 8.02 PM
------------------------------------------------------
ඇත්ත අය බොරු අය අතරේ ...
හොඳ අය නරක අය අතරේ ...
ඇත්ත අයත්,
හොඳ අයත් ,
වෙන්කර හැඳිනීමට,
ඇති නොහැකියාවෙන් ,
සංවාදයේ යෙදීමට සිත දක්වන මැලිකම ,
සාධාරණ යැයි මට සිතේ :/
2014-10-26 2.38 PM
------------------------------------------------------
තේරුණා මට හොඳටම
ඔය එන්නේ නම් හොඳ දේකට නෙවේ කියලා ...
කිසිම හේතුවක් නැතුව අහනවා මොකද කරන්නේ කියලා ...
මම වැඩ කියලා මග ඇරියා
එත් පස්සෙන් ඇවිත් අහනවා
අයියා Facebook එකට Message එකක් දාලා ඇති කියලා ...
Link එක කොහේ පේන්නද
මම කලින්ම එයාව Block කලානෙ
අපෝ කනක් ඇහෙන්න නෑ
මම ආයෙ Unblock කලා
බොරුවට කලින් දැකලම නෑ වගේ බලනවා අම්මිත්
අපෝ ...
මට මගුලක් කතා කරලා කියන්නේ
එයාව පෙන්නන්න තමයි ඔක්කොම
අනේ කොල්ලගේ වරදක් නෑ ඒත් ,
අම්මෝ උස :O
පෝරුවෙන් බැහැලා කඩු අස්සෙන් යන්න කියලා කියනවා ඔන්න මට :/
අනේ ... :(
ඒත් ... o.O
2014-10-20 8:25 AM
------------------------------------------------------
එක තත්පරේකට ...
අපිට කිසිම දෙයක් නැනේ කියලා හිතලා ...
එකින් එක තියෙන දේවල් ගණින කොට හිතෙනවා ...
අපිට ගොඩාක් දේවල් තියෙනවනෙ දෙයියනේ කියලා ...
2014-10-10 1:12 AM
------------------------------------------------------
2014-9-22 12:13 AM
------------------------------------------------------
------------------------------------------------------
2014-8-1 11:04 AM
------------------------------------------------------
2014-7-23 9:00 AM
------------------------------------------------------
මගේ අතට Guitar එක දීලා
මගේ අතට Camera එක දීලා
මගේ අතට Harrison Guide එක දීලා
මගේ අතට පින්සල් ටිකයි පැන්සල් ටිකයි දීලා
මගේ අතට Laptop එක දීලා
මට Rock උණ හදවලා
මට Phone එක එපා කරවලා
ඔයා යන්න ගියා
දරුවෙක් ඉන්න අම්මෙක් ළඟට...
2014-6-29 7:16 PM

November 5
2014-11-06 6.34 PM------------------------------------------------------ ඕනම තැනකදි තමන් පරිස්සම් වෙන්න ... තමන්ගෙ බඩු පරිසසම් කරගන්න, තමන්ගෙ දේ තමන්ට වටින නිසා ... කා ගැනවත් සැකේට නෙවේ ... කව්රුත් සැකේට ලක් වුණාට පස්සෙත් නෙවේ ... මුල ඉඳලම පුරුදු වෙන්න ... අනික් අයට... තමන්ට වරදක් කරන්න තියෙන හැම අවස්ථාවක්ම... අඩු කරන්න පුළුවන් තමන් තමන්වයි තමන්ගේ බඩුයි පරිස්සම් කරගත්තම ... උඹ මට ලොකු උදව්වක් කළේ ... මේ ටික මට ඒත්තු ගන්නලා ... ඒකට ගොඩක් පින් ... තමන් කා එක්ක හරි ගණුදෙනුවක් කලොත් සටහන් කරගන්න ... තමන්ගෙ වියදම් රුපියලේ ඉඳලා සටහන් කරගන්න ... ඒ ලෝබ කමට නෙවේ... දවසක ඒක තමන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි... කව්රු හරි තමන්ට දෙයක් දුන්නොත් ඒක මතක තියා ගන්න ... බැරි නම් ලියලා තියා ගන්න ... තමන් කාගෙන් හරි ණයක් ගත්තොත් ඒක සටහන් කරගෙන අනිවාර්යයෙන් ඒක නැවත දෙන්න ... අනික් මින්ස්සු කරන කල් බලා නොඉඳ තමන් මුලින් පටන් ගන්න ... ඒත් ... අනික් අය ඒ විදිහට වෙනස් වෙන්නේ නැත්තන් ... අනික් අය කව්ද කියලා අවබෝධ කරගන්න ... ඒකයි තමන්ට වැදගත් වෙන්නේ ... අනික් කාට හරි තමන්ගෙන් අපහසුතාවයක් සිදු වෙනවා නම්, ඒවා මග හැර ගන්න ... කාගෙන් හරි මේ දේවල් තමන්ට වෙනවා නම් හිතේ තියන් නොඉඳ කෙලින්ම ඒ බව දන්වන්න ... ඒත් ප්‍රතිපලයක් නොවේ නම් ... ඉවසන්න ... ඉවසන්න බැරි නම් ඉවත් වෙන්න ... උඹයි මට මේ සියල්ල කියා දුන්නේ ... උඹට පින් ... මගේ දයාබර සරසවිය ... උඹ ... දිනෙන් දින ඔප මට්ටම් කරනුයේ ... මගේ දැනුම නොව ... මගේ අනාගතය ... මගේ ජීවිතය ... තුති !!! |
2014-11-02 8.013 AM
------------------------------------------------------
ෆොටෝ එකකට කෙනෙක් දාන එක කමෙන්ට් එකකින් කොහොමද ඒ තරම් අපිට කමෙන්ට් කරන කෙනාගේ තත්වය තේරෙන්නේ ??? ඒ මනුස්සයා About එකේ වත් දාපු නැති තරම් ??? Profile picture එකක් උඩ ඉඳන් පහලට බලන් යද්දි ... අනේ මන්දා :/ :O
2014-10-31 8.02 PM
------------------------------------------------------
ඇත්ත අය බොරු අය අතරේ ...
හොඳ අය නරක අය අතරේ ...
ඇත්ත අයත්,
හොඳ අයත් ,
වෙන්කර හැඳිනීමට,
ඇති නොහැකියාවෙන් ,
සංවාදයේ යෙදීමට සිත දක්වන මැලිකම ,
සාධාරණ යැයි මට සිතේ :/
2014-10-26 2.38 PM
------------------------------------------------------
තේරුණා මට හොඳටම
ඔය එන්නේ නම් හොඳ දේකට නෙවේ කියලා ...
කිසිම හේතුවක් නැතුව අහනවා මොකද කරන්නේ කියලා ...
මම වැඩ කියලා මග ඇරියා
එත් පස්සෙන් ඇවිත් අහනවා
අයියා Facebook එකට Message එකක් දාලා ඇති කියලා ...
Link එක කොහේ පේන්නද
මම කලින්ම එයාව Block කලානෙ
අපෝ කනක් ඇහෙන්න නෑ
මම ආයෙ Unblock කලා
බොරුවට කලින් දැකලම නෑ වගේ බලනවා අම්මිත්
අපෝ ...
මට මගුලක් කතා කරලා කියන්නේ
එයාව පෙන්නන්න තමයි ඔක්කොම
අනේ කොල්ලගේ වරදක් නෑ ඒත් ,
අම්මෝ උස :O
පෝරුවෙන් බැහැලා කඩු අස්සෙන් යන්න කියලා කියනවා ඔන්න මට :/
අනේ ... :(
ඒත් ... o.O
2014-10-20 8:25 AM
------------------------------------------------------
එක තත්පරේකට ...
අපිට කිසිම දෙයක් නැනේ කියලා හිතලා ...
එකින් එක තියෙන දේවල් ගණින කොට හිතෙනවා ...
අපිට ගොඩාක් දේවල් තියෙනවනෙ දෙයියනේ කියලා ...
2014-10-10 1:12 AM
------------------------------------------------------
:( :( :( :( :( :( :( :( :( :( :(
සිනාවයි සිත් සුව පත් කලේ...
මනාවයි බෝ මන ගෙන ගියේ...
ඉනාවයි මට පරහට ගියේ...
මුලාවයි මගෙ උරුමය හැඟේ :(
තත්පරක් නුඹ නොමැතිව බැරී...
මහමෙරක් සිත සෙනෙහස දැරී...
හද පෙරත් නුඹ වැන්නන් පිරී...
නුඹත් උන් මෙනැ දැක කලකිරී :(
මට නොවිය මිතුරිය සම උවන්...
මට නොවිය නුඹ පැරදූ සුරන්...
එකම හැලියේ බත් කා උයන්...
නුඹයි විමසුවෙ සිත මග බලන් :/
කබායට මදි ඇඟ පත නුඹේ...
සීනුවට උස මදි විය නුඹේ...
අමතකද නෑ පුවතක් නුඹේ...
කෙලෙස නම් අදහමි ගති නුඹේ :(
පිරිමි නම් හිත සැනසිය හැකි...
වෙනෙකු නම් ඒ වුව දැරි හැකී...
නුඹත් එලෙසය මුහුණට නොකී...
නුඹයි අවසන් කත සිත රැකී (y)

අපි තුන්දෙනයි...
අකුරු තුනයි...තුන්දෙනාට තුන්දෙනා ආදරෙයි... ඒකත් මාර ආදරයක්... මං කැව්වා ඔයාලා දෙන්නටම... අපි තුන්දෙනාම එකම ටී ෂර්ට් මාරු කරන් ඇන්ඳා... කැලේ ගියා ... ගඟට ගියා ...ඇවිද්දා ... සින්දු කිව්වා ... තුන් දෙනාගෙන් දෙන්නෙක් දැක්කා අළුත් හීනයක්... දෙන්නට දැන් අනිකා හිටියද වත් මතක නෑ ... එකෙක් වැස්සේ තෙමෙනවා ... අනික් දෙන්න කුඩේ අස්සේ ... නිකං මොකටද උදැල්ල දාන්නේ ? වැස්සේම කඳුළු හංගන් පණ වගේ අනික් උන් දෙන්නට පාඩුවේ ඉන්න දීලා ... එකෙක් කැපුණා ... ඒත් දවසක් එක කුඩේ අස්සේ බද වැස්සේ හවස කලුවරේ ඉස්සරහින් එකෙක් එක අතක් අල්ලන් පිටි පස්සෙන් මැද්දට නොපෙනෙන්න අනික් අත අල්ලන් ගිය තුන් කොන් ආදරේ දැකලා එකෙක් හිතාගත්තා ... මං කැම්පස් යනවා කොහොමහරි කියලා ... ඔව් මං හිතාගත්තෙ එහෙම ... ඒත්, ඔයාලා දෙන්නට දෙන්න අද මූණ වත් නොබලන තරම් වෛරක්කාරයෝ ... "ඔයාගේ උපන් දිනේට එයා එනවා නම් මම එන්නෑ " කියන්න තරම්... එක්කෙනෙක් හම්බුණේ Chemistry Class එකේදි ... ලස්සන කෙල්ල ... දැක්ක කොල්ලෙක් දෙපරෙක් නොබැලුවෙ නෑ ... ඒ මගේ ජීවිතේ දෙවෙනි සහ අන්තිම විස්වාස කිරීම ... කෙල්ලන්ව ... අනිකා මගේ හොඳම යාළුවා ... ලස්සන කොල්ලා ... කාටත් හිත යන සින්දු කියන,Instrument Play කරන,නටන මගේ ටයිප් කොල්ලා ... පුදුම කටක්... හැබැයි පාරෙ යන කෙල්ලෙක් වත් එයා විහිළු කලාම බනින්නෑ... කොල්ලා හැඩයි ...එයා මට කිව්වේ නංගි කියලා ... කොල්ලගේ Photo එක අතේ තියන් මං ගණන් හැදුවේ... සංඛ ්‍යා රසායනය ... ස්ටොයිකියෝමිතිය නෙවේ ... දෙන්නටම මං ආදරෙයි ...පණ වගේ ... කොල්ලගේ Photo එක දැකලා යාළුවා එයාට ආදරේ කරන්න ගත්තා ... දෙන්නා සෙට් වුණා මං නිසා ... ටික කාලයයි ගියේ ... කෙල්ල වෙනම මාව හොයන් ගෙදර ආවා ... කොල්ලා වෙනම මාව හොයන් ගෙදර ආවා... ආයෙත් අමාරුවෙන් සෙට් කලා ... ඔන්න ටික කාලෙකින් කලින්ටත් වඩා මාව හැළුවා ... තදටම ... මං ඇඬුව තරම් , මම වැටුණ තරම් දන්නේ නෑ ඔයාලා දෙන්නම ... ඒත් වැඩි කල් හිටියේ නෑ ඔයාලා එකට ... කාලෙ ගත වුණා... මං ආවා කැම්පස් ... :) 2014-9-2 3:04 PM |
------------------------------------------------------
එන්න සඳැස් නිසඳැස් කරනට ... ^_^
රූරා වැටෙන කඳුලැල් තනිකම් විඳලා :'( තනියෙන් වැලපෙනා සිත උණුසුම් කරලා o.O මුහුණු පොතේ මුහුණු එකින් එක බලලා B| සිතු සිතු දේ ලියන්නට මං හෙළි කරලා :( මිතුර පසමිතුර ලියනුය එක් වදනක් :) හිතට හිතෙන සරිලන එක හෝ වදනක් ^_^ මේ තනි කම නිවන්නනට හැකි එක වදනක් ♥ නුඹට හැඟෙන දනවන ඕනම වදනක් :* |
2014-8-1 11:04 AM
------------------------------------------------------
ආයේ කවදාවත් බලන්න වෙන්නේ නැති වෙයි හිතෙනවා
මේ හැම දේ දිහාම හොඳින් බලන්න හිතෙනවා ආයේ කවදාවත් අහන්න වෙන්නේ නැති වෙයි හිතෙනවා මේ හැම දේම හොඳින් අහන්න හිතෙනවා ආයේ කවදාවත් විඳින්න වෙන්නේ නැති වෙයි හිතෙනවා මේ හැම දේම හොඳින් විඳින්න හිතෙනවා |
2014-7-23 9:00 AM
------------------------------------------------------
මගේ අතට Guitar එක දීලා
මගේ අතට Camera එක දීලා
මගේ අතට Harrison Guide එක දීලා
මගේ අතට පින්සල් ටිකයි පැන්සල් ටිකයි දීලා
මගේ අතට Laptop එක දීලා
මට Rock උණ හදවලා
මට Phone එක එපා කරවලා
ඔයා යන්න ගියා
දරුවෙක් ඉන්න අම්මෙක් ළඟට...
2014-6-29 7:16 PM
No comments:
Post a Comment
leave your comment here...