
අමතක වෙලා ගිහින්
කිසි වගතුගක් නෑ...
ලැබෙන කල් දැඟලුවට
දැන් කිසි වගක් නෑ...
අවුරුදු 7ක් වින්ඳ
දහ දුක් නිමක් නෑ...
මේ බටේ හිර වෙලා
උන්නට පලක් නෑ...
.
මතකයිද මං පතා
උඹ කෙරුව හරිය...
දහක් බාධක මැද්දෙ
ගන්න දැරු විරිය...
එදා උවමනාවට
අද ඉඩක් නැතිය...
බැඳෙන්නට ආදරෙන්
පෙර වගේ බැරිය...
.
රතු පලස් මැද්දෙ
මහ සෙනගෙ හද ගැස්සේ...
මං අතින් අල්ලගෙන
පඩි පෙලෙන් බැස්සේ...
අද නැතත් තෙමෙයි හෙට
සල්ලි කොල වැස්සේ....
අනේ එළියට ගනිං
ඉන්න බෑ අස්සේ...
.
දනිමි අඩු කුලේ මං
ඒක නොවැ කරුම...
කොම්පියුටරෙට පිනට
තමයි ඉඩ බොහොම...
කලාවට නෑ ඉඩක්
එයයි ලෝ දහම...
කාරි නෑ කවද හරි
ඕන වෙයි මම ම...
.
නැටෙව්වා ඇති ඉතිං
සිරා වී බලපං...
අල්මාරියේ තියලා
පින් කලා ඇති දැං...
උඹ ready ද මමත් ready
Gear up කලොත් බං...
මං උඹේ උපාධිය
දැං වත් වැඩක් ගං...
No comments:
Post a Comment
leave your comment here...